2014 නොබෙල් සාම ත්‍යාග්‍යය සදහා ළමයින් උදෙසා ක්‍රියාකාරිකයින් ලෙස කටයුතු කල පාකිස්ථාන ජාතික මලාලා යුසුෆ්සායි සහ ඉන්දීය ජාතික කයිලේෂ් සට්යාර්ති නම් කෙරේ. මීට පැය කිහිපයකට පෙර නොබෙල් ත්‍යාග කමිටුව විසින් මෙම නම් කිරීම සිදු කර තිබේ.
මාලාලා යුසුෆ්සායි සහ කයිලේෂ් සට්යාර්ති යන දෙදෙනාම ළමයින්ගේ අධයාපන අයිතීන් වෙනුවෙන් පෙනී සිටිම මෙහි විශේෂ සිදුවීමකි.
කයිලේෂ් සට්යාර්ති වර්ෂ 1990 දී පමණ ඉන්දියාවේ ළමා මෙහෙකාර සේවයට එරෙහිව කටයුතු කළ ක්‍රියාකාරිකයෙක් වන අතර ඔහු ඉන්දියාව පුරා අධ්‍යාපන අයිතිය අහිමිව සිටි 80000 ක පමණ දරු පරපුරක් නැවත පාසැල් ගත කිරීමට සමත්විය.
තලේබාන් සංවිධානය විසින් ළමුන්ගේ පාකිස්ථානයේ ගැහැණු ළමුන්ට පාසැල් යාම තහනම් කරමින් අධ්‍යාපන අයිතිය උදුරා ගන්නා විට බීබීසිය හා එක්වී ඊට එරෙහිව හඩනැගු මළාලා සුයුෆ්සායි මේ වනවිට 17 වන වියේ පසුවෙයි. ඇය නොබෙල් සාම ත්‍යාග්‍යෙයෙන් පිදුම් ලැබු ලාබාලතම තැනැත්තියයි. ඇය තලේබාන් සංවිධානයට එරෙහිව ලියු දේ නිසා වර්ෂ 2012 ඔක්තෝබර් 9 වන දින පාකිස්ථාන ස්වැට් නිම්න ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයට ලක්විය. එහිදී බරපතල තුවාල ලැබු ඇය පසුව සිංගප්පුරුවේ රෝහලකින් ප්‍රතිකාර ලබා මේ වන විට බ්‍රිතාන්‍යයේ සරණාගත භාවය ලබා සිටියි.
්
Subscribe to:
Post Comments (Atom)
No comments