වයස අවුරුදු 16 ක පාසැල් දැරියකගේ අත්අකුරු වලට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වශී වී ඇති බව වාර්තා වනවා.
කාලයක් තිස්සේ මෝදි අගමැතිවරයා වන්නට පෙර සිටම ඔහුට මෙම දැරිය ලිපි ලියා ඇති බව ඉන්දීය වාර්තා පවසනවා. මුම්බායි හි ජීවත්වන මෙම පාසැල් දැරිය රටේ පොදු පහසුකම්, අධ්‍යාපනය, ළමා අයිතීන් සහ ආර්ථිකය ආදී කරුණු සම්බන්ධයෙන් තමන්ට හැගෙන දේ කලක පටන් නරේන්ද්‍ර මෝදි වෙත ලියා තිබෙනවා.
මෙම ලිපි සඳහා ඇය කිසිදු ප්‍රතිචාරයක් ලබා නැති අතර පසුගියදා ඇය වෙත අගමැතිවරයාගෙන් පිළිතුරු ලිපියක් ලැබී තිබෙනවා. ඉන්දීය අගමැතිවරයා විසින් අත්සන් කර ඇති එහි සදහන්ව ඇත්තේ ඇයගේ අත් අකුරු පිළිබදව තමන් වශීකෘත වී ඇති බවයි.
ඉතා හොද අත් අකුරුවලින් හොද අධ්‍යාපනයක් ලැබීමට වරම් ලැබේවා යන සුභ පැතුම ද ඉන්දීය අගමැතිවරයා එක් කර ඇති බවයි වාර්තා වන්නේ.
අයිස්වර්යා නම් වන මෙම දැරිය පවසන්නේ තමන් කිසිදු අවස්ථාවක ප්‍රතිචාර අපේක්ෂාවෙන් ලිපි නොලියු බවයි. තම අදහස් අන්යනන්ට දැන්වීමට මිස කිසිදු ප්‍රතිචාරයක් ලබා ගැනීමට තමන් ඉන් අපේක්ෂා නොකරන බවද ඇය පවසනවා.
මේ අකාරයට ඇය ඇමරිකානු ජනපති බැරැක් ඔබාමට සහ සුනාමි ආපදා අවස්ථාවේ සිටි ජපාන අගමැති නවුටෝ ඛාන් ට ද ලිපි ලියා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments