ශ්‍රී ලංකා කි‍්‍රකට් පිලේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් තරඟවලදී, ද්විත්ව ශතකලාභින් අතර ලෝකයේ දෙවන ස්ථානයට පත්ව සිටිනවා.
පාකිස්ථානය සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී ඊයේ (09) තවත් ද්විත්ව ශතකයක් වාර්තා කිරීමත් සමග සංගක්කාර එම තත්වයට පත්විය. එම ද්විත්ව ශතකයත් සමඟ කුමාර සංගක්කාර ටෙස්ට් කි‍්‍රකට් තරඟවලදී ලබා ගෙන ඇති ද්විත්ව ශතක සංඛ්‍යාව 10 කි.
ටෙස්ට් ද්විත්ව ශතක සටහනේ පළමු තැන ද්විත්ව ශතක 12 ක් වාර්තා කළ ඕස්ටේ්රලියානු ක්‍රීඩක ශී‍්‍රමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට හිමිව ඇති අතර තෙවැනි ස්ථානයේ පසුවන්නේ බ්‍රයන් ලාරායි.
පාකිස්තාන පිල මුල් ඉනිම සඳහා ලබාගත් ලකුණු 451 ට පිළිතුරු ලෙස ශී‍්‍ර ලංකාව කඩුළු 09 ක් දැවී ලකුණු 533 ක් ලබා පන්දුවට පහරදීම අත්හිටුවනු ලැබීය. කුමාර් සංගක්කාරගේ ලකුණු 221 ද ඊට ඇතුළත් වෙයි.
Subscribe to:
Post Comments (Atom)
No comments