වෘත්තීයෙන් නිරූපිකාවක් වන ජැක්ලින් ෆර්නැන්ඩස් බොහෝ දෙනෙකු හඳුනා ගනු ලැබුවේ බොලිවුඩ් ආගමනය සමගයි. ශ්‍රී ලාංකික පියෙකුට හා මැලේසියානු ජාතික මවකට දාව ඇය කොළඹ දී උපත ලැබුවාය. නමුත් ඇය හැදී වැඩෙන්නේ බහරේන් රාජ්යයෙයි.
2009 දී ඉන්දියානු චිත්‍රපටයක් වූ ඇලඩින් හා 2010 තිරගත වූ "ජානේ කහාන් සේ ආයා හේ" චිත්‍රපට වල ඇය රංගනයෙන් දායක විය.එම චිත්‍රපට දෙකම සාමාන්‍ය ජනප්‍රියත්වයකට පමණක් ලක් වූ අතර 2011 දී "මර්ඩර් 2" චිත්‍රපටයේ ඇය ඉදිරිපත් කළ විශිෂ්ඨ රංගනය හේතුවෙන් බොලිවුඩය තුළ ඇය විශේෂ කතා බහකට ලක් වූවාය.
ඉන්පසුව 2012 දී තිරගත වූ "හවුස් ෆුල් 2" චිත්‍රපටයේ සහ 2013 දී තිරගත වූ "රේස් 2" චිත්‍රපටයේ ද ප්‍රධාන නිලිය ලෙස රඟ පාමින් ඇය බොලිවුඩ් සිනමාවේ අනෙකුත් සමකාලීන නිලියන් සමග කරට කර සිටිය හැකි ඉඩ ප්‍රස්ථාවක් තනා ගත්තාය.
ඇය මේවන විට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරක් ලෙස "කෑම සූත්‍ර" නම් වූ හෝටලයක් ද ආරම්භ කර තිබේ.
කෙසේ නමුත් ඇය රංගන කටයුතුවලට මෙන්ම ව්‍යාපාර කටයුතුවලට බොහෝ විට විදෙස් ගතවන අතර එවැනි අවස්ථාවක ඇය වීදි වාදකයින්ගේ සංගීතයකට මහපාරේ නටන අවස්ථාවක් ඇගේ ෆේස්බුක් ගිණුමට ඇතුළත් කර තිබේ.
Subscribe to:
Post Comments (Atom)
No comments