සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධනට විශිෂ්ඨ සමුගැනීමක් තිළිණ කිරීමේ ප්‍රමුඛ කාර්ය භාරය ඉතසිතින් භාර ගත් රංගන පකිස්‌තානු පිතිකරුවන් අන්දමන්ද කළ ආකාරය කලකට අමතක නොවනු ඇති. ලොව වැඩිම කඩුලු ලාභියා වන මුරලිදරන්ගේ සමු ගැනීමේ අඩුව මනාව පුරවමින් රංගන ශ්‍රී ලංකා කණ්‌ඩායමට ලබාදෙන දායකත්වය අතිමහත් බව කිව යුතු වෙනවා.
එම ටෙස්‌ට් තරග දෙක ජය ගැනීමත් සමග ටෙස්‌ට් කණ්‌ඩායම් ශේ්‍රණිගත කිරීම්වල අංක 6 සිට අංක 4 දක්‌වා ඉහළට ඒමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට හැකි වුණා. ශ්‍රී ලංකාවට ඉහළින් දකුණු අප්‍රිකාව, ඔස්‌ටේ්‍රලියාව සහ එංගලන්තය රැඳී සිටිනවා.
ටෙස්‌ට් තරගාවලිය නිමා වීමෙන් පසුව ශ්‍රී ලංකා පකිස්‌තානු එක්‌දින තරගාවලිය ඊයේ (23 වැනිදා) හම්බන්තොට සූරියවැව පිටියෙන් ආරම්භ වීමට නියමිතව තිබිණි. එහි අනෙක් තරග දෙක ලබන 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී, සහ 30 වැනිදා දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ සඳහා එක්‌දින තරග විශේෂඥයෙකු ලෙස සැලකෙන සහීඩ් අෆ්රිඩි පකිස්‌තානයේ සිට පැමිණ තිබෙනවා. එසේම මොහොමඩ් හෆීස් සහ අක්‌මාල්ලාද පැමිණ තිබෙනවා. එම අභියෝගයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාවෙන් ඩිල්ෂාන්, මාලිංග යන එක්‌දින තරග විශේෂඥයන් කණ්‌ඩායමට ප්‍රවේශ වෙනවා. ටෙස්‌ට් තරගාවලිය මෙන්ම එක්‌දින තරගාවලියද ලංකාවට ජය ගැනීමට හැකිවෙනු ඇතැයි ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වෙනවා.
උපුටා ගැනීම දිවයින මීවිත අතිරේකයෙනි
No comments