මියන්මාර රූ රැජිණ ඔටුන්න රැගෙන පළා ගොස් ඇති බව වාර්තා වනවා. ජාත්‍යන්තර රූ රැජිණ තරගයකින් ජයග්‍රහණය කළ ප්‍රථම මියන්මාර රූ රැජිණ වන මේ මයිට් නෝඒ 2014 වසරේ ආසියා පැසිපික් රූ රැජිණ කිරුළ දිනුවාය.
වසර 50 කට අධික කාලයක් හමුදා පාලනය යටතේ පැවති මියන්මාරයේ කාන්තාවන්ට රූ රැජිණ තරග සදහා ඉදිරිපත් වීමට පවා අවසර ලැබුණේ 2012 දීය.ඉන් වසර දෙකකට පසු මයිට් නෝඒ ආසියානු පැසිපික් රූ රැජිණ තරගයට ඉදිරිපත්ව ඉන් ජය ලැබීය.
මෙම ජයග්‍රහණය සංකේතවත් කරමින් අදාළ තරග සංවිධායකයින් විසින් ඇය කිරුළු ගන්වා තිබේ.මෙහිදී ඇමරිකානු ඩොලර් 1,00,000 ක පමණ වටිනාකමකින් යුත් ඔටුන්නක් ඇයට පළදවා තිබේ.
මීට අමතරව මෙම තරගය සදහා අනුග්‍රාහකයින් විසින් ලබාදුන් ඩොලර් 10,000 ක් පමණ වටිනා පියයුරු වර්ධක කිහිපයක්ද ඇය විසින් ආපසු භාරදී නොමැති බව වාර්තා වනවා.
රූ රැජිණ තරග වලදී කිරුළ පැළදීම සංකේතවත්ව සිදුවන බවත් පසුව එම කිරුළ අදාල සංවිධායක ආයතනය විසින් ලබා ගන්නා බවත් එය ඊළග වසරේ ජයග්‍රාහිකාවට පිරි නැමීමත් සාමාන්‍ය පිළිවෙත බවත් එම සංවිධායකයෝ පවසති.නමුත් මෙම තරුණිය ඒවා කිසිවක් යළි භාර නොදී පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ නිසා ඇය රූ රැජිණ කිරුළෙන් පහ කර ඇති අතර අදාල එම රූ රැජිණ තරගයේ නිල වෙබ් අඩවියේ ඇයගේ රූපය කළු පාටින් වසා දමා කිරුළින් පහ කළ බව සදහන් කර ඇති ආකාරය දැක ගැනීමට හැකි වනවා.
ඇයගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න...
Subscribe to:
Post Comments (Atom)
No comments