දින හතරකට පෙර මීගලෑවේ නිවසකින් පැහැර ගත් සිව් හැවිරිදි දිනිඳු යශේන් ඒකනායක පුතු රහස් පොලිසියෙන් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. සැකකරුවන් ද හඳුනා ගත් බව ඔහු වැඩිදුරටත් පවසනවා.
දරුවා ලබාදීමට රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා තිබූ බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
පැහැරගත් දරුවා බළලුවැව කැළැවේ සිටිතියි ලැබුණු ඔත්තුවක් ඔස්සේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩාමක් ද කැළය බලා යන්නට සූදානමින් සිටියදි මෙම දරුවා ඇඹෝගම ප්‍රදේශයට ගෙනැවිත් දමා ඇතැයි පොලිසිය පවසනවා.
සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධරයෝ සහ බුද්ධ අංශ සහ රහස් පොලිසිය වලල්ලක් සේ ප්‍රදේශයම වටකරගෙන සිටි නිසාත් අපරාධෙකරුවන්ට පැන යන්නට අවස්ථාව ලැබී නැත.
Subscribe to:
Post Comments (Atom)
No comments