Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » » මම පෙම්වතියක් නෙවෙයි - නළුවෙක් පෙම් කළොත් - ඒ ගැන ගොඩක් හිතන්න වෙනවා

මෙවර  අප හඳුන්වා දෙන්නේ මින් පෙර කිසිදු පුවත්පත් හෝ වෙබ් අඩවියක ලිපියක් පළ නොවූ තැනැත්තියකි. ඇය දිල්හානි වෙඩික්කාරගේ වේ. තූර්යා, ඇසිඩ් සහ දූවිලි මල් රංගනයෙන් හැඩ කළ ඇය ලේඛිකාවක් වන්නට ද පෙරුම්පුරන්නීය.

දිල්හානි . . . අද ටිකක් බයෙන් වගෙයි ඉන්නේ?

ඇත්තටම ඔව්. මං කලින් මේ වගේ සාකච්ඡාවකට එකතු වෙලා නැහැ. ඉතින් මොනවා අහයිද දන්නේ නැහැනෙ. ඒකයි බය.

ඔබ පළමුවතාවට කැමරාවට මුහුණ දුන් දිනයෙත් මේ වගේම බයකින් හිටියලු නේද?

අපොයි ඔව්. එදා මීට වඩා බය වෙලයි හිටියේ. මගේ පළමු නාට්‍යය වුණේ තූර්යා. වෙව්ල වෙව්ලා කැමරාව ඉස්සරහට ආවා. ඩයලොග් කිව්වෙත් සෑහෙන්න චකිතයකින්.

එදා රඟපාන්න ගිහින් නා ගත්තේ නැද්ද?

වෙලාවට එහෙම නම් වුණේ නැහැ. කොච්චර බය වුණත් ලැබුණු චරිතයට උපරිම සාධාරණය ඉටු කළා.

මේ වන විට ඔබ රඟපාන්න ඇවිත් කොච්චර කල්ද?

අවුරුද්දක් විතර.

මේ කාලය අතරතුරදී ලැබුණු අවස්ථා ගැන සෑහීමකට පත් වෙනවාද?

නැහැ.

ඒ මොකද?

මගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමට ලැබුණු අවස්ථා මදි වගේ.

මොන වගේ චරිතයක් කරන්නද ආස?

අහිංසක චරිතයක්.

ඔබ සැබෑ ජීවිතයේ අහිංසක කෙනෙක්ද?

අපොයි නැහැ. මං දඟම දඟ දඟ මල්ලක්. වෙලාවකට හිතෙනවා දඟකාරකම වැඩි ද කියලත්.

බැරි වෙලාවත් දුෂ්ට චරිතයකට කතා කළොත් ඔබ යන එකක් නැහැ?

වෙන්න පුළුවන්. මට දුෂ්ට චරිත කරන්න අමාරුයි දැන්ම. අත්දැකීම් එක්ක මං ඒ වගේ චරිත කරන්න යොමු වේවි.

ඔබ රංගනයට අමතරව ලේඛනයේද යෙදෙන බව කිව්වා?

මං මේ වන විට නවකතාවක් ලියලා ඉවරයි. ඒක පළ කරන්නයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම නාට්‍යයකට පිටපතක් මේ වන විට ලියාගෙන යනවා.

ඔබට කවදා හරි ඕනෑ නිළියක් වන්න ද ලේඛිකාවක් වන්නද?

ලේඛිකාවක් වෙනවා. ඒ අතරතුරදී හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා. මේ දෙක සමබරව ගෙනියනවා.

ඔබ ලේඛිකාවක් වෙන්න හිතාගෙන ඒ අනුව කටයුතු කරන්නේ නැතුව රංගනයට පිවිසුණේ ඇයි?

රඟපාන්න ඇවිත් ක්ෂේත්‍රයට එකතු වෙලා ඒ ගැන අත්දැකීම් ගන්න මට ඕනෑ වුණා. නිකම්ම නිකම් පිටපත් රචකයෙකු වෙන්නේ නැතුව දැනගෙන වැඩේට බහින්නයි මං හිතාගෙන ඉන්නේ.

ඔබේ ටෙලි නාට්‍ය පිටපත රූපයට නඟන්න හිතාගෙන ඉන්නවාද?

අනිවාර්යයෙන්ම. ඒත් තවම මං ඒක කාටවත් දීලා නැහැ.

නිළියක් විදිහට ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?

ක්ෂේත්‍රයේ රැඳීමම අභියෝගයක්. මොකද දිනෙන් දින අලුත් අය එනවා. ඒ අය අතරේ අපි අපේ දක්ෂතා එළි දක්වමින් ඉදිරියට යන්න ඕනෑ. නැත්නම් අපි ෆේල්.

දිල්හානිගේ ගම කොහෙද?

බලංගොඩ.

නැවතිලා ඉන්නේ?

මහරගම.

ගෙදරින් කැමැති වුණාද ඔබ රඟපාන්න එනවට?

ඔව්. එයාල බැලුවේ මගේ සතුට ගැන.

ඔබේ පවුලේ විස්තර කියමු?

අම්මයි, තාත්තයි, නංගියි.

උපන් දිනය?

1996. 8. 11

මේ වන විට ඔබ පෙම්වතියක්ද?

නැහැ.

ඔබට ආදරේ කරන්න නළුවෙක් ඉදිරිපත් වුණොත්?

ඒ ගැන ගොඩක් හිතන්න වෙනවා. 

ඒ යෝජනාව ගැන සලකලා බලන්නේ නැතිද?

ඒක එහෙම වුණොත් බලමුකෝ. මං හිතන්නේ නැහැ එවැනි යෝජනාවක් ඒවි කියලා.

මේ ක්ෂේත්‍රය ගැහැනු ළමයින්ට කතා හැදෙන තෝතැන්නක්?

මං දන්නවා. කට කතාවක් නොහැදුණොතින් තමයි පුදුමේ.

එතකොට හිතෙයි ලේඛිකාවක් විතරක් වෙලා හිටියා නම් හොඳයි කියලා?

අනේ මන්දා. කොහොමටත් මං ඔවැනි කතා බලාපොරොත්තුවෙන් ඉන්නේ.

දිල්හානි කොටට අදින්නේ නැති ද අනිත් නිළියෝ වගේ?

කොටට අඳිනවා. හැබැයි ගොඩක් කොටට අඳිනවා අඩුයි.

නමට හානි වෙයි කියලද?

ඔව්. කොටට අඳින අය දිහා බොහෝ දෙනෙක් බලන්නේ වැරදියට. ඉතින් මං දිහාත් එහෙම බැලුවොත්. ගමන ආරම්භ කරපු ගමන් මගේ නමට හානි වේවි කියලා මට හිතෙනවා කොටට ඇඳපුවාම.

දිල්හානි සිනමාවට ආසද?

ඔව්. ගොඩක් ආසයි. සිනමාවට එකතු වෙන්න අදහස් කරගෙන ඉන්නවා.

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණොත් මොකද කරන්නේ?

කීයටවත් යන්නේ නැහැ. මවිසින්ම එවැනි චිත්‍රපටවලට නොයනවා කියන වාරණයක් දාගෙන මං ඉන්නේ. මට හානියක් වන චරිතයකට කීයටවත් මං එකතු වන්නේ නැහැ.

සාමාන්‍යයෙන් ඔබ චිත්‍රපට බලනවාද?

ඔව්.

නිකම්ම ඔහේ චිත්‍රපට බලනවාද නැත්නම් අධ්‍යයනයක යෙදෙමින් ද බලන්නේ?

මේ ක්ෂේත්‍රයේ ඉන්න කොට නිරන්තර අධ්‍යයනය ඉතාම වැදගත්. මං චිත්‍රපටයක් බලද්දී වුණත් ඒක කරනවා. අපේ අය ගාව නැත්තෙත් ඒකනෙ.

දිල්හානිගේ උස කීයද?

අඩි පහයි.

නිළියක් විදියට මීට වඩා උස තිබුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?

නිළියක් වුණාම උස තියෙන්න ඕනෑමයි. ඒත් මට තියෙන උස මට ඇති. මොකද මං ලද දෙයින් සෑහීමකට පත්වන කෙනෙක්. මට දෙවියන් ලබා දීලා තියෙන දේවල් ගැන මං තෘප්තිමත්.

දිල්හානි ඉගෙන ගත් පාසල මතක් කළොත් හොදයි?

රත්නපුර ශ්‍රී වලගම්බා මහා විදුහල.

ඔබ විසින්ම ඔබව කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

ඒකට කලින් කියපු උත්තරේම තමයි දෙන්න වෙන්නේ. දිල්හානි වෙඩික්කාරගේ කියන්නේ දඟ මල්ලක්.


සටහන - ප්‍රසාද් සමරතුංග
සේයාරුව - මාලන් කරුණාරත්න
උපුටා ගැනීම - සරසවිය පුවත්පතින්




































«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply