Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » » දෑතම අහිමි අම්මයි පුතයි (වීඩියෝ සහිතයි)

උපතින්ම දෑත අහිමි මවක් සහ පුතෙක් ගැන ඇමරිකාවේ චිකාගෝ නුවරින් වාර්තා වනවා.  මෙම මව 35 හැවිරිදි වන අතර දරුවා 9 හැවිරිදි වියේ පසුවනවා. වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඉතා දුර්ලභ හදවත් රෝගී තත්වයක් නිසා මෙම දෙදෙනාම දෑත් රහිතව ඉපදී ඇති බවයි.

දෑත් අහිමිවීම ගණනකට නොගන්නා මෙම මව සහ දරුවා සියලු එදිනෙදා කටයුතු දෙපා වලින් කිරීමට හුරුව සිටියි. ආහාර පිසීම, දත් මැදීම, දරුවාට ඇඳුම ඇන්දවීම සහ සාමාන්‍ය එදිනෙදා කටයුතු සියල්ල ඇය සිය දෙපා වලින් සිදුකරයි.මේ අතර දරුවා ද වීඩියෝ ක්‍රීඩා කිරීම්, පාසැල් වැඩකටයුතු, දත් මැදීම් ආදිය සියල්ල දෙපා වලින් සිදු කිරීමට හුරුව තිබෙනවා.

ලින්ඩා බෙනොන් නම් මෙම කාන්තාව සදහන් කර ඇත්තේ දෑත අහිමිවීම මත තමන් විශේෂ කොට නොසැලකිය යුතු බවයි. තමන් කුඩා කල පටන් සිය කටයුතු තනිව කර ගැනීමට හුරුවු බවත් එය   මේ වන විට දරුවාට හුරු කර ඇති බවත් ඇය සදහන් කරයි. දෑත් අහිමි වීම මත කිසිදු අවස්ථාවක සාමාන්‍ය ජීවිතයෙන් ඉවත්ව සිටිම ඇය අනුමත නොකරයි.

ඇය කුඩා කල පටන්  සියලු දේ තනිව සිදු කිරීමට ඉගෙන ගෙන තිබේ. තරුණ වියට එළැබෙත්ම ප්‍රාථමික පාසැල් ගුරුවරියක් වු ලින්ඩා හා විවාහ වී ඇත්තේ දෑත් සහ දෙපා සාමාන්‍ය තත්වයෙන් ඇති පුද්ගලයෙකි. පසුව ඇය ගැබ්ගෙන ඇති අතර මෙම දරුවා බිහිකර තිබේ.දරුවාටද සිය තත්වය බලපා ඇති බව දැනගත් දින සිට තමන් ඒ පිළිබදව කම්පා නොවුන බවත් දරුවාටද තමන් ඉගෙන ගත් කටයුතු සියල්ල  උගන්වා සාමාන්‍ය මිනිසෙක් සේ ජීවත් වීමට කියා දුන් බවත් කීය.

ඒ පිළිබදව විස්තර ඇතුළත්  ඡායාරූප සහ වීඩියෝවක් පහතින්




















«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply