Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » REDBULL බිව්ව නම් වන්දි ඉල්ලා ගන්න

Redbull ශක්තිජනක පානය පානය කළ පාරිභොගිකයින්ට වන්දි ගෙවීමට එම සමාගමට  නියෝග කෙරෙයි. ඇමරිකානු අධිකරණයක් මගින් දී ඇති තීන්දුවක් අනුව මෙලෙස සිය පාරිභෝගිකයින් මිලියන 1. 3 කට වන්දි ගෙවීමට එම සමාගමට සිදුවී තිබේ. 

Redbull ශක්ති ජනක පානයක් බව හදුන්වා දෙමින් ඒවා අලවි කලද  එම පානය මගින් කිසිදු ශක්තියක් නොලැබෙන බවට පාරිභෝගිකයින් පිරිසක් ඇමරිකානු අධිකරණයක් හමුවේ කළ පැමිණිල්ලක් විභාග කරමින් එම අධිකරණය මෙම තින්දුව  දී ඇති බව වාර්තා වෙයි.
Redbull පානයෙන් ශක්තිය ලැබෙ බවට ව්‍යාජ වෙළද දැන්වීම් සකසමින් පාරිභෝගිකයා නොමග යවා ඇති බවට එම සමාගමට එරෙහිව  චෝදනා එල්ල වී තිබේ.

Redbull පානයෙන් ශක්තිය ලබෙන බවට කිසිදු විද්‍යාත්මක තහවුරු කිරීමක් නොමැති බව ද මෙහිදී හෙළිවී  තිබේ.මේ නිසා මෙම පැමිණිල්ල ගොනුකළ පාරිභෝගිකයින් 2002 වසරේ සිට Redbull පානය කරන බව සදහන් කර ඇති අතර එම වසරේ පටන් 2014 ඔක්තෝබර් 3 වනදා දක්වා Redbull පානය කළ පාරිභෝගිකයින්ට වන්දි ගෙවන ලෙස එම අධිකරණය නියෝග කර තිබේ.

මේ අනුව එම කාලය තුළ Redbull පානය කර ඇති මිලියන 1. 3 ක පාරිභෝගික පිරිසකට  ඩොලර් මිලියන 13 ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර තිබේ.මේ අනුව සෑම පාරිභෝගිකයෙකුටම ඩොලර් 10  ත් 15ත් අතර වන්දි මුදලක් හිමිවනු ඇති බව විදෙස් වාර්තා කියයි.

2015 මාර්තු 2 වන දිනට පෙර මෙම වන්දි සදහා ඉල්ලුම් කළ හැති අතර ඒ සදහා අන්තර්ජාලය ඔස්සේ හෝ දුරකථනයෙන් අමතා ඉල්ලුම් කළ හැකි බව විදෙස් වාර්තා කියයි. 

දුරකථනයෙන් අමතන්නේ නම් 877-495-1568 දුරකථන අංකයෙන් ඇමතිය හැකි අතර  අන්තර් ජාලය ඔස්සේ ඉල්ලීම් කරන්නේ නම් http://energydrinksettlement.com/claim යන  පිටුවට ගොස් ඔන්ලයින් අයදුම්පතක් පිරවිය හැකිය. 


මෙම වෙබ් අඩවියට දරාගත නොහැකි තරම් පිරිසක් පිවිස ඇති නිසා මේ වනවිට එහි කටයුතු අවහිර වී ඇති අතර නුදුරේදීම එය යථා තත්වයට පත්කරන බව එහි සදහන් වෙයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply