Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » ලක්ෂ පනස් දෙකේ උපන් දින තෑග්ග

පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදි කියන ගී පදය සම්පූර්ණයෙන්ම ඇත්ත. මොකද පිටතින් නොපෙනුණාට පියකු තම දරුවන්ට දක්වන ස්නේහය අනන්තයි, අප්‍රමාණයි. අතපය නොකඩා ඇඩිදැඩි කළ දරුවන් අවසනදී තාත්තාව තියන්නේ කොහෙද කියන එක ගැටළුවක් කර ගන්නවා.

මහළු මඩම් සීඝ්‍රයෙන් බිහි වන්නේ ඒ හින්දා. ඒ අතරේ පියවරුන්ට දේවත්වයෙන් සලකන පුතුන් ද සොයා ගන්නට බැරිකමක් නැහැ. ඒ වගේ පුත්‍රරත්නයක් තමයි සුරංග ද අල්විස්. සරත් ද අල්විස් නමැති අපූර්වතම සංගීතවේදියාණන්ගේ ආදරණීය පුතණුවන් වූ සුරංග තම පියාට හරිම ආදරෙයි.

ඒ හින්දම ඔහු හිතුවා සරත්ගේ උපන් දිනය දවසේ ඔහුව සර්ප්‍රයිස් කරන්න. සුරංග ඒ වෙනුවෙන් කළේ අමතුම තෑග්ගක් සරත්ට ලබාදීමයි. තෑග්ගේ වටිනාකම ලක්ෂ පනස් දෙකක්. කොහොමද වැඩේ. අද කාලේ මොන පුතා ද ලක්ෂ පනස් දෙකක තෑග්ගන් තාත්තෙකුට දෙන්නේ.

නමුත් සුරංග එහෙම කළා. එවන් වූ වටිනාකමක් ඇති කාර් රථයක් තමයි සුරංග සරත්ට ලබා දුන්නේ. තම පුතා කළ වැඩේ නිසා සරත්ට මොහොතක් ගත වන තුරු වචනයක්වත් කතා කර ගන්න බැරි වුණාලු. දෑසින් කඳුළු කඩා හැලුණාලු. සංවේදී කලාකරුවො වුණාම එහෙම තමයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply