ලින්ඩ්සේ ලෝහන් සහ ඉගෝ තරබසොව් අතර ප්‍රේමයක් හට ගැනුණේ මෑතකදීයි. ටික කාලයකින්ම මේ සුපිරි හොලිවුඩ් නිළියගේත් රුසියානු ජාතික ව්‍යාපාරිකයාගේත් පෙම් කතාව නිමාවට පත්වුණා.
ඒ සමඟම විවිධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් උත්සාහ කළේ ලින්ඩ්සේ - ඉගෝ සබඳකම පැවැති කාලයේදී සිදුවූ අමිහිරි සිදුවීම් හාරා අවුස්සන්නයි. පසුගිය දා, රුසියාවේ රාජ්‍ය රූපවාහිනී නාළිකාවක ජනප්‍රිය සංවාදාත්මක වැඩසටහනකින් ලින්ඩ්සේට ඇරයුමක් ලැබුණේ ද එවැනි ලට-පට අවුස්සන්නට මිස වෙනත් විශේෂ කාරණයක් කතාබහ කරන්නට නොවෙයි.
ලින්ඩ්සේ එම ඇරයුමට ප්‍රතිචාර දැක්වූයේ ඇගේ ඉල්ලීම් කිහිපයක් ඉටුකළොත් වැඩ සටහනට සහභාගි වන බව ප්‍රකාශ කරමින්. මේ සුපිරි තාරකාවිය පවුම් 500,000 ක් සහ රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින්ව මුණ ගැසීමට අවස්ථාව සලසා දෙන්නැයි ඉල්ලා සිටියා. මේවා පමණක්ම නොවෙයි, රුසියාවට යෑමට ඇයටම වෙන්වූ ගුවන් යානයක්, වසරක කාලයක් සඳහා රුසියානු වීසා බලපත්‍රයක් සහ ලොව අනර්ඝතම සමාගමක නිෂ්පාදිත වටිනා ඇඳුම් කට්ටලයක් ද මේ ඉල්ලීම්වලට ඇතුළත් වෙනවා.
ලින්ඩ්සේගේ ඇතැම් ඉල්ලීම්වලට රූපවාහිනී චැනලය එකඟ වී තිබෙනවා. නමුත් ඇය සමඟ තවදුරටත් මේ ගැන සාකච්ඡා කරන්නටයි එහි බලධාරීන් තීරණය කර ඇත්තේ.
breaking news - foreign gossip
පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදි කියන ගී පදය සම්පූර්ණයෙන්ම ඇත්ත. මොකද පිටතින් නොපෙනුණාට පියකු තම දරුවන්ට දක්වන ස්නේහය අනන්තයි, අප්‍රමාණයි. අතපය නොකඩා ඇඩිදැඩි කළ දරුවන් අවසනදී තාත්තාව තියන්නේ කොහෙද කියන එක ගැටළුවක් කර ගන්නවා.
මහළු මඩම් සීඝ්‍රයෙන් බිහි වන්නේ ඒ හින්දා. ඒ අතරේ පියවරුන්ට දේවත්වයෙන් සලකන පුතුන් ද සොයා ගන්නට බැරිකමක් නැහැ. ඒ වගේ පුත්‍රරත්නයක් තමයි සුරංග ද අල්විස්. සරත් ද අල්විස් නමැති අපූර්වතම සංගීතවේදියාණන්ගේ ආදරණීය පුතණුවන් වූ සුරංග තම පියාට හරිම ආදරෙයි.
ඒ හින්දම ඔහු හිතුවා සරත්ගේ උපන් දිනය දවසේ ඔහුව සර්ප්‍රයිස් කරන්න. සුරංග ඒ වෙනුවෙන් කළේ අමතුම තෑග්ගක් සරත්ට ලබාදීමයි. තෑග්ගේ වටිනාකම ලක්ෂ පනස් දෙකක්. කොහොමද වැඩේ. අද කාලේ මොන පුතා ද ලක්ෂ පනස් දෙකක තෑග්ගන් තාත්තෙකුට දෙන්නේ.
නමුත් සුරංග එහෙම කළා. එවන් වූ වටිනාකමක් ඇති කාර් රථයක් තමයි සුරංග සරත්ට ලබා දුන්නේ. තම පුතා කළ වැඩේ නිසා සරත්ට මොහොතක් ගත වන තුරු වචනයක්වත් කතා කර ගන්න බැරි වුණාලු. දෑසින් කඳුළු කඩා හැලුණාලු. සංවේදී කලාකරුවො වුණාම එහෙම තමයි.
breaking news - Local Gossip
රන්ජන් රාමනායක තරම් ජනප්‍රිය නළුවා ලෙස සම්මාන ගත්තු තවත් නළුවෙකු නැතුව ඇති. පිට පිට කිහිප සැරයක්ම ඔහු එලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. රන්ජන් මෙච්චරටම ජනප්‍රිය නළුවා වශයෙන් සම්මාන ගත්තේ ඔහු ජනතාව අතර ඉන්න නිසා වෙන්න ඕනෑ.
ඒ වගේම රන්ජන් නිරන්තරයෙන් ජනතාවගේ අසාධාරණය වෙනුවෙන් කතා කරනවා, ක්‍රියා කරනවා. ඒ වගේ සිදුවීමක් පසුගියදා සිදු වුණා. ඒ තමයි වැල්ලවත්තේදී පොකට්කාරයින් දෙදෙනෙකු රන්ජන් විසින් අල්ලාගෙන නීතියේ රැහැනට කොටුකර දීම. එම සිදුවීම වෙලා දැනට සති කිහිපයක් වෙනවා.
ඒත් එහි උණුසුම පොඩ්ඩක්වත් වියැකිලා නැහැ කියලා රන්ජන් කියනවා. ඒ වගේම ගොඩක් වෙලාවට නොයෙන් දෙනා රන්ජන්ට මඩ ප්‍රහාර එල්ල කරන්න බලාගත්තු ගමන් ඉන්නේ. මේ සිදුවීමටත් වැරදි අර්ථකථනයක් දේවි කියලා රන්ජන් දෙගිඩියාවෙන් පසු වුණාලු. නමුත් ඒක එහෙම වෙලා නැහැ.
රන්ජන් කියන්නේ තිරයේ විතරක් නෙවෙයි සැබෑ ජීවිතයෙත් වීරයෙක් කියලා දන්න අය කියන්නේ ඒ නිසා.
breaking news - Local Gossip
වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ජනප්‍රිය ගායක එම්.ජී.ධනුෂ්ක අද (04) අධිකරණයට බාරවීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා තීන්දු කළේය. නඩුව යළි කැඳවීම නොවැම්බර් 16 දක්වා කල් තැබිණි. උසාවියට භාරවීමෙන් පසුව රුපියල් 25000ක ඇපයක් මත එම්.ජී. ධනුෂ්ක නිදහස් කර තිබෙනවා.
ජනප්‍රිය ගායක එම්.එස්.ප්‍රනාන්දු මහතාගේ ගීත නිසි අවසරයකින් තොරව ගායනා කරමින් මුදල් ඉපැයීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
breaking news - Local Gossip
අපගේ දැනට තිබෙන නිල ලාංඡනයේ රතු පැහැය හැර අනෙක් පැහැයන් වෙනස් කිරීමට අප තීරණය කරන ලදී.
අපගේ නිල ලාංඡනයට ගැලපෙන පාට යෝජනා කර
වටිනා ත්‍යාග දිනා ගන්න.
වටිනා ත්‍යාග දිනා ගන්න.
ඔබගේ පිලිතුරු පහත අංකයට වට්ස්ඇප් හෝ වයිබර්
ඔස්සේ යොමු කරන්න.
ඔස්සේ යොමු කරන්න.
Whatsapp and Viber Number +94 77 441 2265
අපගේ නිල ලාංජනයේ PNG File එක පහළ Link එකෙන් බලන්න.....
PNG File Link = https://goo.gl/ma6B2D
PNG File Link = https://goo.gl/ma6B2D
breaking news
මේ දිනවල පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන මොනර කිරිල්ලී ටෙලි නාට්‍යයේ ධනංජනා කලා ක්ෂේත්‍රයට නවක ශිල්පිනියකි. ඉතා කෙටි කලක් තුළ කලාවට විත් ටෙලි නාට්‍ය කිහිපයකත්, වෙළෙඳ දැන්වීම් කිහිපයකත් මේ වන විට දායක වී ඇති ඇය ධනංජනා ජයසුන්දරය.
ධනංජනා කලාවට ඇවිත් වැඩි කාලයක් නෑ නේද?
2015 වසරේ තමයි මම ඉස්සෙල්ලාම කලාවට අවතීර්ණ වුණේ.
රංග ශිල්පිනියක් වෙන්න හිතුවේ මගේ හිතේ කුඩා කල පටන් තිබූ ආශාව නිසා. ඒ කියන්නේ ඔබ පාසල් කාලයේ පටන් කලාවට ආශා කළා?
ඉස්කෝලේ කාලේ ඉඳලා මම පාසල් නාට්‍යවල රඟපෑවා.
පාසල් අතර නාට්‍ය තරගවලින් එහෙමත් ජයග්‍රහණ ලබන්න ඇති?
පළාත් මට්ටමෙන් පැවති නාට්‍ය තරගවලින් ජයග්‍රහණ ලබල තියෙනවා. කාලගෝල දික්තලා නාට්‍යයේ රඟපෑ නිසාම යාළුවෝ මට කතා කළෙත් ධනංජනා කියලා නෙමේ දික්තලා කියලා.
රංගන ශිල්පිනියක් වෙනවට අම්මා තාත්තා අකමැති වුණේ නැද්ද?
තාත්තාගෙන් නම් විරුද්ධත්වයක් ලැබුණේ නෑ. ඒත් අම්මා මම රඟපාන්න යනවාට තදින්ම විරුද්ධ වුණා.
ඇයි ඒ?
මම පවුලේ එකම දරුවා නිසා.
ඔබගේ රඟපෑම් දැකලා අදටත් අම්මා ඒ මතයේමද ඉන්නේ?
දැන් නම් එච්චර විරෝධයක් නෑ.
ඔබ ඉගෙන ගත්තේ කලා අංශයෙන්ද?
මම වානිජ අංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. කොටදෙනියාව මහා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ.
කොහොමද රංගන ශිල්පිනියක් වීමේ අවස්ථාව ඔබ උදා කර ගත්තේ?
ෆේස් බුක් එක හරහා. හර්ෂ උඩකන්ද මහත්තයා සීරෝ කියලා චිත්‍රපටයක් කරනවා කියලා ෆේස් බුක් එකේ තිබුණා. ඒ චිත්‍රපටයට නළුවෝ නිළියෝ ගන්න ඉන්ටවු එකක් කොළඹ සුදර්ශියේ තියෙනවා කියලා තිබුණ නිසා ඒකට ආවා. ඒ ආපු වෙලාවේ මට ජී. නන්දසේන මහත්තයා ගැන දැනගන්න ලැබුණා. මිත්‍රයෙක්ගේ මාර්ගයෙන් ජී. නන්දසේන මහත්තයා හමු වුණාට පස්සේ මට ඔහුගේ මොනරකිරිල්ලී ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්්ථාව ලැබුණා.
තිළිණිට මේ දවස්වල ප්‍රතිචාර එහෙම කොහොමද?
මොරටුව අඟුලාන පැත්තේ තමයි ෂූටින් කරන්නේ. මම මේ මෙගා ටෙලි නාට්‍යයේ කොටස් තිහක විතර දැනට රඟපාලා තියෙනවා. ආත්ම දෙකක් පිළිබඳ කතාවක්. මෙහි එක ආත්මයක ඉස්කෝලේ ළමයෙක්ටත් මම රඟපෑවා. දැන් නම් මම තිළිණිට තමයි රඟපාන්නේ.
මේ වෙන කොට ඔබට චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබිලා තියෙනවා?
සීරෝ චිත්‍රපටයට ආරාධනා ලැබුණත් තවම එහි වැඩ පටන් ගත්තේ නෑ. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ නවතම චිත්‍රපටයටත් මට ආරාධනා ලැබිලා තියෙනවා.
ධනංජනා කැමති ටෙලි නාට්‍ය පැත්තෙන් ඉස්සරහට යන්නද?
චිත්‍රපට ලැබුණොත් භාර ගන්නවා. විශේෂයක් නෑ. ඒත් ටෙලි නාට්‍යවල රඟපාන්න තමයි මම වඩාත් කැමැති. සරත් දික්කුඹුරගේ වල්පිට කුමාරිහාමි, බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ ද්විත්ව, දේදුනු පාලම ටෙලි නාට්‍යවලට මාව සම්බන්ධ කරගෙන ඉන්නේ. ද්විත්ව ටෙලි නාට්‍යයේ සියලු වැඩ කටයුතු අවසන් කරලා තව ටික දවසකින් ටෙලි නාට්‍ය විකාශය වෙන්න පටන් ගනියි.
ජූලියා හි චරිතය ඔබට විශේෂයි?
මට එහි රඟපාන්න ලැබුණේ ප්‍රවීණ නළුවන් දෙපලක් වූ විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල මහත්වරු දෙපලත් සමඟ. මම රඟපෑවේ ද්විත්ව ටෙලි නාට්‍යයේ ජුලියාට.
ද්විත්ව පෙන්වන්න පටන් ගත්තහම ධනංජනාට හොඳට ප්‍රතිචාරත් ලැබෙයි?
මටත් එහෙම හිතෙනවා. මේක ප්‍රධාන චරිතයක්.
තවම රසික ප්‍රතිචාර එහෙම නැද්ද?
එහෙන් මෙහෙන් එන්න පටන් අරන්.
දැන් ඔබ වෙළෙඳ දැන්වීම් සඳහාත් පෙනී සිටිනවා?
ඔව්. මම ග්‍රීන් ටී පිළිබඳ ප්‍රසිද්ධ තේ වෙළෙඳ සමාගමක දැන්වීමක් සඳහා පෙනී සිටින්න අවස්ථාව උදා වුණා. ඉදිරියේදීත් එහෙම ආරාධනා ලැබුණොත් භාර ගන්නවා.
මේ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවාද?
මම කලා ක්ෂේත්‍රයට ආවේ නම් රඟපාන්න තියෙන ආශාවට. දැන් නම් මට හිතෙනවා මේ ක්ෂේත්‍රයේ සාර්ථක දිගු ගමනක් යන්න මට හැකි වෙයි කියලා.
මුල්වරට කැමරාව ඉදිරියට ගියහම බයක් දැනුණේ නැද්ද?
කැමරාව ඉදිරියට ගියේ මොනර කිරිල්ලී ටෙලි නාට්‍යයේ චරිතයට. ඒත් මට ඒ අවස්ථාව එතරම් ආධුනික බවක් ඇති කළේ නෑ. පිටපතේ දෙබස් අනුව මා ඉදිරියේ කැමරාවක් තියෙනවාද කියලා අමතක කරලා චරිතය කළා එච්චරයි.
අද ටෙලි නාට්‍ය නිර්මාණය විමේ වටපිටාව තුළ පිටපතක් ඇතුවද නැතිව ද ඔබ රංගනයේ නියැළෙන්නේ?
පිටපත ලැබෙන අවස්ථාත් තියෙනවා නොලැබෙන අවස්ථාත් තියෙනවා. රඟපාන්න ගියහම ඒ වෙලාවට චරිතය මෙහෙමයි කියලා පිටපත ඒ වෙලාවට අතට දීලත් චරිත කරපු අවස්ථා තියෙනවා. මම නම් පුද්ගලිකව කැමති කලින් පිටපත දීලා අපිට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගන්න කාලයක් දිලා යම් නිර්මාණයක් කරන්න.
අධ්‍යයනයකින් පසු චරිතයට යාම සුදුසුයි කියලයි ඔබ හිතන්නේ?
මම හිතනවා එහෙම කළොත් නිර්මාණයටත් ඒ නිර්මාණයේ චරිතය කරන කෙනාටත් තමන්ගේ හැකියාවෙන් උපරිම දායකත්වයක් නිර්මාණයට එක් කරන්න හැකි වෙයි කියලා.
ඔබ වඩාත් කැමැති පෙම්වතියකගේ චරිතවලටද?
රංග ශිල්පිනියක් වුණාම චරිතවලට කොටු වෙන්න හොඳ නෑ කියලයි මගේ අදහස. ඒකාකාරී චරිතවලින් මිදිලා කටුක ජීවිත ගත කරන කාන්තාවන්ගේ චරිත නිරූපණයට තමයි මම වඩාත් කැමති.
මේ වෙන කොට රංගනයේදී ප්‍රවීණයන්ගෙන් මොන වගේ සහායක් ද ලැබිලා තියෙන්නේ?
විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල වගේ කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණයෝ සමඟ වැඩ කරන කොට මම වගේ ආධුනිකයෙකුට ලොකු ශක්තියක් ලැබුණා මගේ චරිතය නිරූපණය කිරීමට. ඒ අයගේ මඟ පෙන්වීම් ලොකු ආශිර්වාදයක් වුණා මට.
ඔබේ ගමනට උදව් කළ අය සිහිපත් කළොත්?
මගේ අම්මා අනෝමා නීලකාන්ති, තාත්තා කුමාරසිංහ ජයසුන්දර වගේම ජී. නන්දසේන, බර්මින් ලයිලි ප්‍රනාන්දු, රංජිත් ජයසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු මේ මොහොතේ ස්තූති පූර්වකව සිහිපත් කරනවා.
ධනංජනාගේ ආදරණීය රසිකයන්ට ලිපිනය මතක් කළොත්?
193/1, හීරලුගෙදර, වල්පිට.
උපුටා ගැනීම - සරසවිය පුවත්පත
breaking news - Local Gossip
අනූව දශකයේදී මධුරි ඩික්සිත්ගේ රංගනය උන්මාදයක් වූවා යැයි කීම වරදක් නැහැ. රසික ආකර්ශනය ඉහළින් දිනාගත් බොලිවුඩ් නිළියන් අතරේ මධුරිගේ නර්තනය සුවිශේෂි වුණා. මධුරි රගනයෙන් දායක වන සිනමා නිර්මාණ ඇයගේ අපූරු නර්තනයෙන් වඩාත් සුන්දර වෙන්නත් හේතු වුණා.
මධුරි පසුගිය දවසක රියලිටි නර්තන තරගයක විනිශ්චයකට දායක වුණා. මටත් මගේ තාත්තා නිතරම සිහි වෙනවා. ඇය එහිදී පැවැසුවේ බොහොම හැඟීම්බරව. එහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවා.
මේ රියලිටි තරගාවලියේ ආර්යන් පත්‍රා නම් තරුණයා ඉදිරිපත් කළ නර්තනය ඇය මෙන්ම විනිශ්චය මණ්ඩලයේ සිටි අනෙකුත් සමාජිකයන් දෙදෙනාවත් සංවේදි කළා. ඔහු ඉදිරිපත් කළ නර්තන අංගයෙන් කියවුණේ ‘පියෙකුගේ සැඟවුණු ආදරය’ ගැනයි. අද ගොඩක් දරුවන්ට අම්මා තාත්තා තමන් වෙනුවෙන් කළ දේවල් අමතක වෙනවා. එහෙම නොවී ඉතාම ආදරයෙන් ඔවුන් රැකබලා ගත යුතුයි. මට නිතරම මගේ තාත්තා සිහිපත් වෙනවා. මේ නර්තනය දුටුවාම එය තව තවත් වැඩි වුණා. මධුරි කිව්වේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.
breaking news - foreign gossip
ලාංකේය රූ රැජනක වන ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් මේ වන විට බොලිවුඩයේ දැවැන්ත තරු රැසක් සමඟින් තම රංගනයන් ඉදිරිපත් කරන්න වරම් ලබා ගෙන තියෙනවා. මීළඟට ඇයගේ නිර්මාණයේදී හමු වෙන්නේ වරුන් ධවාන් සහ ජෝන් ඒබ්‍රහම්. ලබන 29 වැනිදා තිරගත වීමට නියමිත එය රෝහිත් ධවාන් අධ්‍යක්ෂණය කළ Dishoom..
ක්‍රියාදාම චිත්‍රපටයක් වන Dishoom පසුගිය ජූනි මස තිරගත වෙන්න නියමිත වුණත් විවිධ හේතු නිසා මාසයකට කල් ගියා. මේ චිත්‍රපටය නිසා ජෝන් සහ වරුන්ට වගේම ජැක්ලීන්ටත් නිතරම ජීම් එකේ කාලය ගෙවන්න වූ බව තමයි ආරංචි වුණේ. මේ අත්දැකීම ජැක්ලීන්ට නම් ටිකක් නුහුරු වෙලා. ඒ වුණත් නිර්මාණය වෙනුවෙන් සාධාරණයක් කරන්න ඇයත් කොහොම හරි ඒ වෙනුවෙන් කැප වෙලා.
ජෝන් සහ වරුන් Dishoom වෙනුවෙන් වුණු මහන්සිය දැකපු ජැක්ලීන් කිව්වේ මෙහෙම දෙයක්. වරුන් හොඳ ශක්ති සම්පන්න තරුණයෙක්. නිදා ගන්නේ නැතුව එක දිගට වුණත් වැඩ කරන්න සූදානම්. ඇත්තටම ඔහු අධ්‍යක්ෂවරයෙකුග් සිහිනයක් වන නළුවෙක්. ජෝන් ගැන කියනවා නම් ඔහු හොඳ ක්‍රියාදාම නළුවෙක්. පිටට තද පුද්ගලයෙක් වගේ පෙනුනත් ඇත්තටම ඔහු හරිම මෘදු කෙනෙක්. දර්ශන තලයේ විවේකයේදි ඔහු නිතරම විහිළු කරනවා. සමහර වෙලාවට ඒවා විහිළුද කියලා මට තේරුම් ගන්න බැහැ ජැක්ලීන් පවසනවා.
breaking news - Local Gossip
‘ආදරණීය කතාවක්’ සිනමා පටයෙහි ප්‍රධාන චරිත මවන හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි සමඟ උදාරි වර්ණකුලසූරිය මෙම මස 23 වැනිදා එනම ලබන සෙනසුරාදා මාතරට පැමිණීමට නියමිතය. ඔවුන් එදින උදෑසන 10ට මාතර ස්කයි ලයිට් සිනමා ශාලාවටත් 10.30ට මාතර නිව් සිනමා ශාලාවටත් පැමිණෙනු ඇත.
එතැනින් පසු සවස 2.30ට තංගල්ල රුහුණු සිනමා ශාලාවටත් සවස 6.30ට ගාල්ල ප්‍රින්ස් සිනමා ශාලාවටත් පැමිණීමට නියමිතව ඇත. එදින එම පිරිස සමඟ මෙම සංචාරය සඳහා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ, නිෂ්පාදක චමින්ද ගමගේ සහ සහය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත සහභාගිවීමට නියමිතය.
breaking news - Local Gossip
මෙවර අප හඳුන්වා දෙන්නේ මින් පෙර කිසිදු පුවත්පත් හෝ වෙබ් අඩවියක ලිපියක් පළ නොවූ තැනැත්තියකි. ඇය දිල්හානි වෙඩික්කාරගේ වේ. තූර්යා, ඇසිඩ් සහ දූවිලි මල් රංගනයෙන් හැඩ කළ ඇය ලේඛිකාවක් වන්නට ද පෙරුම්පුරන්නීය.
දිල්හානි . . . අද ටිකක් බයෙන් වගෙයි ඉන්නේ?
ඇත්තටම ඔව්. මං කලින් මේ වගේ සාකච්ඡාවකට එකතු වෙලා නැහැ. ඉතින් මොනවා අහයිද දන්නේ නැහැනෙ. ඒකයි බය.
ඔබ පළමුවතාවට කැමරාවට මුහුණ දුන් දිනයෙත් මේ වගේම බයකින් හිටියලු නේද?
අපොයි ඔව්. එදා මීට වඩා බය වෙලයි හිටියේ. මගේ පළමු නාට්‍යය වුණේ තූර්යා. වෙව්ල වෙව්ලා කැමරාව ඉස්සරහට ආවා. ඩයලොග් කිව්වෙත් සෑහෙන්න චකිතයකින්.
එදා රඟපාන්න ගිහින් නා ගත්තේ නැද්ද?
වෙලාවට එහෙම නම් වුණේ නැහැ. කොච්චර බය වුණත් ලැබුණු චරිතයට උපරිම සාධාරණය ඉටු කළා.
මේ වන විට ඔබ රඟපාන්න ඇවිත් කොච්චර කල්ද?
අවුරුද්දක් විතර.
මේ කාලය අතරතුරදී ලැබුණු අවස්ථා ගැන සෑහීමකට පත් වෙනවාද?
නැහැ.
ඒ මොකද?
මගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමට ලැබුණු අවස්ථා මදි වගේ.
මොන වගේ චරිතයක් කරන්නද ආස?
අහිංසක චරිතයක්.
ඔබ සැබෑ ජීවිතයේ අහිංසක කෙනෙක්ද?
අපොයි නැහැ. මං දඟම දඟ දඟ මල්ලක්. වෙලාවකට හිතෙනවා දඟකාරකම වැඩි ද කියලත්.
බැරි වෙලාවත් දුෂ්ට චරිතයකට කතා කළොත් ඔබ යන එකක් නැහැ?
වෙන්න පුළුවන්. මට දුෂ්ට චරිත කරන්න අමාරුයි දැන්ම. අත්දැකීම් එක්ක මං ඒ වගේ චරිත කරන්න යොමු වේවි.
ඔබ රංගනයට අමතරව ලේඛනයේද යෙදෙන බව කිව්වා?
මං මේ වන විට නවකතාවක් ලියලා ඉවරයි. ඒක පළ කරන්නයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම නාට්‍යයකට පිටපතක් මේ වන විට ලියාගෙන යනවා.
ඔබට කවදා හරි ඕනෑ නිළියක් වන්න ද ලේඛිකාවක් වන්නද?
ලේඛිකාවක් වෙනවා. ඒ අතරතුරදී හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා. මේ දෙක සමබරව ගෙනියනවා.
ඔබ ලේඛිකාවක් වෙන්න හිතාගෙන ඒ අනුව කටයුතු කරන්නේ නැතුව රංගනයට පිවිසුණේ ඇයි?
රඟපාන්න ඇවිත් ක්ෂේත්‍රයට එකතු වෙලා ඒ ගැන අත්දැකීම් ගන්න මට ඕනෑ වුණා. නිකම්ම නිකම් පිටපත් රචකයෙකු වෙන්නේ නැතුව දැනගෙන වැඩේට බහින්නයි මං හිතාගෙන ඉන්නේ.
ඔබේ ටෙලි නාට්‍ය පිටපත රූපයට නඟන්න හිතාගෙන ඉන්නවාද?
අනිවාර්යයෙන්ම. ඒත් තවම මං ඒක කාටවත් දීලා නැහැ.
නිළියක් විදිහට ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?
ක්ෂේත්‍රයේ රැඳීමම අභියෝගයක්. මොකද දිනෙන් දින අලුත් අය එනවා. ඒ අය අතරේ අපි අපේ දක්ෂතා එළි දක්වමින් ඉදිරියට යන්න ඕනෑ. නැත්නම් අපි ෆේල්.
දිල්හානිගේ ගම කොහෙද?
බලංගොඩ.
නැවතිලා ඉන්නේ?
මහරගම.
ගෙදරින් කැමැති වුණාද ඔබ රඟපාන්න එනවට?
ඔව්. එයාල බැලුවේ මගේ සතුට ගැන.
ඔබේ පවුලේ විස්තර කියමු?
අම්මයි, තාත්තයි, නංගියි.
උපන් දිනය?
1996. 8. 11
මේ වන විට ඔබ පෙම්වතියක්ද?
නැහැ.
ඔබට ආදරේ කරන්න නළුවෙක් ඉදිරිපත් වුණොත්?
ඒ ගැන ගොඩක් හිතන්න වෙනවා.
ඒ යෝජනාව ගැන සලකලා බලන්නේ නැතිද?
ඒක එහෙම වුණොත් බලමුකෝ. මං හිතන්නේ නැහැ එවැනි යෝජනාවක් ඒවි කියලා.
මේ ක්ෂේත්‍රය ගැහැනු ළමයින්ට කතා හැදෙන තෝතැන්නක්?
මං දන්නවා. කට කතාවක් නොහැදුණොතින් තමයි පුදුමේ.
එතකොට හිතෙයි ලේඛිකාවක් විතරක් වෙලා හිටියා නම් හොඳයි කියලා?
අනේ මන්දා. කොහොමටත් මං ඔවැනි කතා බලාපොරොත්තුවෙන් ඉන්නේ.
දිල්හානි කොටට අදින්නේ නැති ද අනිත් නිළියෝ වගේ?
කොටට අඳිනවා. හැබැයි ගොඩක් කොටට අඳිනවා අඩුයි.
නමට හානි වෙයි කියලද?
ඔව්. කොටට අඳින අය දිහා බොහෝ දෙනෙක් බලන්නේ වැරදියට. ඉතින් මං දිහාත් එහෙම බැලුවොත්. ගමන ආරම්භ කරපු ගමන් මගේ නමට හානි වේවි කියලා මට හිතෙනවා කොටට ඇඳපුවාම.
දිල්හානි සිනමාවට ආසද?
ඔව්. ගොඩක් ආසයි. සිනමාවට එකතු වෙන්න අදහස් කරගෙන ඉන්නවා.
වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණොත් මොකද කරන්නේ?
කීයටවත් යන්නේ නැහැ. මවිසින්ම එවැනි චිත්‍රපටවලට නොයනවා කියන වාරණයක් දාගෙන මං ඉන්නේ. මට හානියක් වන චරිතයකට කීයටවත් මං එකතු වන්නේ නැහැ.
සාමාන්‍යයෙන් ඔබ චිත්‍රපට බලනවාද?
ඔව්.
නිකම්ම ඔහේ චිත්‍රපට බලනවාද නැත්නම් අධ්‍යයනයක යෙදෙමින් ද බලන්නේ?
මේ ක්ෂේත්‍රයේ ඉන්න කොට නිරන්තර අධ්‍යයනය ඉතාම වැදගත්. මං චිත්‍රපටයක් බලද්දී වුණත් ඒක කරනවා. අපේ අය ගාව නැත්තෙත් ඒකනෙ.
දිල්හානිගේ උස කීයද?
අඩි පහයි.
නිළියක් විදියට මීට වඩා උස තිබුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?
නිළියක් වුණාම උස තියෙන්න ඕනෑමයි. ඒත් මට තියෙන උස මට ඇති. මොකද මං ලද දෙයින් සෑහීමකට පත්වන කෙනෙක්. මට දෙවියන් ලබා දීලා තියෙන දේවල් ගැන මං තෘප්තිමත්.
දිල්හානි ඉගෙන ගත් පාසල මතක් කළොත් හොදයි?
රත්නපුර ශ්‍රී වලගම්බා මහා විදුහල.
ඔබ විසින්ම ඔබව කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?
ඒකට කලින් කියපු උත්තරේම තමයි දෙන්න වෙන්නේ. දිල්හානි වෙඩික්කාරගේ කියන්නේ දඟ මල්ලක්.
සටහන - ප්‍රසාද් සමරතුංග
සේයාරුව - මාලන් කරුණාරත්න
උපුටා ගැනීම - සරසවිය පුවත්පතින්
breaking news - gossip - Local Gossip - slgossip
Subscribe to:
Posts (Atom)































































