සම්මාන ලාභි ඉන්දිය නිළි ස්වේතා බාසු ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත් අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වනවා.
23 හැවිරිදි මෙම නිළිය ගණුදෙනු කරුවෙකු සමග හෝටලයක සිටියදී පසුගිය ඉරිදා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඇයගේ වෘත්තියට නොගැලපෙන ආකාරයෙන් ඇය හැසිරීම ඇයට එල්ල වී ඇති චෝදනාවයි.
ස්වේතා බාසු පොලිසිය හමුවේ සදහන් කර ඇත්තේ තමන්ට මුදල් නැතිවුනු නිසා මෙම වෘත්තියට පිවිසුනු බවයි."මට මුදල් තිබ්බේ නෑ.දෙන්න කවුරුත් හිටියෙත් නෑ මගේ දෙම්ව්පියන්ට සහ පවුලට මට සැලකීමට අවශ්‍ය වී තිබුණා. ඒ සදහා අවශ්‍ය මුදල් රඟපෑමෙන් හොයන්න බැරිවුනා.මේ නිසා වෙන කරන්න දෙයක් නැති වු නිසා මේ රස්සාවට යොමුවුණා" යනුවෙන් ඇය පවසා තිබෙනවා.
ඇය එක් රාත්‍රියක් සදහා ඉන්දීය රුපියල් ලක්ෂයක් අයකර ඇතිබව වාර්තා වනවා.එය ශ්‍රි ලංකා මුදලින් රුපියල් ලක්ෂ 2කට අධිකයි.
මේ වනවිට ස්වේතා බාසු පුනුරුත්ථාපන නිවාසයකට යවා ඇති අතර එහි මාස 3ක කාලයක් ඇය රඳවා තැබෙනු ඇති . එහිදී වෘත්තිය පුහුණු කටයුත්තක් සදහා ඇය යොමු කෙරෙනු ඇති බව ඉන්දීය වාර්තා කියයි.
2002 දී ළමා නිළියක ලෙසින් “makdee “ චිත්‍රපටයෙන් රංගනයට එක්වු ඇය හොදම ළමා නිළිය ලෙස සම්මානයට පාත්‍ර විය . බෙංගාලි, තෙළගු සහ දමිල චිත්‍රපට සදහා ඇය රංගනයෙන් දායක වී තිබේ.
ඇයගේ ඡායාරූප එකතුවක් පහතින් බලන්න.
ඇය රංගනයෙන් දායක වූ Makdee චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක්ප හතින් නරඹන්න.
Home
»
breaking news
»
gossip
»
photo
» දෙමාපියන්ට සහ පවුලෙ අයට සැලකීමට එක රැයින් ලක්ෂ දෙකකට අධික මුදලක් සෙවූ නිළිය
Subscribe to:
Post Comments (Atom)
No comments