Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » බොලිවුඩයේ ඇවිළුණු ත්‍රිකෝණ පෙම......

බොලිවුඩයේ අලුත්ම පෙම් යුවළ විදිහට මේ දවස්වල කාගේත් කතාබහට ලක්වෙන්නේ රන්බිර් කපූර් සහ කත්‍රිනා කයිෆ්. රන්බිර්ගේ උපන් දින උත්සවයත් ‘මට දැන් රන්බිර් කපූර් සමග ආත්මීය බැඳීමක් තිබෙනවා’ යැයි කත්‍රිනා කළ ප්‍රකාශය නිසාත් ඔවුන් පෙම්වතුන් ලෙස බොලිවුඩ් රසික රසිකාවියන් අතර තහවුරු වී හමාරයි.

එහෙත් පසුගිය දිනක මේ නව පෙම් යුවළ අතර තෙවැන්නියක් පැමිණියා. ඒ දීපිකා පදුකෝන්. මේ පැමිණීමට සත්‍ය වශයෙන්ම වගකිවයුත්තේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පුවත්පතක්. ඔවුන් විසින් පළ කළ රන්බිර් සහ දීපිකාගේ ඡායාරූපයක් නිසයි මේ ආන්දෝලනාත්මක තත්ත්වය ඇතිවුණේ.

කෙසේ වෙතත් තවමත් මේ සම්බන්ධව රන්බිර් නම් කිසිදු අදහස් දැක්වීමක් සිදුකරලා නැහැ. ඒත් ඔහුගේ පෙම්වතිය කත්‍රිනා නම් ඉතාම ඉක්මන් ප්‍රතිචාරයක් ඒ ගැන දක්වලා තිබුණා. ඇය කියන විදිහට මේ උද්ගතවෙලා තියෙන තත්ත්වයෙන් අප්‍රසන්න විදිහට අයුතු ප්‍රයෝජන ගන්න කාට හරි අවශ්‍ය වෙලා තියෙනවාලු. ඒ වුණත් ඒක එතරම් වැදගත්කමක් දිය යුතු මේ සම්බන්ධව රන්බිර් අනුගමනය කළේ නිහඬ පිළිවෙතක්. 


ඔහු එම ඡායාරූප පිළිබඳ කිසිදු අදහසක් පළ කළේ නැහැ. නමුත් ඔහුගේ වත්මන් පෙම්වතිය කත්‍රිනා පවසන්නේ එය එතරම් ගණන්ගත යුතු කරුණක් නොවන බවයි. කත්‍රිනා ඉන්දීය මාධ්‍යයන්ට පවසා ඇත්තේ ‘කවුරු හරිද, කවුරු වැරදිද කියලා මම දන්නේ නැහැ. ඒත් මම හිතන්නේ කාට හරි අවශ්‍ය වෙලා තියෙනවා හරිම අප්‍රසන්න විදිහට උද්ගත වෙලා තියෙන තත්ත්වයෙන් අයුතු ප්‍රයෝජන ගන්න. නමුත් එය වැළැක්විය හැකි සිද්ධියක් ‍නෙවෙයි කියලයි කත්‍රිනා නම් කියන්නේ.’


උපුටා ගැනීම - රිවිසරසි පුවත්පතින්

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply