Amanda Vasey සහ Steven Vasey කියන්නේ පසු ගිය දිනයේ විවාහ දිවියට එළඹුන යුවලක්. ඔවුගේ විවාහයේ දෙවෙනි මනාලයා වූනේ Gareth Hutchinson ය. ඔහුගේ බිරිඳ Amanda Vasey ගේ හොඳම මිතුරිය යි. ඒ වන විට ඇය ගර්භනී තත්වයේ පසු වූ නිසා ඇයව දෙවැනි මනමාලිය ලෙස යොදාගන බැරි වෙලා තියනවා.
විවාහය සිදු වන ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී දෙවෙනි මනාලයාගේ බිරිඳ වන Amanda Hutchinson ට දරු ප්‍රසූතිය සඳහා හදිසි වී තිබෙනවා. ඒ මොහොතේදී ඇය සිටියේ ඔවුන්ගේ කාරය තුලයි. ඇගේ ස්වාමියා Gareth Hutchinson මේ ගැන මනාලියටත් , මනලයටත් පවසල තියනවා. මනාලියනම් මුලින්ම හිතල තියෙන්නේ එය දෙවෙනි මනාලයා විසින් කල විහිළුවක් කියල. නමුත් අයගේ මව සහ අනෙකුත් අය Amanda Hutchinson වෙත දිව යනකොට එය සත්‍ය බව වටහාගෙන තියෙනවා. පසුව මේ සියල් දෙනාම එම රථය පිහිටි ස්ථානය වෙත දිව ගොස් එය රෙදි වලින් ආවරණය කරලා තියෙනවා. හෝටලෙන් ගෙනෙන ලද රෙදි කිහිපයක් මේ සඳහා යොදා ගෙන තියෙනවා.
පසුව ගිලන් රථයක් තුලට Amanda Hutchinson ව ඇතුල් කර රෝහල වෙත ගෙන ගිහින් තිබෙන බවයි හොලිවුඩ් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියේ.
” අපිට මේ දවසනම් අමතක වෙන එකක් නෑ. අපේ විවාහය සිදු වූ දිනයේදීම මගේ හොඳම මිතුරියට දෙවෙනි දරුවා ලැබුනා. ඇගේ උපන්දිනයනම් අපි කාටවත් අමතක නොවන එකක් වේවි. මටත් මගේ Gareth ටත් ඇස් වලට කඳුළු ආව ඒ සිඟිති දියනයව බලන්න රෝහලට ගියාම. ” මනාලිය ප්‍රකාශ කර සිටියා.
Subscribe to:
Post Comments (Atom)
No comments