Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » භච්චන් මිනිපිරී හින්දි සිනමාව කලඹයිද?

'භච්චන්' ඔව්. ඒ නම හින්දි සිනමාවට සුවිශේෂීයි. මොකද 70, 80 දශකවල හින්දි සිනමාව හොල්ලපු මහා දැවැන්ත චරිත දෙකක් ඒ නමින් බිහිවෙලා තිබුණා.

දැනට අවුරුදු 72ක් වුණ අමිතාබ් භච්චන් තමයි ඒ පවුලේ ප්‍රධාන චරිතය. 70 දශකයේදි හොඳම නළුවා සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබුව අමිතාබ් භච්චන් කියන මේ හයේ හතරේ මහා නළුවා ඒ කාලේ සිනමාව හොල්ලගෙන හිටියේ.

මේ භච්චන් නම තවදුරටත් ඉදිරියට ගෙනියන්න අමිතාබ් භච්චන් 1973 දී නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ තමයි ඒ කාලේ හින්දි සිනමාවේ ජනප්‍රිය නිළියක් නැතිනම් අපේ රටේ විජය - මාලනී, විජය - ගාමිණී වගේ යුගයක් බිහිකරපු ජයා බහදූරිව නීතියෙන්ම අයිති කරගත්ත එක. අමිතාබ්-ජයා යුගය ඒ කාලේ ඉන්දියාවේ හුඟක් ජනප්‍රියයි. 60 දශකයේ ඉඳන් 90 දශකය වෙනකන්ම හින්දි සිනමාවේ ක්‍රියාකාරී වුණු ජයා දැන්නම් ඒ තරම් පේන්න නෑ.

කොහොම වුණත් ජයා බහදූරි කියන ජනප්‍රියම සිනමා තාරකාව අමිතාබ්ව බැන්දට පස්සේ ජයා භච්චන් කියලා නම වෙනස් කරගන්නවා. ඒ විදියට තමයි භච්චන් නමේ ඉදිරි පියවර තැබෙන්නේ.


අමිතාබ්-ජයා ගැන අමුතුවෙන් හඳුන්වන්න ඕනෙත් නෑ. ඒත් මේ භච්චන් පවුලට තවත් දෙන්නෙක් පස්සේ එකතු වෙනවා. ඒ ස්වේතා නන්දා හා අභිෂේක් භච්චන්. ස්වේතා නම ජනප්‍රිය නොවුණත් අභිෂේක් කියන චරිතය නැවත සිනමාවේ නැඟලා එනවා. ඒ 2000 අවුරුද්දේ ඉඳන්. මොනවා කිව්වත් අමිතාබ් තරමටම නොවුණත් අභිෂේක් අද වෙනකොට හින්දි සිනමාවේ යන්න ඕන දුර ගිහිල්ලා.


තාත්තා කළා වගේ වැඩක් අභිෂේක් කරන්නේ 2007දී. ඒ තමයි හින්දි සිනමාවේ ජනප්‍රියම නිළියක් තමන්ගේ කරගන්න එක. ඉතින් අභිෂේක් ලෝක රූ රැජන විදියට තේරුණ අයිශ්වර්යාව තමන්ගේ බිරිය කරගෙන තව භච්චන් කෙනෙක් බිහි කරනවා.


ඒ ආරාධ්‍යා භච්චන්. ඒත් ආරාධ්‍යාට තවම අවුරුදු 3යි. ඉතින් අභිෂේක් - අයිශ්වර්යා දෙන්නාගෙන් පස්සේ මේ පවුලේ නම ගෙනියන්න ඉන්නේ ආරාධ්‍යා කියලා හැමෝම කියන්න පටන් අරන්. මොකද ආරාධ්‍යාගේ අම්මයි, තාත්තයි වගේම සීයයි, ආච්චිත් හින්දි සිනමාව හොල්ලපු මහා දැවැන්ත චරිත. ඒ චරිත හතරක් පසුබිමේ තියාගෙන තමයි ආරාධ්‍යා සිනමාවට ආවොත් එන්නේ. ඒක නිසාම තමයි තවම අවුරුදු 3ක් වුණත් අයිශ්වර්යගේම මුහුණම තියෙන ආරාධ්‍යා ගැන සිනමා විචාරකයන් නොයෙක් අදහස් පළ කරන්නේ


ඒ වුණත් මේ ළඟදි ඒ හැම මතයක්, අදහසක්ම වෙනස් කරන දෙයක් වෙලා. මොකක්ද ඒ?

ඔව්... දැන් තමයි අපි හරියටම කතාවට එන්නේ.

නොහිතූ විදියට භච්චන් පවුලේ තවත් කෙනෙක් මතුවෙලා. භච්චන් ලේ තියෙන තවත් තාරකාවක් පායන්න පටන් අරන්. ඒ තමයි නව්‍යා නවේලි. කවුද මේ?


මතකද අපි කලින් කතා කළා ස්වේතා නන්දා කියලා කෙනෙක් ගැන? අමිතාබ්-ජයා භච්චන් පවුලේ වැඩිමහල් දෝණි. ඒ කියන්නේ අභිෂේක්ගේ අක්කා. ස්වේතා නන්දා නිළි පවුලක කෙනෙක් වුණත් හරිම ලැජ්ජාශීලී චරිතයක් නිසා හින්දි සිනමාවට පමණක් නෙවෙයි රසික රසිකාවියන්ටත් එයා ආගන්තුකයි.


ස්වේතා නන්දා උපදින්නේ 1974 මාර්තු 17 වැනිදා. මෙයා සිනමාවට ආවේ නැති වුණත් එයත් හින්දි සිනමාවේ දැවැන්ත පවුලකට සම්බන්ධ වෙනවා. ඒ නිකිල් නන්දාව බැඳපු නිසා. නිකිල් කියන්නේ හින්දි සිනමාවේ දැවැන්තම චරිතයක්ම නැතිනම් අමිතාබ්ට කලින් හින්දි සිනමාව හොල්ලපු දැවැන්තම චරිතයක් වුණු රාජ් කපූර්ගේ මුනුබුරා. මේ විවාහය නිසා නිකිල්-ස්වේතා යුවළටත් දරුවන් දෙදෙනෙකු ලැබෙනවා. ඒ නව්‍යා නවේලි හා ආගස්ත්‍යා නන්දා.


ඉතින් අද අපේ කතා නායිකාව තමයි නව්‍යා නවේලි. 1997 දී උපත ලැබූ නව්‍යාට දැන් අවුරුදු 17යි. නව්‍යා ඉගෙන ගන්නේ ලන්ඩන්වල සෙවෙනොක්ස් පාසලේ. මේ පාසලේ තමයි ෂාරුක් ඛාන්ගේ පුතා ආර්යාන් ඛාන් ඉගෙන ගන්නෙත්. ඒ නිසා නව්‍යා හා ආර්යන් දැන් ඉතාම හොඳ යාළුවොලු. සමහරවිට අමිතාබ් - ජයා වගේ, අභිෂේක් - අශ්වර්යා වගේ නව්‍යා - ආර්යන් එකතු වෙලා තවත් දැවැන්තම සිනමා පවුලක් ගොඩනඟයිද දන්නෙත් නෑ.


නව්‍යාගේ අම්මා සිනමා පවුලකට සම්බන්ධ වුණත් රඟපාන්න ආවේ නෑ. නව්‍යාගේ තාත්තා රාජ් කපූර්ගේ මුනුබුරා වුණත් එයත් දැන් බිස්නස් පැත්තට අතගහලා. ඒ කියන්නේ නව්‍යාගේ තාත්තා ඡ්ඵජධපබඵ ට්පධභන එකේ කළමනාකරණ අධ්‍යක්ෂ විදියට වැඩකරනවා. ඉතින් එයත් රඟපාන්න ආවේ නෑ. නව්‍යාගේ අම්මයි, තාත්තයි කලාවෙන් අෑත් වුණත් මේ දෙන්නගෙම පවුල් හින්දි සිනමාවේ දැවැන්තම චරිතවලට සම්බන්ධයි.


මෙච්චර දවසක් හැංගිලා හිටපු චරිතයක් වුණු නව්‍යා ෆේක්බුක් හා ට්විටර්වල දාපු එක එක ඇක්ෂන්වල පින්තූර නිසා දැන් මාධ්‍ය අතර හුඟක් ජනප්‍රිය වෙලා.


විවිධ ඉරියව් නිරූපණය කරන නව්‍යා බැලූ බැල්මට සරාගී චරිතයක් වෙයි කියලා කියන්න පුළුවන්. ඒ වාගේම ඇය ඇගේ අම්මා ස්වේතා වගේ ලැජ්ජාශීලී චරිතයකුත් නෙවෙයි. අමිතාබ්, ජයා, අභිෂේක්, අයිශ්වර්යාගෙන් පස්සේ පස්වැනියා වෙන්න හිටපු ආරාධ්‍යාට තමන්ගේ තැන තව ටිකක් පස්සට දාන්න වෙයි කියලා තමයි විචාරකයන් දැන් මත පළ කරලා තියෙන්නේ.


මොකද අම්මා තාත්තා වගේම සීයයි, ආච්චියි සිනමා තාරකාවන් වුණ නිසා ආරාධ්‍යයාට තියෙන තැන වැඩි වෙනවා වගේම නව්‍යාටත් ඒ පවුල් පසුබිමෙන් අඩුවක් නෑ, මොකද භච්චන් පවුල වගේම ඇය රාජ් කපූර් පවුලටත් සම්බන්ධ නිසා.


ඒ වාගේම ඇය ෂාරුක් ඛාන්ගේ පුතාගේ හොඳම මිතුරියත් වෙලා. එහෙනම් තව ටිකක් කල් යද්දි ඇත්තටම ඔප්පු වෙයි බච්චන් පවුලේ මීළඟ තරුව ආරාධ්‍යාද? නැතිනම් නව්‍යාද කියලා?

උපුටා ගැනීම - මව්බිම හදගැස්ම අතිරේකයෙන්








«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply