Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » ලස්සන වුණු පමණින්ම අයුතු යෝජනා ලැබෙන්නෙ නෑ

මම
සම්පූර්ණ නම - පී.ඒ. ලෝචනා ඉමාෂි
වයස (කැමති නම්) - 26 යි.
වෙනත් නම් - නෑ
ඔබ තුළ ඔබ දකින නරකම ගතිගුණය -  තැනක් නොතැනක් නැතිව කියවන එක. 
වැඩිපුර වටින්නෙ කලාවද?  පුද්ගලික ජීවිතයද?  - දෙකම

දවස
ලෝචනා උයන කෑම - අනික් අයට කන්න පුළුවන්ද? 
අ‍පෝ පුළුවන්. මට ඒක විතරයි හරියට කරන්න පුළුවන්. 
ව්‍යාපාරයක්  පටන් ගත්තොත් ඒ මොන ක්‍ෂේත්‍රයෙන්ද? - හැමෝම නොකරන ජාතියේ එකක් කරාවි.
අවසාන වතාවට ‍පොතක් කියෙව්වේ කවදාද? - මතක නෑ.
ෆේස්බුක් ගිණුම් කීයක් නඩත්තු කරනවද? - මගේ ඇත්තම එකවුන්ට් එකයි. ෆේක් එකවුන්ට් නම් 12 ක් තියෙනවා. 
අවසාන  වතාවට අඬුවේ කවදාද? දවස් දෙකකට කලින්. - හේතුව නම් කියන්න බෑ.

ආදරය 
මුලින්ම පෙම්වතියක් වෙනකොට වයස කීයද? - අවුරුදු 19 යි.
ආදරය මුලින් ප්‍රකාශ කළ යුත්තේ පෙම්වතාද? පෙම්වතියද? - පෙම්වතා.
ඒ ඇයි? - අනේ මන්දා. මම නම් අහන්නේ නෑ මළාට. එයා අහනකල් ඉන්නවා.
ආදරය හිතට දැනෙන දෙයක්ද? ගතට දැනෙන දෙයක්ද? - හිතට.
ආදරය සහ අනුරාගය අර්ථ දැක්වුවහොත්? - ආදරය ඇතුළෙ අනුරාගය තියෙනවා.

කලාව
ක්‍ෂේත්‍රයට එන්න බලපෑ ලොකුම හේතුව මොකක්ද? - දක්ෂතාව
ක්‍ෂේත්‍රයේ රැඳෙන්න රූපය කොතරම් බලපානවද? - රූපය විතරක් මදි. දක්ෂතාව හා වාසනාව බලපානවා.
ලස්සන රංගන ශිල්පිනියන්ට අයුතු යෝජනා එන කතාව ඇත්තක්ද? බොරුවක්ද? - ලස්සන වුණු පමණින්ම අයුතු යෝජනා එන්නේ නැහැ. කෙනෙක් ඉන්න විදිහ අනුව තමයි ඒක වෙන්නෙ. 
තමන්ට වඩා ලස්සන රංගන ශිල්පිනියන් තුන්දෙනෙක් නම් කළොත්? - කාජල්, ඓශ්වර්යා, මධුරි. ලංකාවේ සේරම නිළියෝ මට වඩා ලස්සනයි.
ගැහැනු මොළේ හැඳි මිටේ දිගද? - අ‍පෝ නෑ. ගෑනුන්ට මොළේ තියෙනවා පිරිමින්ට වඩා.


විවාහය
විවාහයට සුදුසුම වයස කීයද? - මගේ වයස (26-28 අතර)
වඩාත් හොඳ යෝජිත විවාහයක්ද? - බැඳලා ආදරේ කළත්, ආදරේ කරලා බැන්දත් 
දෙකම එකයි.
පෙම්වතාට ගෙදරින් අකමැති වුණොත් තෝරාගන්නේ ගෙදරද? ඔහුවද? - කොහොමහරි දෙපැත්ත සමාදාන කරනවා.
එහෙම අවස්ථා කීයක් උදාවෙලා තියෙනවද? - එක පාරක්වත් නෑ.
කලාවෙන් සමුගන්න අනාගත සැමියා බල කළොත්? - මහත්තයාට වඩා ලොකු දෙයක් තියෙන්න බැහැනේ.









«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply