Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » ලින්ඩ්සේට පුටින්ව හමුවෙන්න ඕනෙලු

ලින්ඩ්සේ ලෝහන් සහ ඉගෝ තරබසොව් අතර ප්‍රේමයක් හට ගැනුණේ මෑතකදීයි. ටික කාලයකින්ම මේ සුපිරි හොලිවුඩ් නිළියගේත් රුසියානු ජාතික ව්‍යාපාරිකයාගේත් පෙම් කතාව නිමාවට පත්වුණා.

ඒ සමඟම විවිධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් උත්සාහ කළේ ලින්ඩ්සේ - ඉගෝ සබඳකම පැවැති කාලයේදී සිදුවූ අමිහිරි සිදුවීම් හාරා අවුස්සන්නයි. පසුගිය දා, රුසියාවේ රාජ්‍ය රූපවාහිනී නාළිකාවක ජනප්‍රිය සංවාදාත්මක වැඩසටහනකින් ලින්ඩ්සේට ඇරයුමක් ලැබුණේ ද එවැනි ලට-පට අවුස්සන්නට මිස වෙනත් විශේෂ කාරණයක් කතාබහ කරන්නට නොවෙයි.

ලින්ඩ්සේ එම ඇරයුමට ප්‍රතිචාර දැක්වූයේ ඇගේ ඉල්ලීම් කිහිපයක් ඉටුකළොත් වැඩ සටහනට සහභාගි වන බව ප්‍රකාශ කරමින්. මේ සුපිරි තාරකාවිය පවුම් 500,000 ක් සහ රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින්ව මුණ ගැසීමට අවස්ථාව සලසා දෙන්නැයි ඉල්ලා සිටියා. මේවා පමණක්ම නොවෙයි, රුසියාවට යෑමට ඇයටම වෙන්වූ ගුවන් යානයක්, වසරක කාලයක් සඳහා රුසියානු වීසා බලපත්‍රයක් සහ ලොව අනර්ඝතම සමාගමක නිෂ්පාදිත වටිනා ඇඳුම් කට්ටලයක් ද මේ ඉල්ලීම්වලට ඇතුළත් වෙනවා.

ලින්ඩ්සේගේ ඇතැම් ඉල්ලීම්වලට රූපවාහිනී චැනලය එකඟ වී තිබෙනවා. නමුත් ඇය සමඟ තවදුරටත් මේ ගැන සාකච්ඡා කරන්නටයි එහි බලධාරීන් තීරණය කර ඇත්තේ.

«
Next
This is the most recent post.
»
Previous
Older Post

No comments

Leave a Reply