Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » මම අවංකයි ආඩම්බරයි නැතිවුණ දේට දුක්‌ වෙන්නේ නැහැ...

නිරූපිකාවක්‌ විදිහට මෙරට පමණක්‌ නොව ජාත්‍යන්තරය පවා ජයගත් නිලුක්‍ෂි අමන්දා කාලයකට පස්‌සේ මීවිත සමග පුංචි කතාබහක නිරත වුණා. නිලුක්‍ෂි අපට පැවසූ දෑ මෙලෙස සටහන් කළා. 

මොනවද මේ දවස්‌වල වෙන්නේ නිලුක්‍ෂි ?

පැෂන් ෂෝ තමයි. ඒ වැඩ කරගෙන වෙනදා වගේ ඉන්නවා.

දැන් රඟපෑම එපාවෙලාද?

එපාවෙලා නැහැ. නිරූපණයෙත් යෙදෙන නිසා ටෙලිනාට්‍යය රඟපෑමට කාලය වෙන්කරගන්න අමාරුයි. මම කැමැති හොඳ වැඩක්‌ ලැබුණොත් භාරගන්නවා. එතකං මම ඒ ගැන වැඩිපුර හිතන්නේ නැහැ.

එතකොට නිරූපණයත් එපා වුණොත් ?

කීයටවත් එපාවෙන්නේ නැහැ. පුංචි කාලේ ඉඳන් මට ඒ සිහිනය සැබෑ කරගන්න ආසාවක්‌ තිබුණා. අනික මම නිරූපණයෙ යෙදෙන්නේ විනෝදාංශයක්‌ විදිහටයි.

නිරූපිකාවක්‌ විදිහට ඔබට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

මගේ සිරුරේ හැඩය අනුව මට නිරූපණය ගැලපෙනවා. ඒක හින්දා හැමෝම මට කියන්නේ මම ගැලපෙනම දේ තෝරාගත්තා කියලයි.

පසුගිය කාලයේ නිරූපණයෙන් ජාත්‍යන්තරයත් නියෝජනය කළා කියලත් ආරංචියි ?

මිස්‌ ඒෂියා පැසිෆික්‌ අවෝර්ඩ් තරගයට මම සහභාගි වුණා. රටවල් හතළිහක්‌ මේ තරගයට සහභාගි වුණා. මේ තරගාවලියේදී හොඳම පහළොස්‌දෙනා අතරට තේරුණා.

අද කාලේ මෙතැන වැඩකරන්නේ නිරූපිකාවන්ද? නැතිද? කියලා හිතෙන අවස්‌ථා තියෙනවා නේද?

හැමෝම ආසා කරන දෙයක්‌ තමයි මොඩ්ලින් කියන්නේ. ළෙඳදැන්වීමක්‌ කළත් නිරූපිකාවක්‌ කියලා කියන කට්‌ටියත් ඉන්නවා. හැබැයි මොඩ්ලින් වර්ගීකරණ ගොඩක්‌ තියෙනවා. හැබැයි ඉතිං මම නම් කරන්නේ රෑම්ප් මොඩ්ලින්.

නිරූපණය කියන්නේ හැමෝටම කරන්න පුළුවන් දෙයක්‌ද?

මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි. හොඳ ලස්‌සනක්‌, සිරුරක්‌, පෞරුෂත්වයක්‌, දැනුමක්‌ තියෙන්න ඕනෑ.

ඔය කියන කිසි දෙයක්‌ නැති අයත් මෙතැන ඉන්නවා නේද?

තමන් දැනගන්න ඕනෑ තමන්ට මේ දේ සුදුසුද?. නැතිද කියලා. කොහොමටත් තමන්ට ගැලපෙන දේ තෝරාගන්න එපායෑ. කවුරුත් කියන පළියට යමක්‌ කරලා හරියන්නේ නැහැනේ.

අමන්දා ජීවිතය ගැන ආපස්‌සට හැරිලා බලද්දී මොකද හිතන්නේ ?

සතුටුයි වගේම ආඩම්බර වෙනවා. පොඩි කාලයක්‌ ඇතුළත මට ඕනෑ සිහින මම සැබෑ කරගත්තා.

පසුගිය කාලයේ ජීවිතයේ ඇතිවුණ සිද්ධීන් ගැන මොකද හිතන්නේ ?

එක එක දේවල් වුණා. ඒ හැමදෙයකින්ම මට හොඳක්‌ සිද්ධ වුණා කියලා තමයි හිතන්නේ. වෙච්ච දේවල් වලින් ඉදිරි ගමනට ලොකු අත්දැකීම් සම්භාරයක්‌ ලැබුණා. ඒක හින්දා මොකක්‌ හරි දෙයක්‌ සිද්ධ වුණා නම් ඒ දේවල් සිද්ධ වෙන්නේ හොඳට කියලා තමයි මම හිතන්නේ.

ජීවිතයේ පසුතැවීම් සිදු වෙනවාද?

පොඩ්ඩක්‌වත් පසුතැවීමක්‌ නැහැ.

නිරූපිකාවක්‌ වූ නිසානේ මේ සියලුම ප්‍රශ්න මතුවුණේ ?

ගොසිප් කියන්නේ සාමාන්‍ය දේවල්. ඒවා එක එක විදිහට බලන මිනිස්‌සු ඉන්නවා. තමන් මොළය පාවිච්චි කරලා බලලා ඒක තීරණය කළ යුතුයි. ඕවා ඉතිං සාමාන්‍ය දේවල්. ලෝකයේම ඔයවගේ දේවල් සිද්ධ වෙනවා. මම ඒවා ගැන වැඩිපුර හිතන්නේ නැහැ. 

ඔබ ගැන පළවෙන ගොසිප් කතා ගැන දුක්‌වෙන්නේ නැහැ ?

මම හිතන්නේ ගොසිප් කියන්නේ සාමාන්‍ය දෙයක්‌. 

ගොසිප් කතාන්දර හින්දා ඔබ පසුගිය කාලයේ හරියට ජනප්‍රිය වුණා කිව්වොත් ?

ගොසිප් නිසා ජනප්‍රිය වුණා කියලා මම හිතන්නේ නැහැ. ජනප්‍රිය නිසා ගොසිප් කතා මැවුණාද දන්නේ නැහැ.

අමන්දාට මොනවගේ වටිනාකමක්‌ද ලැබිලා තියෙන්නේ ?

තමන් මොනවා හරි දෙයක්‌ කරනවා නම් ඒ දේ හරියට කරන්න දැනගන්න ඕනෑ. ඉතිං මම හිතනවා නිරූපණ ක්‍ෂේත්‍රයේ මම හරි දෙයක්‌ කරලා තියෙනවා කියලා. මට ලැබෙන ප්‍රතිචාර හොඳයි. නිරූපිකාවක්‌ විදිහට මම උසස්‌ තැනක ඉන්නවා. 

නිරූපණය හැමදාම කරන්න පුළුවන් රස්‌සාවක්‌ නෙමෙයිනේ ?

නිරූපණය හැමදාම කරන්න පුළුවන් රස්‌සාවක්‌ නෙමෙයි. සිරුර කැතවුණහම මේ රස්‌සාවෙන් ඈත්වෙන්න සිද්ධ වෙනවා. මම හිතනවා එහෙම කාලයේදී මම අයින් වෙයි කියලා.

සුදුසු කාලය ආවහම ඔබත් මෙතැනින් සමුගන්නවා?

පැහැදිලිවම. මම කැමැති නැහැ මම කැතට ඉන්නවා. අනික ඒක මිනිස්‌සු දකිනවාටත් කැමැති නැහැ.මොඩ්ල් කෙනෙක්‌ විදිහට මගේ ළඟ තිබිය යුතු දේවල් නැහැ කියලා හිතෙන කොට මම අනිවාර්යයෙන්ම මේ රස්‌සාවෙන් ඉවත්වෙනවා.

ජීවිතයට නොලැබුණු දේවල් ගැන මොකද හිතන්නේ ?

මම හැමතිස්‌සේම හිතන දෙයක්‌ තමයි මම හරි අවංකයි කියන කාරණාව. මට ඕනෑ කියන දේවල් සුළුවෙන් හෝ ලබාගෙන තියෙනවා. කොටින්ම කිව්වොත් මම මං ගැන හරි ආඩම්බරයි. අනික මම කවදාවත් නැතිවුණ දේවල් ගැන දුක්‌වෙන්නේ නැහැ. 


දිවයින පුවත්පත ඇසුරිනි
















«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply