Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » ඉල්ලුම නම් අඩු නැහැ ඒත් සැපයුම නම් අඩුයි

දැන් කලාවත් මුදලටයි දේශපාලනයටයි යට වෙලා....

පුබුදු චතුරංග කඩවසම් නළුවෙක්. ඒ නිසා ඔහුට ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙනවා. ඒත් ඒ කඩවසම් නළුවා පසුගිය කාලය පුරාවමට පුංචි තිරයේදීවත් රිදී තිරයේදීවත් දකින්න ලැබුණේ නැහැ. අපිට නම් ආරංචිය ඔහු විවාහයට සූදානම් වෙනවා කියලායි. ඒ නිසා ඒ ගැන අපි ඔහුගෙන්ම විමසුවා. මේ පුබුදු ගැන තොරතුරුයි.

පුබුදු ගාල්ලට වෙලා මේ දිනවල මොනවද කරන්නේ?
හුඟක් අය කියනවා මම මේ දවස්වල හැංගිලා ඉන්නවා කියලා. රූපවාහිනිය දැක්කම හිතාගන්න පුළුවන් හැංගෙන්න හේතුව මොකක්ද කියලා. ඒ නිසා මම මේ දවස්වල ගාල්ල මගේ ගෙදරට වෙලා විවේක සුවයෙන් ඉන්නවා. 

ඔය නොකියා කියන්නේ දැන් බිහිවෙන නිර්මාණ බාලයි. ඒවාට සම්බන්ධ වෙන්නේ නැහැ කියලද?
රූපවාහිනිය බැලුවම ඒක හොඳට පේනවා. හුඟක් බිහිවෙන්නේ අර්ථයක් නැති නිර්මාණ. කලාව දැන් ගිලිහිලා ගිහින්. වෙළෙඳ‍පොළ ඉස්මතු වෙලා.ඒකට මම අධ්‍යක්ෂවරයාට දොස් කියන්නේ නැහැ. ක්‍රමයේ වැරැද්ද. ඒ ක්‍රමය නිවැරදි වෙන දවසක හෝ හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණු දවසට රඟපානවා. 

පුබුදු කියන්නේ වෘත්තීය රංගන ශිල්පියෙක්. නිර්මාණ තෝරා ගැනීම ආර්ථිකයකට බලපාන්නේ නැද්ද?
රඟපෑමෙන් ඉවත් වෙලා ඉන්න එක තදින්ම ආර්ථිකයට බලපානවා. ඒක දරා ගන්න බැහැ. ඒත් ජීවත් වෙන්න සල්ලි ඕන කියලා මම හෘද සාක්ෂිය පාවා දෙන්නේ නැහැ. 

නිහඬවීම ජනප්‍රියත්වයට අවාසියක් කිව්වොත්?
මට ආදරය කරන ප්‍රේක්ෂකයින් පිරිසක් ඉන්නවා. මම නිර්මාණවලින් දැක්කත් නැතත් ඒ අය මට ආදරෙයි. ඒක ජනප්‍රියත්වයට හානියක්වත් ප්‍රතිචාර අඩුවෙලාවත් නැහැ. නිහඬව ඉඳලා ගිනි කන්දක් පිපිරුවා වගේ එකපාරට හොඳ නිර්මාණයකින් එළියට එන්න තියෙනවනේ. ඒ වගේම කියන්න ඕන හොඳ චරිත රඟපෑමටත් ලැබෙන ප්‍රතිචාරයට සදාකාලිකයි. තාවකාලක ප්‍රතිචාරවලට වඩා මට වැදගත් වෙන්නේ සදාකාලික ප්‍රතිචාරයි. 

ඔය කිව්වට ඉල්ලුම අඩු නිසා නේද සැපයුමත් අඩු?
හුඟක් නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. මම බැහැ කිව්ව නිර්මාණවල වෙන අය රඟපානවා. ඒ ගැන මම දුක් වෙන්නෑ. මට වැඩ වැඩි කා‍ලේ හුඟක් හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඒ වැඩ වැඩි නිසා ඒවා මග හැරවුණා. ඒ නිර්මාණ දකිද්දී නම් අපරාදේ කියලා දුක් වුණා. ඇත්තටම කිව්වොත් ඉල්ලුම තවම අඩු වෙලා නම් නැහැ. සැපයුම තමයි අඩු. 

රංගනයෙන් දායක වුණත් විකාශය නොවූ නිර්මාණ තියෙනවද?
සිනමා කර්මාන්තයේ දැවැන්තයින් කිහිපදෙනකුගේ චිත්‍රපටවලට සම්බන්ධ වුණා. මේ වෙනකොට රූගත කරලා පැත්තක තියෙන චිත්‍රපට එකොළහක මම රඟපෑවා. ඒවා හොඳම නිර්මාණ. මම රඟපෑ චරිතත් ප්‍රබලයි. ඒත් ඒවා මොන හේතුවකට විකාශන ‍පෝලිමේ තියලා තියෙනවාද දන්නේ නැහැ. ලංකාවේ වැඩිම සම්මාන ලබා ගත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ලලිත් රත්නායක මහතාගේ තනි අතට යන පාර ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා. ඒකත් තවම විකාශය වුණේ නැහැ. ඇත්තටම කිව්වොත් දැන් කලාවත් දේශපාලනයටයි මුදලටයි යට වෙලා. 

විවාහ මංගල්‍යයට ලෑස්ති වෙනවා කියලත් ආරංචියි?
විවාහ වෙන්න කලින් කලාව ගොඩ දාලා ඉන්න ඕන. ඊට පස්සේ තමයි මම විවාහ වෙන්නේ. 

ඒක පෙම්වතියට කරන අසාධාරණයක් නේද?
ඒක කරන්න දෙයක් නැහැ. සාධාරණ වුණත් අසාධාරණ වුණත් මගේ තීරණය ඒක තමයි ඒක අසාධාරණයක් කියලා මම හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් බුදු වෙන්න යශෝධරාව දාලා ගියානේ. එයා මං වෙනුවෙන් බලා ඉදීවි.

උපුටා ගැනීම රිවිර පුවත්පත

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply