ලින්ඩ්සේ ලෝහන් සහ ඉගෝ තරබසොව් අතර ප්‍රේමයක් හට ගැනුණේ මෑතකදීයි. ටික කාලයකින්ම මේ සුපිරි හොලිවුඩ් නිළියගේත් රුසියානු ජාතික ව්‍යාපාරිකයාගේත් පෙම් කතාව නිමාවට පත්වුණා.
ඒ සමඟම විවිධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් උත්සාහ කළේ ලින්ඩ්සේ - ඉගෝ සබඳකම පැවැති කාලයේදී සිදුවූ අමිහිරි සිදුවීම් හාරා අවුස්සන්නයි. පසුගිය දා, රුසියාවේ රාජ්‍ය රූපවාහිනී නාළිකාවක ජනප්‍රිය සංවාදාත්මක වැඩසටහනකින් ලින්ඩ්සේට ඇරයුමක් ලැබුණේ ද එවැනි ලට-පට අවුස්සන්නට මිස වෙනත් විශේෂ කාරණයක් කතාබහ කරන්නට නොවෙයි.
ලින්ඩ්සේ එම ඇරයුමට ප්‍රතිචාර දැක්වූයේ ඇගේ ඉල්ලීම් කිහිපයක් ඉටුකළොත් වැඩ සටහනට සහභාගි වන බව ප්‍රකාශ කරමින්. මේ සුපිරි තාරකාවිය පවුම් 500,000 ක් සහ රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින්ව මුණ ගැසීමට අවස්ථාව සලසා දෙන්නැයි ඉල්ලා සිටියා. මේවා පමණක්ම නොවෙයි, රුසියාවට යෑමට ඇයටම වෙන්වූ ගුවන් යානයක්, වසරක කාලයක් සඳහා රුසියානු වීසා බලපත්‍රයක් සහ ලොව අනර්ඝතම සමාගමක නිෂ්පාදිත වටිනා ඇඳුම් කට්ටලයක් ද මේ ඉල්ලීම්වලට ඇතුළත් වෙනවා.
ලින්ඩ්සේගේ ඇතැම් ඉල්ලීම්වලට රූපවාහිනී චැනලය එකඟ වී තිබෙනවා. නමුත් ඇය සමඟ තවදුරටත් මේ ගැන සාකච්ඡා කරන්නටයි එහි බලධාරීන් තීරණය කර ඇත්තේ.
breaking news - foreign gossip
අනූව දශකයේදී මධුරි ඩික්සිත්ගේ රංගනය උන්මාදයක් වූවා යැයි කීම වරදක් නැහැ. රසික ආකර්ශනය ඉහළින් දිනාගත් බොලිවුඩ් නිළියන් අතරේ මධුරිගේ නර්තනය සුවිශේෂි වුණා. මධුරි රගනයෙන් දායක වන සිනමා නිර්මාණ ඇයගේ අපූරු නර්තනයෙන් වඩාත් සුන්දර වෙන්නත් හේතු වුණා.
මධුරි පසුගිය දවසක රියලිටි නර්තන තරගයක විනිශ්චයකට දායක වුණා. මටත් මගේ තාත්තා නිතරම සිහි වෙනවා. ඇය එහිදී පැවැසුවේ බොහොම හැඟීම්බරව. එහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවා.
මේ රියලිටි තරගාවලියේ ආර්යන් පත්‍රා නම් තරුණයා ඉදිරිපත් කළ නර්තනය ඇය මෙන්ම විනිශ්චය මණ්ඩලයේ සිටි අනෙකුත් සමාජිකයන් දෙදෙනාවත් සංවේදි කළා. ඔහු ඉදිරිපත් කළ නර්තන අංගයෙන් කියවුණේ ‘පියෙකුගේ සැඟවුණු ආදරය’ ගැනයි. අද ගොඩක් දරුවන්ට අම්මා තාත්තා තමන් වෙනුවෙන් කළ දේවල් අමතක වෙනවා. එහෙම නොවී ඉතාම ආදරයෙන් ඔවුන් රැකබලා ගත යුතුයි. මට නිතරම මගේ තාත්තා සිහිපත් වෙනවා. මේ නර්තනය දුටුවාම එය තව තවත් වැඩි වුණා. මධුරි කිව්වේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.
breaking news - foreign gossip
ප්‍රවීණ නළු හැරිසන් ෆෝඩ්ට පසුගිය සතියේ අතිශය අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා. ඔහු විසින්ම පදවාගෙන යනු ලැබු කුඩා ගුවන් යානය හදිසියේම කඩා වැටුණු බවයි හොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණේ. මේ අනතුරෙන් ඔහුගේ හිස තුවාල වී තිබුණා.
හිසට තදබල ලෙස තුවාල සිදුවූ නිසා එයින් රුධිරය ගලමින් තිබුණු බවත් ඒ මොහොතේදී ඔහු සිහිසුන්ව සිටි බවක් පැවසෙනවා.
හැත්තෑ දෙහැවිරිදි හැරිසන් ෆෝඩ් පදවාගෙන ගියේ ඔහුටම අයිති ආසන දෙකක් සහිත ගුවන් යානයයි. මේ ගුවන් යානය කඩා වැටුණේ ලොස් ඇන්ජලීස් නුවරට සමීප ගොල්ෆ් ක්‍රීඩා පිටියකටයි.
තනි එන්ජිමක් සහිත ගුවන් යානයක් ගොල්ෆ් ක්‍රීඩා පිටියට කඩා වැටී තිබූ බවත් එහි නියමුවාට බරපතළ තුවාල සිදුවී තිබු බවත් හැරිසන් ෆෝඩ්ව හඳුනා නොගත් ලොස් ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සේවකයකු පැවසුවා.
“අපි එතනට යනකොට ඒ තැනැත්තා බරපතළ තුවාල ලබා සිටියා. අපි ඉක්මනට ඔහුව ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කළා.” සේවකයා තව දුරටත් පැවසුවා.
හැරිසන් ෆෝඩ්ව ඇතුළත් කර තිබුණේ රොනල්ඩ් රේගන් වෛද්‍ය මධ්‍යස්ථානයටයි. තම පියා සුවය ලබමින් සිටින බවයි පසුගිය සතියේ තම ට්විටර් පිටුවෙහි සටහනක් තැබූ හැරිසන්ගේ පුතු බෙන් ප්‍රකාශ කළේ.

ධනුෂ් කොලිවුඩයේ මෙන්ම බොලිවුඩයේත් ජනප්‍රිය වූ රංගන තරුවක්. ‘වයි දිස් කොලවරි’ ගීතය සමගින් පසුගිය කාලයේ ඔහුගේ ජනප්‍රියත්වය ලොවපුරා පැතිර ගියා. බොලිවුඩයේ රජ වූ අමිතාබ් බච්චන් සමගින් රංගනය මේ යොවුන් තරුවට ආශිර්වාදයක් වෙලා. ඒ තම සිත් ගත් සුපිරි තරුව සමඟ රංගනය කාලයක සිට තිබූ විශාල බලාපොරොත්තුවක් වූ නිසයි.
අමිතාබ්ගේ චිත්‍රපට නැරඹීම ධනුෂ්ගේ විනෝදාංශයක්. ‘ශෝලේ’ සහ ‘දීවාල්’ අමිතාබ් රඟපෑ චිත්‍රපට අතුරින් වඩාත් ප්‍රිය කරන චිත්‍රපටයන්ය. ඒ වුණත් අමිතාබ් රඟපෑ චිත්‍රපටවල නව නිෂ්පාදනයන්හි අමිතාබ්ගේ චරිත නිරූපණයට නම් ධනුෂ්හට බලාපොරොත්තුවක් නැහැ. “ඒ වෙනුවෙන් මම තවම සුදුසුකම් ලබලා නැහැ.” ඔහු පවසනවා.
අමිතාබ් බච්චන් බොලිවුඩයේ රජ වෙන විටදී කොලිවුඩයේ අභිෂේක ලබන රැජිනිකාන්ගේ බෑණන්ඩිය වූ ධනුෂ් හට අමිතාබ් සමග රංඟනයට අවස්ථාවක් ලැබෙන්නේ ඒ ආර්. බාලක්‍රිෂ්ණන් අධ්‍යක්ෂණය කරන ‘ශමිතාබ්’ චිත්‍රපටයෙන්.
පසුගිය කාලයේ ධනුෂ් වැඩි කාලයක් වෙන්කළේ හින්දි භාෂාව ඉගෙනීම වෙනුවෙන්. ඔහු ඒ සඳහා උපකාරක පංතිවලටත් සහභාගි වෙලා. ධනුෂ් දැන් නිරතරම පවුලේ ඥාතීන් සහ තම මිතුරන් සමගින් හින්දි භාෂාවෙන් කතාබහ කරන්නත් පටන් අරන්. කොලිවුඩයේ රඟපෑ ඔහු බොලිවුඩයට පැමිණියේ ආනන්ද් එල්. රායිගේ ‘රන්ජානා’ චිත්‍රපටයෙන්. ‘ශමිතාබ්’ ධනුෂ්ගේ දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය යි.

සානියා මිර්සා තාරකාවක බවට පත්වූයේ ටෙනිස් ක්‍රීඩාවෙනි. ඇය සිනමාවේ තරුවක් ලෙස ජීවමාන කිරීමට සිනමාකරුවන් තීරණය කර අවසානය. මුලදී මේ ගැන සානියා එතරම් මනාපයක් නෙපෙන්නුවද දැන් නම් ඇය ඊට හොඳින්ම මනාප පාටය. සානියා තම සැමියා සොහේබ් මලික් ලෙස සිනමාපටයේ රඟනු දැකීමට කැමැති සල්මන් ඛාන්ය. තමාගේ චරිතයට දීපිකා පදුකෝන් තෝරා ගන්නවාට ඇය වඩාත් කැමැතිය. මේ දිනවල සානියා ‘අගේන්ස්ට් ඕල් ඔඩ්ස්’ නමින් ස්වයං චරිතාපදානය ලියමින් සිටින්නීය.
බොලිවුඩ් තිරයේ ජීවමාන වීමට තවත් බොහෝ ක්‍රීඩා තරු නාම පෙළ ගැසී ඇත.
1983 දී ඉන්දියාවට ක්‍රිකට් ලෝක කුසලානය රැගෙන ආ කපිල් දේව්ගේ චරිතය ද, තිර චරිතයක් වීමට නියමිතය. රන්දීප් හෝඩා කපිල් දේව්ගේ චරිතය රඟපෑමට තෝරා ගෙන ඇත. සිනමාපටයේ නිර්මාතෘ ද හිටපු කඩුලු රකින්නකු වූ සංජේ පුරාන් සිං චෞවාන් වීම ද දෛවෝපගත සිද්ධියකි.
යුවරාජ් සිං ‘ටෙස්ට් ඔෆ් මයි ලයිෆ්’ නමින් ජීවන චරිතය අළලා ලියන කෘතිය සිනමාවට නැඟීමට පූර්ණ අවසරය ලබා දී අවසානය. ක්‍රීඩා ජය පරාජයන්, පිළිකාවෙන් ලැබූ ජය ඇතුළත් සංවේදී සිනමා සිත්තමක් පේ‍්‍රක්ෂකයන් වෙත තිළිණ කිරීමට බලා සිටින්නේ නළු අභිෂේක් බච්චන්ය. මේ අතර නළු සුෂාන්ත් සිං රාජ්පුට් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතාපදානය සිනමාවට ගෙන ඒමේ සිහිනය දකී. ‘එම්. එස්. දෝනි – ද අන්ටෝල්ඩ් ස්ටෝරි’ නමින් 2015 වසරේදී ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒමට නිෂ්පාදකයා බලාපොරොත්තු වෙයි. මිල්කා බාග් සහ මේරි කොම් ජීවන චරිත සාර්ථකවීමත් සමඟ ජීවන චරිත සඳහා බොලිවුඩ් තිරයේ ඇත්තේ හොඳ ඉල්ලුමකි.
එක්තා කපූර් අධ්‍යක්ෂවරියගේ අවධානය යොමු වී තිබෙන්නේ හිටපු ක්‍රිකට් නායක මොහොමඩ් අසරුදීන් චරිතය පිළිබඳවලු. ඔහුගේ ක්‍රිකට් දිවිය මෙන්ම පෙම් සබඳතා ද රසවත්ය.
ජය පරාජයන්ගෙන්, මිතුරුකම්, ද්‍රෝහිකම්වලින් පිරි, මතභේදයට තුඩුදුන් ජීවන අන්දරයකට හිමිකම් කියන සෞරව් ගන්ගුලි ද සිනමාවේ ජීවමාන වන්නට නියමිත චරිතයකි.
‘ඉන්දියාවේ ක්‍රිකට් දෙවියා’ සචින් තෙන්දුල්කාර් ගමන් කළේ රෝස මල් පෙති ඇසිරූ මාවතක වුවත්, ඔහුගේ කථාව සිනමාවට නැඟුණු පසු ආදායම් වාර්තා පිහිටු වන බව නම් නොඅනුමානය.
අසමසම ක්‍රිකට් ක්‍රීඩක මන්සුර් පතාවුදි ඛාන්ගේ බිරිය ෂර්මිලා තාගෝර් බොලිවුඩයේ සුරූපී තාරකාවකි. පුතු සායිෆ් අලි ඛාන් ද සිනමාවට දායාද වී අවසානය. ඒ අනුව මන්සූර් අලි ඛාන් පතාවුදි චරිතය සිනමාවට බොහෝ දුරට නැඟීමට ඉඩ ඇති චරිතයකි. උප නායක විරාත් කෝලි නම සිනමාව හා සබැඳෙන්නේ අනුෂ්කා ෂර්මා තාරකාව නිසාය. යාෂ් රාජ් සිනමා නිර්මාණයක් ලෙස මේ දෙදෙනාගේ රංගනයන් ඇතුළත් සිනමාපටයක් ඉදිරියේදී බිහිවීමට බොහෝ දුරට ඉඩ ඇත.

හොලිවුඩ් සිනමා ලොවෙන් වරින්වර අහන්නට ලැබෙන පෙම් බැඳුම්වල නිමාවක් නැහැ. මේ එවැනිම පෙම් කතාවක්. මෙහි සිටින්නේ මයිලි සයිරස් සහ පැට්‍රික් ශ්වසනෙගර්. පෙම්වතිය මිලේ. පෙම්වතා තමයි, පැට්‍රික්. ඔහුගේ වාසගම දැක්කාම නිතැතින්ම මතකයට එන නමක් තියෙනවා. ඒ, හොලිවුඩයේ සුපිරි නළුවෙකු සහ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ආනෝල්ඩ් ශ්වසනෙගර්.
පැට්‍රික්, මේ සුපිරි රංගන ශිල්පියාගේ පුත්‍රයායි. ඔහු ද හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරුවක්. මිලේ සයිරස් ද ජනප්‍රිය සිනමා තරුවක්, ගීත රචිකාවියක් සහ ගායිකාවක්. පැට්‍රික් සහ මිලේ ගේ පෙම් සබඳකම ගැන වගතුග විටින් විට මාධ්‍ය ඔස්සේ හෙළි කෙරුණා. පසුගිය සතියේ ආරංචි පැතිරී ගියේ මේ දෙදෙනා ලොස් ඇන්ජලීස් නුවර පිහිටි පැට්‍රික්ගේ නිවහනෙහි කාලය ගත කළ බවයි.
මේ බව ඉව වැටුණු පැපරාසි මාධ්‍යවේදියකු වාර්තා කර තිබුණේ ඒ මොහොතේ මිලේ හැඳ සිටියේ ‘මිකී මවුස්’ කාටුනයකින් විචිත්‍රවත් වූ අත් දිග කමිසයක් සහ කෙටි ඩෙනිම් කලිසමක් බවයි.
පැට්‍රික් හැඳ සිටියේ අළු පැහැති කමිසයක් සහ කළු පැහැති කලිසමක් බවත් මේ මාධ්‍යවේදියා සඳහන් කර තිබුණා. දෙදෙනා නිවෙසින් පිටව යද්දී පැට්‍රික්, මිලේට පසු පසින් ගමන් කළ බවත්, ඒ මොහොතේදී ඔහු බෝතලකින් වතුර වැනි යමක් පානය කරමින් සිටි බවත් සඳහන් වී තිබුණා.
breaking news - foreign gossip
දක්ෂතා රැසකින් පරිපූර්ණ නිළියක වන ප්‍රියංකා චොප්රා ජාත්‍යන්තරයට මුදා හැරි ඉන් මයි සිටි ගීත ඇල්බමයෙන් පසුව බොලිවුඩ් චිත්‍රපට ගීත ගායනය සඳහා එක්ව තිබෙනවා. මේ වන විටත් ඇය සෝයා අක්තාර්ගේ දිල් දක්නේ ඩෝ අලුත්ම චිත්‍රපටයේ ගීත ගායනය සඳහා එක්ව ඇත්තේ ලොස් ඇන්ජලීස් බලා පිටත් වීමට පෙරදී වේ. පසුගිය 12 වනදා බන්ද්‍රා ස්ටුඩියෝවේදී මෙම ගීතය පිටිගත කර තිබේ.
මීට පෙර ප්‍රියංකා මේරි කොම් චිත්‍රපටයේ ළමා ගීතයක් ගායනා කර ඇත. අලුත් චිත්‍රපටයේ ඇය සම්පූර්ණ ගීතයක් ගායනා කරයි. මෙහි සංගීතය ශංකර් ඊෂාන් සහ ලොයි විසින් නිර්මාණය කර ඇත.
ප්‍රියංකා ලොස් ඇන්ජලීස් බලා පිටත්ව යෑමට පෙර කියා ඇත්තේ චිත්‍රපට ගීත ගායනයට එක්වීම සඳහා ඇයට දැන් අවසර ලැබී ඇති බව සහ චිත්‍රපට ගීත ගායනය සඳහා එක්වීම ඇයට විනෝද ජනක කාර්යයක් වූ බවයි.

දොළොස් හැවිරිදි නිකොලායි ක්‍රයිගලියචෙන්කෝට පට බැඳී ඇකි වාහට කාන්දමාය. ඒ ලෝහ වස්තූන් තමන් වෙත ඇද ගැනීමටත් ඒවා තම ඇගෙහි අලවාගෙන සිටීමටත් ඔහු සතුවන අද්භූත හැකියාව නිසාය. රුසියානු ජාතික නිකොලායි පවසන්නේ මග වැටී තිබූ විදුලි රැහැනක් වැරදීමකින් පෑගී අධිවිදුලි සැරක් වැදීමෙන් පසු මෙසේ ලෝහ ද්‍රවය තම ඇඟේ ඇලෙන්නට පටන්ගත් බවයි.
දැන් ලෝහ ද්‍රව්‍ය පමණක් නොව ප්ලාස්ටික්, කොළ කැබලි වැනි දේ පවා තම ඇඟෙහි අලවාගෙන සිටීමට හැකි බව ඔහු පවසනවා. මේ හැකියාව නිසාම දැන් පාසලේ ජනප්‍රියම කොලුවා නිකොලායිය.
නිකොලායි වැනි මිනිස් කාන්දම් ගැන තොරතුරු ලොව දසදෙසින් ඇසෙන අතර එවන් පුද්ගලයින්ටම වෙන්වූ සංවිධානයන්ද ඇත.
නිකොලායි සේම ඔවුන් බහුතරයද විශ්වාස කරන්නේ එම හැකියාව ඔවුන් ලද විශේෂ වරප්‍රසාදයක් ලෙසය. නමුත් විද්‍යාඥයින් දරන්නේ වෙනත් මතයකි. සිරුරින් කාන්දම් බලයක් උපදීමට හැකියාවක් කිසිසේත්ම නොමැති බව කියන ඔවුන් ඔය කියන පුද්ගලයින්ගේ සම සාමාන්‍ය පුද්ගලයකුගේ සමට වඩා වෙනස්වීමේ ඉඩක් තිබෙන බවත් එනිසා ඔවුන්ට අනෙක් අයගේ සමට වඩා හොඳ ග්‍රහණ හැකියාවක් පිහිටිය හැකි බවත්ය.

නොවැම්බර් මස 18 වැනිදා පැවැත්වීමට නියමිත සංචාරක බ්ලොග්කරුවන්ගේ ආසියාවේ පළමු සමුළුවට සහභාගී වීම සඳහා ලොව විවිධ රටවලින් බ්ලොග්කරුවෝ මෙරටට පැමිණ තිබෙනවා.
මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ වෘත්තීය බ්ලොග්කරුවන්ගේ සංගමය සමග එක්ව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් විසින්.
මෙහි ඇති අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය , ආගන්තුක සත්කාරය ලොවට ගෙනයාමයි.
මෙරටට බ්ලොග්කරුවෝ 46 ක් මේ වන විට පැමිණ තිබෙනවා. ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවෝ අද පා පැදි වල නැගී පොළොන්නරුවේ එයිතිහාසික සිද්ධස්ථාන රැසක් නැරබීමට පැමිණි අතර ඔවුන් ඒවායේ චායරුප ගත කිරිමද සිදුකළා.

breaking news - foreign gossip - gossip
අප මීට සති කිහිපයකට පෙර රන්බීර් කපූර්ගේ සහ කත්‍රිනා කයිෆ්ගේ ප්‍රේමය ගැන හෙළි කළා. මේ ඔවුන්ගේ ආදර අන්දරයේ අලුත්ම පියවර. දැන් රන්බීර්, කත්‍රිනා එක ගෙදරක ජීවත් වෙන්නත් පටන් අරගෙන. බන්ද්‍රාවල කාටර් පාරේ පිහිටලා තියෙන නිවසක පදිංචියට ඔවුන් ආවේ දින කිහිපයකට කලින්.
මේ සිදුවීමෙන් පස්සේ ආරංචිය පැතිරුණේ නම් රන්බීර් කත්‍රිනා විවාහවෙලා කියලයි. ඒත් තවම ඔවුන් විවාහයට නම් සූදානමක් නැහැ.
රන්බීර්ගේ පියා රිශී කපූර් තරමක් අසනීපයෙන් පසුනොවන්නට ඔවුන් එක නිවසකට එන්නේ මීටත් පෙරයි. කොහොම වුණත් අසනීප වූ මාමණ්ඩලය බලන්න යන්නත් කත්‍රිනා අමතක කරලා නැහැ.
මේ සිදුවීමෙන් පස්සේ ආරංචිය පැතිරුණේ නම් රන්බීර් කත්‍රිනා විවාහවෙලා කියලයි. ඒත් තවම ඔවුන් විවාහයට නම් සූදානමක් නැහැ.
රන්බීර්ගේ පියා රිශී කපූර් තරමක් අසනීපයෙන් පසුනොවන්නට ඔවුන් එක නිවසකට එන්නේ මීටත් පෙරයි. කොහොම වුණත් අසනීප වූ මාමණ්ඩලය බලන්න යන්නත් කත්‍රිනා අමතක කරලා නැහැ.
breaking news - foreign gossip
ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ රාම් ගෝපාල් වර්මා ගේ අලුත්ම චිත්‍රපටය, හඳුන්වා දෙන්නේ කුමන නමකින්දැයි දැන් ප්‍රශ්නයක් මතුවෙලා. මේ චිත්‍රපටය රූපගත කරද්දී එය ‘සාවිත්‍රි’ යනුවෙන් නම්කර තිබුණා. ඒත් මේ චිත්‍රපටය ළඟදීම තිරගත කරන්නට ආසන්න වෙද්දී එහි නම වෙනස් කරලා. දැන් එය නම්කර ඇත්තේ ‘ශ්‍රී දේවි’ යනුවෙන්.
රාම් ගෝපාල් වර්මා මේ අයුරින් තම චිත්‍රපටයේ නම වෙනස් කිරීම ගැන කෝපයට පත්ව සිටින සුපිරි නිළියක් සිටිනවා. ඇය තමයි ශ්‍රීදේවි. තමන්ගේ කිසිඳු විමසීමකින් හෝ එකඟත්වයකින් තොරව ‘ශ්‍රීදේවි’ යනුවෙන් මේ චිත්‍රපටය නම් කිරීමට එරෙහිව ඇය නඩු මඟට පිවිසිලා. මේ සඳහා ඇගේ සැමියා වන චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර්ගේ සහායත් ලැබී තිබෙනවා.
චිත්‍රපටයක් වෙනුවෙන් ‘ශ්‍රීදේවි’ යන නම යොදා ගැනීම එතරම් වරදක් වන්නේ කොහොම ද? ශ්‍රීදේවි ඇයි, රාම් ගෝපාල්ට එරෙහිව නඩු පැවරුවේ? චිත්‍රපටයේ කතා තේමාව ශ්‍රීදේවිගේ තරුණ කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලට සමාන යැයි සමහරු ප්‍රකාශ කරනවා. තරුණ කාන්තාවක පිළිබඳ සිත් ඇතිකර ගන්නා කොලු ගැටයෙකු ගැන කතාවක් මේ චිත්‍රපටයට පාදක වී ඇතැයි පැවසෙනවා.
සමහරු පවසන්නේ මේ තරුණ කාන්තාවගෙන් මතු වන්නේ ශ්‍රීදේවි බවයි. කොලු ගැටයා තුළින් නියෝජනය වන්නේ එවක ගැටවර වියෙහි සිටි රාම් ගෝපාල් වර්මා යයි ද ඔවුන් අනුමාන කරනවා. මේ අදහස් ගැන කතා කළ රාම් ගෝපාල් කීවේ තමන් ලද අත්දැකීමක් මේ චිත්‍රපටයට පාදක කරගත් බවයි.
මම ඉස්කෝලෙ යන කාලෙදි ඔය දේවල් සිද්ධ වුණේ. ඇගේ නම සරස්වතී. මේ චිත්‍රපටයේ සාවිත්‍රි හැටියට ඉන්නෙ ඇයයි. හැබැයි ඇය ශ්‍රීදේවි නෙවෙයි. සාවිත්‍රි නමින් තවත් චිත්‍රපටයක් නිර්මාණ වෙලා තිබුණ එහි නිෂ්පාදකවරයා මගේ චිත්‍රපටය සාවිත්‍රී නමින් හඳුන්වනවාට විරුද්ධ වුණා.
ඒ නිසයි මම ශ්‍රීදේවි කියල නම දැම්මෙ. ප්‍රවීණ නිළි ශ්‍රීදේවිට කවදත් මම ගරු කරනවා. එයා මට විරුද්ධව නඩු දැම්මේ වෙනත් අයගේ ඉගැන්නුම් බස්වලට රැවටිලා. මම එයාට විරුද්ධව මොනවත් කරන්නෙ නෑ. චිත්‍රපටය තිරගත වුණාට පස්සෙ කාටත් ඇත්ත තේරුම් යාවි. රාම් ගෝපාල් එලෙස පවසා සිටියා.
මේ අතර මෙම චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වූ පෝස්ටරයක ඡායාරූපය පිළිබඳව ඉන්දියාවේ රාජ්‍ය ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමිසම දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා.

අමෙරිකාවේ Austin නගරයේ Texasහි ජීවත්වන Mama Lou යන අනුවර්ත නාමයෙන් හඳුන්වන Linsey Lindberg නමැති තරුණිය ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ.
ඒ ඇය සිය දෑතේ මාංශ පේශීවලට තද කිරීමෙන් විනාඩියක් තුළ දී ඇපල් ගෙඩි 10 ක් පොඩි කිරීමයි. විවිධ ඉරියව්වලට සිටිමින් සිය දක්ෂතාවය සාර්ථකව ඉදිරිපත් කරයි.
ගිනස් වාර්තාවල 60 වැනි සංවත්සරය වෙනුවෙන් 2015 වසරේ නිකුත්වන සමරුව සඳහා ද මෙය ඇතුළත්වන බව වාර්තා වේ.
එම වීඩියෝව පහළින් නරඹන්න.

breaking news - foreign gossip - video
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ සුරූපි නිළි අනුෂ්කා ශර්මා අතර පවත්නා ප්‍රේම සම්බන්ධය මේ වනවිට රහසක් නොවන අතර පසුගිය දිනක කෝලිගේ පවුලේ සමාජිකයන් ද අනුෂ්කාව හමු වී තිබෙනවා.
විරාත්ගේ මව සරෝජ් සහ පවුලේ උදවිය මෙලෙස අනුෂ්කා හමු වී ඇත්තේ ඇගේ නිවසේ දී යි.
මෙම හමුවීමත් සමග වසර ගණනාවක සිට පෙම්වතුන්ව සිටි කෝලි අනුෂ්කා යුවළ විවාහ ගිවිස ගැනීමට සූදානම්වන බවට කට කතා රැසක් පැතිර යමින් තිබේ.
කෙසේ වුව ද මෙවැනි කටකතා පැතිර ගිය ප්‍රථම අවස්ථාව ද මෙය නොවන අතර මෙම මස මුලදී ද අනුෂ්කා විවාහවීමට සූදානම්වන බවට කටකතාවක් පැතිර ගියේ ය.
එහෙත් අනුෂ්කාගේ මාධ්‍ය ප්‍රකාශකයා විසින් එම කටකතා සියල්ල දැඩි ව ප්‍රතික්ෂේප කර තිබිණි.

සොනාක්ෂි සිංහා එහෙතමත් නැත්නම් ඩබංගි ගර්ල් කියන්නේ මුහුණෙන් සුරූපී වුවත් බොලිවුඩ් අනෙක් නිළියන් සමග සංසන්දනය කිරීමේදී ශරීරයෙන් තරමක් මහත නිළියක්. පසුගිය කාලේ සොනාක්ෂිගේ ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා ෂහීඩ් අපූර් ඇයට ගොඩක් උදව් කළා. ඔබටත් මතක ඇති නේද? ඔහු ඈ වෙනුවෙන් ව්‍යායාම පන්තියක් පැවැත්වූවා.
කොහොම නමුත් සොනා ඇගේ ශරීර බර අඩු කරගෙන තිබෙන ආකාරය ඇගේ අලුත්ම චිත්‍රපටය වන ඇක්ෂන් ජැක්ෂන්වලින් අපට බලාගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇය මේ චිත්‍රපටයෙන් ගොඩක් මොඩ් වෙලා කියලත් ආරංචි වෙනවා.
ප්‍රභූ දේවා විසින් අධ්‍යක්ෂණය කර ඇති අජය දෙව්ගන් විසින් නිෂ්පාදනය කර ඇති ඇක්ෂන් ජැක්ෂන් රූපගත කර ඇත්තේ ඔස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල් කිහිපයක වේ. මේ රටවලට ගැළපෙන කෙටි ඇඳුව්මලින් ඇය චිත්‍රපටයේ සැරසී සිටින බවත් එය ලබන දෙසැම්බර් 05 වැනිදා තිරගත වන බවත් වාර්තා වනවා.

බොලිවුඩයේ අලුත්ම පෙම් යුවළ විදිහට මේ දවස්වල කාගේත් කතාබහට ලක්වෙන්නේ රන්බිර් කපූර් සහ කත්‍රිනා කයිෆ්. රන්බිර්ගේ උපන් දින උත්සවයත් ‘මට දැන් රන්බිර් කපූර් සමග ආත්මීය බැඳීමක් තිබෙනවා’ යැයි කත්‍රිනා කළ ප්‍රකාශය නිසාත් ඔවුන් පෙම්වතුන් ලෙස බොලිවුඩ් රසික රසිකාවියන් අතර තහවුරු වී හමාරයි.
එහෙත් පසුගිය දිනක මේ නව පෙම් යුවළ අතර තෙවැන්නියක් පැමිණියා. ඒ දීපිකා පදුකෝන්. මේ පැමිණීමට සත්‍ය වශයෙන්ම වගකිවයුත්තේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පුවත්පතක්. ඔවුන් විසින් පළ කළ රන්බිර් සහ දීපිකාගේ ඡායාරූපයක් නිසයි මේ ආන්දෝලනාත්මක තත්ත්වය ඇතිවුණේ.
කෙසේ වෙතත් තවමත් මේ සම්බන්ධව රන්බිර් නම් කිසිදු අදහස් දැක්වීමක් සිදුකරලා නැහැ. ඒත් ඔහුගේ පෙම්වතිය කත්‍රිනා නම් ඉතාම ඉක්මන් ප්‍රතිචාරයක් ඒ ගැන දක්වලා තිබුණා. ඇය කියන විදිහට මේ උද්ගතවෙලා තියෙන තත්ත්වයෙන් අප්‍රසන්න විදිහට අයුතු ප්‍රයෝජන ගන්න කාට හරි අවශ්‍ය වෙලා තියෙනවාලු. ඒ වුණත් ඒක එතරම් වැදගත්කමක් දිය යුතු මේ සම්බන්ධව රන්බිර් අනුගමනය කළේ නිහඬ පිළිවෙතක්.
ඔහු එම ඡායාරූප පිළිබඳ කිසිදු අදහසක් පළ කළේ නැහැ. නමුත් ඔහුගේ වත්මන් පෙම්වතිය කත්‍රිනා පවසන්නේ එය එතරම් ගණන්ගත යුතු කරුණක් නොවන බවයි. කත්‍රිනා ඉන්දීය මාධ්‍යයන්ට පවසා ඇත්තේ ‘කවුරු හරිද, කවුරු වැරදිද කියලා මම දන්නේ නැහැ. ඒත් මම හිතන්නේ කාට හරි අවශ්‍ය වෙලා තියෙනවා හරිම අප්‍රසන්න විදිහට උද්ගත වෙලා තියෙන තත්ත්වයෙන් අයුතු ප්‍රයෝජන ගන්න. නමුත් එය වැළැක්විය හැකි සිද්ධියක් නෙවෙයි කියලයි කත්‍රිනා නම් කියන්නේ.’

උපුටා ගැනීම - රිවිසරසි පුවත්පතින්
breaking news - foreign gossip - gossip
2014 නොබෙල් සාම ත්‍යාග්‍යය සදහා ළමයින් උදෙසා ක්‍රියාකාරිකයින් ලෙස කටයුතු කල පාකිස්ථාන ජාතික මලාලා යුසුෆ්සායි සහ ඉන්දීය ජාතික කයිලේෂ් සට්යාර්ති නම් කෙරේ. මීට පැය කිහිපයකට පෙර නොබෙල් ත්‍යාග කමිටුව විසින් මෙම නම් කිරීම සිදු කර තිබේ.
මාලාලා යුසුෆ්සායි සහ කයිලේෂ් සට්යාර්ති යන දෙදෙනාම ළමයින්ගේ අධයාපන අයිතීන් වෙනුවෙන් පෙනී සිටිම මෙහි විශේෂ සිදුවීමකි.
කයිලේෂ් සට්යාර්ති වර්ෂ 1990 දී පමණ ඉන්දියාවේ ළමා මෙහෙකාර සේවයට එරෙහිව කටයුතු කළ ක්‍රියාකාරිකයෙක් වන අතර ඔහු ඉන්දියාව පුරා අධ්‍යාපන අයිතිය අහිමිව සිටි 80000 ක පමණ දරු පරපුරක් නැවත පාසැල් ගත කිරීමට සමත්විය.
තලේබාන් සංවිධානය විසින් ළමුන්ගේ පාකිස්ථානයේ ගැහැණු ළමුන්ට පාසැල් යාම තහනම් කරමින් අධ්‍යාපන අයිතිය උදුරා ගන්නා විට බීබීසිය හා එක්වී ඊට එරෙහිව හඩනැගු මළාලා සුයුෆ්සායි මේ වනවිට 17 වන වියේ පසුවෙයි. ඇය නොබෙල් සාම ත්‍යාග්‍යෙයෙන් පිදුම් ලැබු ලාබාලතම තැනැත්තියයි. ඇය තලේබාන් සංවිධානයට එරෙහිව ලියු දේ නිසා වර්ෂ 2012 ඔක්තෝබර් 9 වන දින පාකිස්ථාන ස්වැට් නිම්න ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයට ලක්විය. එහිදී බරපතල තුවාල ලැබු ඇය පසුව සිංගප්පුරුවේ රෝහලකින් ප්‍රතිකාර ලබා මේ වන විට බ්‍රිතාන්‍යයේ සරණාගත භාවය ලබා සිටියි.
්

Redbull ශක්තිජනක පානය පානය කළ පාරිභොගිකයින්ට වන්දි ගෙවීමට එම සමාගමට නියෝග කෙරෙයි. ඇමරිකානු අධිකරණයක් මගින් දී ඇති තීන්දුවක් අනුව මෙලෙස සිය පාරිභෝගිකයින් මිලියන 1. 3 කට වන්දි ගෙවීමට එම සමාගමට සිදුවී තිබේ.
Redbull ශක්ති ජනක පානයක් බව හදුන්වා දෙමින් ඒවා අලවි කලද එම පානය මගින් කිසිදු ශක්තියක් නොලැබෙන බවට පාරිභෝගිකයින් පිරිසක් ඇමරිකානු අධිකරණයක් හමුවේ කළ පැමිණිල්ලක් විභාග කරමින් එම අධිකරණය මෙම තින්දුව දී ඇති බව වාර්තා වෙයි.
Redbull පානයෙන් ශක්තිය ලැබෙ බවට ව්‍යාජ වෙළද දැන්වීම් සකසමින් පාරිභෝගිකයා නොමග යවා ඇති බවට එම සමාගමට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
Redbull පානයෙන් ශක්තිය ලබෙන බවට කිසිදු විද්‍යාත්මක තහවුරු කිරීමක් නොමැති බව ද මෙහිදී හෙළිවී තිබේ.මේ නිසා මෙම පැමිණිල්ල ගොනුකළ පාරිභෝගිකයින් 2002 වසරේ සිට Redbull පානය කරන බව සදහන් කර ඇති අතර එම වසරේ පටන් 2014 ඔක්තෝබර් 3 වනදා දක්වා Redbull පානය කළ පාරිභෝගිකයින්ට වන්දි ගෙවන ලෙස එම අධිකරණය නියෝග කර තිබේ.
මේ අනුව එම කාලය තුළ Redbull පානය කර ඇති මිලියන 1. 3 ක පාරිභෝගික පිරිසකට ඩොලර් මිලියන 13 ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර තිබේ.මේ අනුව සෑම පාරිභෝගිකයෙකුටම ඩොලර් 10 ත් 15ත් අතර වන්දි මුදලක් හිමිවනු ඇති බව විදෙස් වාර්තා කියයි.
2015 මාර්තු 2 වන දිනට පෙර මෙම වන්දි සදහා ඉල්ලුම් කළ හැති අතර ඒ සදහා අන්තර්ජාලය ඔස්සේ හෝ දුරකථනයෙන් අමතා ඉල්ලුම් කළ හැකි බව විදෙස් වාර්තා කියයි.
දුරකථනයෙන් අමතන්නේ නම් 877-495-1568 දුරකථන අංකයෙන් ඇමතිය හැකි අතර අන්තර් ජාලය ඔස්සේ ඉල්ලීම් කරන්නේ නම් http://energydrinksettlement.com/claim යන පිටුවට ගොස් ඔන්ලයින් අයදුම්පතක් පිරවිය හැකිය.
මෙම වෙබ් අඩවියට දරාගත නොහැකි තරම් පිරිසක් පිවිස ඇති නිසා මේ වනවිට එහි කටයුතු අවහිර වී ඇති අතර නුදුරේදීම එය යථා තත්වයට පත්කරන බව එහි සදහන් වෙයි.

නොවැම්බර් පළමු වැනිදා මියයාමට සුදානමින් සිටින තරුණියක් ගැන ඇමරිකාවෙන් වාර්තා වෙයි.29 හැවිරිදි මෙම තරුණිය බ්‍රිට්නි මේනාර්ඩ් නම් වෙයි.නොවැම්බර් පළමු වැනිදා මියයාමට සිටින නිසා ඇය මේවනවිට දකුණු ආසියාවේ දුෂ්කරතම කදු ශිඛරය වන කිලිමන්ජාරෝ කදු මුදුනට පවා නැග තිබේ.
මේ වනවිට ඇය මැරතන් දුවමින් තමන්ගේ කැමති ආහාර පාන ආහාරයට ගනිමින් , කැමති ස්ථානවල ඇවිදිමින් කාලය ගත කරන බව වාර්තා වෙයි.
පසුගිය අප්‍රේල් මාසයේ ඇයට මෙම මරණය සම්බන්ධයෙන් දැනුම් දී ඇත්තේ ඇයගේ වෛද්‍යවරු විසිනි. මොළයේ පිළිකා තත්වයකින් පෙළෙන බ්‍රිට්නි ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පසුගිය අප්‍රේල් මාසයේ සදහන් කර තිබුනේ ඇයට තවදුරටත් ජීවිත්විය හැක්කේ මාස 6ක් පමණක් බවයි.
මොළයේ පිළිකා තත්වයක් වන gliobastoma රෝගී තත්වයේ සිව්වන අදියරේ සිටින ඇය ලබන නොවැම්බර් මාසයේ මියයන බව පැවසීමත් සමග ඇය නොවැම්බර් පළමුවැනිදා සිය මරණයට සුදානම් වී සිටියි. ඇය සිය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ තමන්ට ලබන නොවැම්බර් පළමුවැනිදා මියයාම සදහා ඖෂධයක් ලබා දෙන ලෙසයි.මෙලෙස සිය කැමැත්තෙන් දිවි තොරකර ගැනීමට නීතිමය අවසරය තිබෙන ඔරෙගන් ප්‍රාන්තයට ඇය සංක්‍රමණය වී ඇත්තේ ද මෙලෙස දිවි තොරකර ගැනීම සදහා බව විදෙස් වාර්තා සදහන් කරයි.
විවාහක කාන්තාවක් වන ඇය නොවැම්බර් පළමුවැනි දිනයම මේ සදහා යොදාගෙන ඇත්තේ සිය සැමියාගේ උපන්දිනය ඔක්තෝබර් 30 දිනට යෙදී ඇති නිසා බව විදෙස් වාර්තා සදහන් කරයි.ඇයට සිය සැමියා හා එක්ව දැනට නිදාගන්නා නිදන කාමරයේ මියයාමට අවශ්‍ය බව පවසා තිබේ.ඇය මියයන මොහොතට සිය සැමියා , මව , සුළු පියා,සහ හොදම යාළුවා ඒ අසල සිටිය යුතු බව ඇය සදහන් කර තිබේ.
ජීවිතය පිළිබද සියළු දේ තමන් අත්විදි බවත් දැන් මියයාම සම්බන්දයෙන් තමන්ට කණගාටුවක් නොවන බව ඇය සදහන් කර තිබේ.

Source - lfn.lk
breaking news - foreign gossip - gossip
Microsoft සමාගමට අයත් පරිගණක මෙහෙයුම් මෘදුකාංගය වන Windows මෘදුකාංග මාලාවේ නවතම අදියර එළි දක්වා තිබෙනවා. එය නම් කර ඇත්තේ, Windows 10 යනුවෙනි. එහි විශේෂත්වය වන්නේ, මීට පෙර පැවති Windows 8 මෘදුකාංගයට පසුව Windows 9 අතහැර Windows 10 මෘදුකාංගයක් ඉදිරිපත් කිරීම ය.
Windows 10 පරිගණක මෙන් ම ජංගම දුරකතන සඳහා ද පහසුවෙන් භාවිත කළ හැකි මෙහෙයුම් පද්ධතියක් බව Microsoft සමාගම පවසනවා. මෙම නව අදියර භාවිත කරන්නන්ට වඩා ත් පහසු වන ආකාරයට (user friendly) සකස් කර ඇති බව ය.
මෙය නව පරම්පරාව ඉලක්ක කරගෙන නිර්මාණය කළ සුවිශේෂී මෙහෙයුම් පද්ධතියක් බව Microsoft සමාගම සඳහන් කළේ ය.

උපුටා ගැනීම - Newsfrist.lk
breaking news - foreign gossip - gossip
ඔබේ රංගන ජීවිතයේ උචිඡතම රංගනයන් මොනවාද ?
මම කරන හැම රංගනයක්ම උනන්දුවෙන් කරනවා.. එහෙම කිසිම විශේෂයක් නැහැ… පේ‍්‍රක්ෂකයොත් එදා වගේම හෙටත් මගේ රංගනයන් අගයාවි කියලා මං බලාපොරොත්තු වෙනවා….
ඕපදූප ඔබට රිදවනවාද?
අපොයි නෑ…. ඒ කතා හදන්නේ මට හිතවත් නැති සමීප නැති අය… ඉතින් ඇයි මං ඒවට හිත රිද්ද ගන්නේ…
ජිවිතේ යම් යම් තීරණ ගැන ඔබ පසුතැවිලි වෙනවාද ?
නැහැ ජීවිතේ කියන්නේ ඉවර නොවන පාඩමක්… අත්වැරදීම් වලින් මිනිස්සු ඉගෙන ගන්නවා… ලෝකේ කවුරුත් දේව ආත්ම නෙවෙයි.. අත්වැරදීම්වලින් මං ඒ බව ඉගෙන ගත්තා..
බිපාෂා පේ‍්‍රමණීය කෙනෙක්ද?
ඔව්.. මං හරි රොමෑන්ටික් කෙනෙක්…
ආදරයේදී ඔබ ඒකාධිපතිද?
හැම වෙලාවෙම නැහැ…
ඔහුත් ඒකාධිපතියෙක් වුණොත් ?
එක සම කරගන්න වෙනවා…
ජීවිතේ මුහුණ දුන් දරුණුම ප‍්‍රතික්ෂේප වීම මොකක්ද ?
මං හිතන්නේ නෑ කවුරුවත් මාව ප‍්‍රතික්ෂේප කළැයි කියලා…
ගැහැනු ළමුන්ගෙන් සමලිංගික ආරාධනා ලැබිලා නැද්ද?
අපෝ මේ කට්ටිය අහන ප‍්‍රශ්න
උත්තර දෙන්න අකැමැතිද ?
එක වතාවක් එහෙම වුණා.. නිව්යෝක්වල ඉන්න වේෂ නිරූපණ ශිල්පිණියක් වන කැරි හියු වැලන්ටයින් දවසක මට දියමත්ති පෙන්ඩන්ට් එකක් දුන්නා.. මං ඒක අරගත්තා…
මේ දිනවල ඔබට පෙම්වතෙක් නැහැ නේද?
අනේ මන්දා උත්තර දෙන්න අමාරුයි…
ඉස්සර නම් ඔබ පේ‍්‍රම සබඳතා ගැන විවෘතව කතා කළා ?
එහෙම තමයි.. මිනිස්සු වෙනස් වෙන්න එපැයි… මගේ වෙනස් වීම් ගැන ඔයාලා කරදර වෙන්න එපා…
ආපසු නළුවෙකුට ආදරේ කරන්න පුළුවන්ද?
පුළුවන්.. මං වගේ ශක්තිමත් නෑනියකට මොනවාද කරන්න බැරි… කොහොමත් නිළියක් තේරුම් ගන්න නළුවෙක්ට ගොඩක් ලේසියි…
ඔබේ ජිවන අරමුණ මොකක්ද ?
හිනා වෙන්න ජීවත්වීම
ආදරය කියන්නේ මොකක්ද ?
මගේ මුළු ජීවිතේම ආදරේ තමයි… මං ජිවත් වෙන්නේ ආදරය කරන්නයි..
එතකොට ලිංගික ජීවිතය?
ලිංගිකත්වය ඉතාම වටිනා දෙයක්… ජිවිතයට අත්‍යවශ්‍යම දෙයක්…
ප්ලාස්ටික් සැත්කම් ගැන මොකද හිතන්නේ ?
දෙවියන්ගේ නියමය අනුව අපි වයසට යනවා ලෝකේ කාට හැගුවත් ඒ බව තමන්ට හංගන්න බැහැ.. ඒ නිසා මම නම් එවා කරන්නේ පරිස්සමින්…
කැමතිම කෑම ?
ඉන්දියන් පැණිරහ සේරටම මං කෑදරයි.. විශේෂයෙන්ම ලඞ්ඩුවලට වැඩිපුර ආසයි..
ලෝකයේ බයම දේ මොකක්ද?
හොල්මන් සහ අවතාර හොල්මන්… චිත‍්‍රපටවල රගපෑවට මම නම් බවම දේ කළුවර සහ අන්ධකාරය තමයි..
දුරකථනයට කොයිතරම් ඇබ්බැහි වෙලාද?
නෑ.. එහෙම වෙලා නැහැ.. මං ඒක අතට ගන්නෙත් කලාතුරකින්…
breaking news - foreign gossip - gossip
Subscribe to:
Posts (Atom)