ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට ඉදිරි සතිය තුළදී ත් විශාල ප්‍රමාණයේ උල්කා කැබලි පතිත විය හැකි බව තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා පවසනවා. ගතවූ දින කිහිපය තුළ එවැනි උල්කා කැබලි තුනක් අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට කඩා වැටී තිබේ. එමෙන්ම පොළොන්නරුවේ ඇතැම් ප්‍රදේශවලට හඳුනා නොගත් වස්තූන් කිහිපයක් ඇදවැටී ඇත.
පෘථිවි වායුගෝලය හා ගැටෙන කුඩා ග්රාහක කැබලි උල්කාපාත යනුවෙන් හදුන්වනු ලබයි.මේවාට නිශ්චිත කාලසටහනක් හෝ ගමන් මාර්ගයක් නොමැත.වසරේ සමහර කාලවලදී උල්කාපාත විශාල සංඛ්‍යාවක් එකවර පෘථිවි වායුගෝලයට ඇතුළු වේ.
සූර්යයා වටා ගමන් කරමින් පවතින ධූමකේතුවකින් ඉවත්ව ගිය පාෂාණ හා දුවිලි කැටියක් හරහා පෘථිවිය ගමන් කිරීමේ දී එම පාෂාණ කැබලි පෘථිවි ගුරුත්වාකර්ශනයට හසු වීම තුළින් උල්කාපාත වර්ෂාවක් නිර්මාණය වේ.
Subscribe to:
Post Comments (Atom)
No comments