ඉන්දීය සිනමාවේ මේ කාලයේ පුවත් මවන්නන් අතර වැඩිම අවදානයක් දිනාගෙන තිබෙන එක් ජෝඩුවක් වන්නේ ආදිත්‍ය රෝයි කපුර් සහ ශර්ධා කපුර් යන දෙදෙනා. මේ නිසාම මේ දෙන්නා එක්ව හෝ වෙන් වෙන්ව යන එන තැන් ලුහුබඳින්න පැපරාසි මාධ්‍ය සෑම මොහොතකම නොඉවසිල්ලෙන් පසුවෙනවා.
ආදිත්‍ය මේ දවස්වල ඔහුගේ අලුත්ම චිත්‍රපටය දාවත් ඊ ඉෂ්ක් හි ප්‍රවර්ධන කටයුතු සඳහා ජර්නීතා චොප්රා සමග එකතු වී සිටිනවා. පසුගිය සතියේ එක්තරා දවසක සුරාත් ප්‍රදේශයේ චිත්‍රපට ප්‍රවර්ධන කටයුත්තකට එක්වූ මේ පිරිස අතරින් ආදිත්‍ය රෝයි අතුරුදන් වී තිබෙන බව දැකගන්නට ලැබිලා. මේ නිසා ටිකක් විපරම් කළ චිත්‍රපට කණ්ඩායම ආදිත්‍ය දහවල් කාලයේ කාටත් හොර රහසේම සාප්පු සවාරියක් ගොස් ඇති බව ආරංචි වෙලා.
ඔහු ගොස් ඇත්තේ ඔහුගේ සුරූපී පෙම්වතිය වෙනුවෙන් දියමන්ති මුදුවක් මිලට ගැනීම සඳහායි. නගරයේ ප්‍රසිද්ධ දියමන්ති ආභරණ වෙළෙඳ සැලකට ගොඩ වෙන්න ගිය ආදිට එහි පැමිණ සිටි 15000කට අධික පාරිභෝගික ජනතාව නිසා එහි ඇතුළු වීමට තබා ඇඟිල්ලක්වත් ගැසීමට නොහැකි වෙලා.
නමුත් කෙසේ හෝ පෙම්වතිය ශර්ධා කපුර් වෙනුවෙන් මේ තිළිණය රැගෙන යන්නට තීරණය කළ ආදී ඔහු නැවතී සිටි හෝටලයේ සේවකයෙක් මාර්ගයෙන් දියමන්ති ආභරණ සාප්පුවට කතා කරලා ඔහු සිතේ තිබුණ දියමන්ති මුදුව කාමරයටම ගෙන්න ගෙන. මේ පුවතේ සත්‍යතාවය ආභරණ සාප්පුව විසින්ද මාධ්‍ය වෙත තහවුරු කළා.
නමුත් ආශිකි 2 චිත්‍රපටයේ පෙම්වතුන් ලෙස රඟපෑමෙන් ජනප්‍රිය වූවාට පස්සේ මේ දෙන්නා විවිධ චිත්‍රපටවල එකට පෙනී සිටියත් තවමත් ආදී සහ ශර්ධා සැබෑ පෙම්වතුන් බව ප්‍රකාශ කර නැති වීම පුදුමයක්.
Subscribe to:
Post Comments (Atom)
No comments