Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » මම නැව ගිලුනත් බෑන්චූන් නිළියක්

අපේ පවුලේ අයත් එක්ක යන කොට මම කොටට අඳිනවා
ෂූටින් නැතිදාට අක්කාගේ බබා බලා ගන්නවා

- බුවිනි චාපා දියලගොඩ

බුවිනි චාපා දියලගොඩ කියන්නේ මොන වගේ කෙනෙක්ද?
හරිම සැහැල්ලුවෙන් ජීවත් වන ගැහැනු ළමයෙක්.

එච්චර සැහැල්ලුවෙන් ජීවත්වන්න කොහොමද ඉගෙන ගත්තේ?

ඇත්තම කිව්වොත් අද කාලේ වැඩි දෙනෙක් ඉන්නේ නොසන්සුන් මනසින්. එහෙම වුණාම සැහැල්ලුවෙන් ඉන්න අමාරුයි. මම නම් දෙයක් ගැන ඕනෑවට වඩා හිතන්නේ නැහැ. නැව ගිලුනත් බෑන් චූන් මතයෙන් මම ඉන්නේ. පොඩි කාලේ ඉඳලා මං එහෙමයි.

වත්සලා දියලගොඩ , ඔබේ අක්කණ්ඩිය ඔබට අභියෝගයක් වෙලා නැතිද?

මට ඇයව අභියෝගයක් නෙවෙයි. සහෝදර ප්‍රේමය හින්ද ඇයට ලබෙන දේවල් ගැන මම සතුටු වෙනවා. ඇය හා සමානවම මමත් එහෙමයි. මං හිතන්නේ මාව හැරුණු කොට ඈ මං ලබා සිටින දියුණුව ගැන ඇය උපරිම තෘප්තියෙනුයි කතා කරන්නේ.

වත්සලා දැන් මවක් නිසා රංගනයෙන් තරමක් දුරස් වෙලා. මේ කාලයේ ඇයට වඩා ඔබව ඉස්මතු වුණා?

එහෙමත් කියන්න අමාරුයි. මොකද ඇය පෙනෙන්නට නොසිටියත් මිනිස්සුන්ට ඇයව අමතක වෙලා නැහැ. අද වුණත් මාව හඳුනන්නේ වත්සාලගේ නංගි හැටියට. මං දවස ගානේ ටී. වී. එකේ හිටියත් අක්කට වැඩිය ජනප්‍රිය වෙන එකක් නැහැ.

ඔබේ නමේ තේරුම මොකක්ද?

බුවිනි කියන්නේ භූමියට දෙව්දුව කියන අර්ථය.

ඔබේ නම ලස්සනයි කියලා කී දෙනෙක් පවසලා තියෙනවාද?

ගොඩක් දෙනා.

ඒ වුණාට ඔබේ නම මතක තියාගන්න හරිම අමාරුයි?

සහතික ඇත්ත. මගේ නම ලස්සනයි කිව්ව බහුතරයකට නම නම් මතක නැහැ. වැඩි දෙනෙකු මගේ නම වරද්දනවා.

එහෙම නම වැරැදුන හොඳම අවස්ථාව මතක් කළොත්?

එක්තරා පුවත්පතක මගේ කවර්පේජ් එකක් ගිය වෙලාවක මගේ නම සඳහන් වෙලා තිබුණේ බබුනි හැටියට. මගේ යාළුවො කතා කර කර විහිළු කළා ඔයා බබුන්ගේ ගෑනු සතා ද කියලා.

දුක හිතුණෙ නැතිද නම විකෘති වුණ එකට?

අපොයි නැහැ. මට හරිම ජොලි. ඒ වැරදීම නිසා තමයි බොහෝ දෙනෙකු මගේ නම හරියටම දැනගත්තේ.

ඔබ මේ දවස්වල උතුම් පැතුම් නාට්‍යයේ පමණක් ද පෙනෙන්නට ඉන්නේ?

ඔව්. එහි මම චාමරි. සාමාන්‍ය ගැහැනු ළමයෙක්. තව නාට්‍ය තුනක් විතර එන්න තියෙනවා.

බුවනිට හැමදාම ලැබෙන්නේ එකම විදිහේ චරිත?

මටත් ඒක ගැටළුවක්. මට ඕන චරිතයක් රඟපාන්න පුළුවන්.

විකට චරිතයක් වුණත්?

අනිවාර්යයෙන්ම මං ඒ අභියෝගය බාර ගන්නවා. නිළියක් කියන්නේ ඒකනේ.

ඔබ කලින් කිව්වා නිළියක් නිසා ඕනෑම චරිතයක් රඟපානවා කියලා. ලිංගික දර්ශන නිරූපණය කරන්නට කියන චරිතයකට පණ පොවන්න ආරාධනාවක් ලැබුණොත් ඒකත් බාර ගන්නවාද?

අප රටේ සංස්කෘතියට පටහැනි චරිතයක් ලැබුණොත් දෙවතාවක් හිතන්න වෙනවා. මොකද ඔය වගේ චරිත විතරක් නෙවේ සත්ගුණවත් චරිතයක් රඟපෑවත් නිළියන් ගැන ඇතැම් අය බලන්නේ වැරදි ඇහැකින්නේ. හැබැයි මං හොලිවුඩ්වල ඉපදුනා නම් ඔය වගේ හිතන එකක් නැහැ. එහෙ ෆිල්ම් කියන්නේ ෆිල්ම්නෙ. ෆිල්ම් සහ සැබෑ ජීවිත ඔවුන් පටලව ගන්නේ නැහැ.

ඒ කියන්නේ ඔබ ඕනෑම චරිතයක් බාර ගන්නවා කිව්වේ බොරුවට?

නැහැ, නැහැ. මගේ සීමාව ඇතුළෙ තියෙන ඕනෑම චරිතයක් මං බාර ගන්නවා යනුවෙන් එය නිවැරිදි විය යුතුයි.

බුවිනිට සිංහල සිනමාව ගැන මොන වගේ දැනුමක් ද තියෙන්නේ?

සාමාන්‍ය දැනුමක්.

සාමාන්‍යයෙන් බුවිනි සිංහල චිත්‍රපට බලනවද?

ඔව්. අප සිනමාවේ ස්වර්ණමය යුගය වන හැට හැත්තෑව දශකවල නිර්මාණය වූ චිත්‍රපටවලට මං හරිම ආසයි. වෙලාවකට හිතෙනවා මං ඒ කලේ හිටියා නම් කියලා. එතකොට ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ජෝ අබේවික්‍රම වගේ දැවැන්තයින් එක්ක රඟපාන්න තිබුණා.

ලංකාවේ දේශපාලනය ගැන බුවිනි මොන වගේ මතයකද ඉන්නේ?

අනේ මගේ දේශපාලන දැනුම නිල්.

බුවිනිට බැරි වෙලාවත් කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරයක් ලැබුණොත් මුලින්ම මොකද කරන්නේ?

කාන්තා හිංසනය නවත්වන්න පනත් දාහක් විතර ගෙනල්ලා ඒවා සම්මත කරගෙන නීතිය දැඩි කරනවා.

බුවිනිට දැනෙන විදිහට නවක නිළයන්ගේ විවාහ ජීවිත දෙදරා යන්නේ ඇයි?

ප්‍රධානම හේතුව තම සැමියා පිළිබඳ අවබෝධයක් නැතිකම.

බුවිනි රඟපාන්න ආසාවෙන් ඉන්න නළුවා කවුද?

ෂාරුක් ඛාන්. හැබැයි ඒක හීනයක් විතරයි කියලා මං දන්නවා.

ක්ෂේත්‍රයේ ඉන්න නවක ගැහැනු ළමයින්ට අයුතු යෝජනා කරන පිරිමි ගැන මොනවද කියන්න තියෙන්නේ?

මේ ක්ෂේත්‍රයේ ඉන්නේ තමන්ගේ අම්මල නංගිල සහෝදරියෝ කියලා හිතන්න.

බුවිනි සාමාන්‍යයෙන් කොට ඇඳුම් අඳිනවද?

මෙහෙමයි, මං කොටට අඳින්නේ අපේ පවුලේ අයත් එක්ක ගමනක් බිමනක් යනකොට විතරයි. ඉන් පරිබාහිර කිසිම වෙලාවක මං කොටට අඳින්නේ නැහැ.

බුවිනිව ඇයි අපේ අධ්‍යක්ෂවරුන් සිනමාවට ගන්නවා අඩු?

මං රඟපෑවේ එකම එක චිත්‍රපටයකයි. ඒක ස්පන්දන. තවම පෙන්නුවේ නැහැ. මට සිනමාවට ලැබෙන ආරාධනා නම් අඩුයි තමා.

බුවිනිව සිනමාවට ගැලපෙන්නේ නැතුව ඇති?

අනේ මන්දා.

රඟපානවාට අමතරව බුවිනි මේ දවස්වල වැඩිපුරම කරන්නේ අක්කගෙ බබාව බලාගන්න එකලු. ඇත්තද ඒක?

අනේ එයා හරිම සුරතල්. මං තමයි වැඩිපුරම බබාව නිදි කරවන්නේ. ෂූටිං නැති දවස්වල මං අක්කලගෙ දිහා ගිහින් බබාව බලාගෙන ඉන්නවා. දැන් ඒක රාජකාරියක් වගේ.

බුවිනි කවදද කසාදයක් එහෙම කර ගන්නේ?

ළඟදීම.

පෙම්වතා ගැන විස්තර කියන්න කැමැතිද?

ඉදිරියේදී කියන්නම්කෝ.

ඔහු ක්ෂේත්‍රයේ කෙනෙක්ද?

නැහැ.

නව පරපුරේ දැන් ඉන්න නිළියන්ට කිසිම වගකීමක් නැහැ කියලා ඇතැම් දෙනා කියනවා?

ඒක යම්තාක් දුරට හරි. සමහර අය ලණු දෙනවා. ෂූටිංවලට දින දීලා එන්නේ නැහැ. එතකොට හැමෝම අමාරුවේ වැටෙනවා.

ඒ වගේම නිළියෝ ගැටුම් පවා ඇති කර ගන්නවා දර්ශනතලවලදී?

එහෙම වෙන්නේ සමාජ මට්ටම අනුව. වැදගත් කෙනෙක් නම් එහෙම කෙස්වලු පටලවා ගන්නේ නැහැනේ. කතාබහ කරගෙන ප්‍රශ්න විසඳගන්න එක තමයි හොඳ. එතකොට ක්ෂේත්‍රය ගැනවත් කවුරුවත් වපර ඇහින් බලන එකක් නැහැ.

බුවිනි රංගනයෙන් ඉදිරියට යන්න ද හිතාගෙන ඉන්නේ?

දැනට නම් ඒ අදහස තමයි හිතේ තියෙන්නේ. තව ටිකක් ඉගෙන ගන්නත් ඕනෑ. වෙනත් ක්ෂේත්‍රයක් ගැන ඉගෙන ගත්තත් රංගනය නම් අත හරින්නේ නැහැ.







«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply