Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » කවුද වැරදි කියලා එයාගේ හිත දන්නවා

මේනකා මධුවන්ති අපට මුණගැහෙන අලුත් මුහුණක්. අලුත් වුණත් දැන් ටිකක් හුරුපුරුදු මුහුණක්. මතෛක් රංගනයෙන් අපට මුණගැහුණු ඇය දැන් තවත් අලුත් වැඩක් පටන් අරගෙන. ඒ ගැන අහන්නයි අපි ඇයට කතා කළේ.

අලුත් වැඩක් පටන් ගත්තා කියලා ආරංචියි?
මම මගේම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තා. කාන්තා අත්බෑග් සහ පාවහන් ව්‍යාපාරයක්.

ඇයි ඒ වගේ දෙයක් පටන් ගන්න හිතුවේ?
මම ලස්සනට අඳින්න පලඳින්න කැමැති කෙනෙක්. මම වගේම ලස්සනට ඉන්න කැමැති අය වෙනුවෙනුයි මම මේ ව්‍යාපාරේ පටන් ගත්තේ.

මේනකාගේ විලාසිතාවලට ගැළපෙන්න හදපු තැනක්?
ඇත්තටම මගේ කැමැත්ත තියෙන අලුත්ම විලාසිතා තමයි මම මගේ ෂොප් එකේ විකුණන්නේ.

ඒ කියන්නේ මේනකාගේ විලාසිතාවලට මිනිස්සු කැමැතියි?
සමහර අය පාරේදී හම්බ වුණාමත්, අහන්නේ මගේ සපත්තු, හෑන්ඩ් බෑග් ගැන. ඒ කියන්නේ ඒ අය ඒවාට කැමැතියි කියන එකනේ.

ඔය විලාසිතාවලට බැණපු අය ඇත්තෙම නැද්ද?
බණිනවා ඇති. ඒක ඉතිං එක එක්කෙනා දකින විදිය. කවුරු මොනව කිව්වත් මම කරන්නේ මට කැමැති දේ

ව්‍යාපාරේ පටන් ගත්තේ මේනකා හම්බකරපු සල්ලිවලින්ද?
මගේ කියලා මහ ලොකු සල්ලියක් නැහැ. අම්මා තාත්තාගෙන් හම්බවුණු දේවල්වලින් තමයි මේක පටන් ගත්තේ

මේනකාට ව්‍යාපාර දැනුම තියෙනවාද?
මම ව්‍යාපාර ගැන ඉගෙනගෙන තියෙනවා. මම හිතනවා මගේ ඒ දැනුම හොඳටම ඇති කියලා.

ඒ කියන්නේ අතරමැදදී ව්‍යාපාරය නතර වෙන එකක් නැහැ?
දැන් මම මගේ කාලය වැඩිපුරම යොදවන්නේ ව්‍යාපාරයට. ළඟදීම මගේ නමින් මම සපත්තු සහ අත්බෑග් නිෂ්පාදනයක් පටන් ගන්නවා. මට ඕන කවදා හරි ඔටාරා වගේ වෙන්න. 

ව්‍යාපාරය වෙනුවෙන් රඟපෑම අත්හරිනවා?
මම රඟපෑම කළේ වෘත්තියක් විදියට. මම ආස දේවල් කරන්න මට එතැනදී ඉඩ ලැබුණේ නැහැ.

මේනකාට රඟපාන්න ආරාධනා ලැබුණේ අඩුවෙන්ද?
ආරාධනා ලැබුණා. ඒත් ඒ ඔක්කොම එක වගේ චරිත

ක්‍ෂේත්‍රයෙන් ඈත් වෙන්න හදන්නේ ප්‍රශ්න වැඩි නිසාද?
කැපිලි, කෙටිලි ප්‍රශ්න තිබුණා. ක්‍ෂේත්‍රය ගැන කලකිරීමක් නැත්තෙම නැහැ. ඒ වුණාට මම ක්‍ෂේත්‍රයෙන් ඈත් වෙන්නේ ව්‍යාපාරය දියුණු කරගන්න.

ක්‍ෂේත්‍රය ගැන කලකිරුණේ කළින් ඇති වෙච්ච ප්‍රශ්න නිසාද?
මාව දන්න අය දන්නවා, ඒ ප්‍රශ්නෙදි මොකද වුණේ කියලා. කවුද හරි, කවුද වැරදි කියලත් දන්න අය දන්නවා. මට ඒ ගැන ඊට වැඩිය කියන්න බැහැ. හැබැයි ඒ වගේ දේවල් නිසා කලකිරෙනවා කියන එක වැරදිත් නැහැ.

ගැටුම ඇති වෙච්ච කෙනාව දැන් මුණගැහුණොත්?
මම එයා එක්ක කතා කරනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. කවුද හරි කියලා එයාගේ හිතත් දන්නවානේ.

මේනකා ජනප්‍රියයිද?
මට ලැබෙන ප්‍රතිචාර නිසා හිතෙනවා මම ජනප්‍රියයි කියලා.

ක්‍ෂේත්‍රයේ දී මේනකාට යාළුවෝ ඉන්නවාද?
මට හිතවත් අය ඉන්නවා. මගේ ෂොප් එකේ වැඩවලට පවා උදව් කරන්න සමහර අය ආවා.

වැඩ කරන්න කැමැතිම නළුවා කව්ද?
එහෙම එක්කෙනෙක් නැහැ. මම වැඩ කරපු හැමෝම එක්ක මම කැමැත්තෙන් හොඳට වැඩ කළා. 

ක්‍ෂේත්‍රයෙන් ආදර ආරාධනාවක් ලැබුණොත්?
ඒ වගේ යෝජනාවක් පිළිගන්නේ නැහැ.

ඇයි ක්‍ෂේත්‍රයේ කෙනකුට අකැමැති?
එහෙම විශේෂයක් නැහැ. මම එහෙම විවාහ වෙන්න කැමැති නැහැ.

දැන් විවාහයට කෙනෙක් තෝරාගෙන ඉවරද?
ඒක පස්සේ කියන්නම්

ඔය ගත්ත තීරණේ වැරදුණොත්?
වැරදෙයි කියන බයට තමයි මෙච්චර කල් බලාගෙන හිටියේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply