බි්රතාන්යයේ කිරුළ හිමි විලියම් කුමරු පුද්ගලික ආයතනයක සේවය සඳහා යාමට සූදානම්ව සිටියි. ඔහු සේවය කිරීමට අපේක්ෂා කරන්නේ ගුවන් ගිලන්රථ නියමුවකු ලෙසින්යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
බි්රතාන්ය කිරුළට සෘජුව හිමිකම් කියන්නකු මින් පෙර මෙවැනි සාමාන්‍ය රැකියාවක නිරතවී නැත. රාජකීය ගුවන්හමුදාවට බැඳී සිටි විලියම් කුමරු මීට ඉහත දී ගවේෂණ හා මුදවාගැනීමේ නිලධාරියකු ලෙස සේවය කළේය.
සැප්තැම්බර් මස මුල දී කුමරු නව රැකියාව සඳහා පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. කෙසේ වෙතත් කුමරු රැකියාවෙන් උපයන වැටුප අසරණ සරණ ව්‍යාපෘති සඳහා යොදවන බව පවසයි.
ඔහුගේ රැකියා ස්ථානය ඇත්තේ කුමරු ගම්බදව ජීවත්වන ක්වීන්ස් සැන්ඩ්රියැහැම් වතුයාය ආසන්නයේ ය. මේ හේතුවෙන් විලියම් කුමරුට අවුරුද්දක් වයසැති ජෝර්ජ් පුතු සමග වැඩි කාලයක් ගත කිරීමට හැකිවනවා ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments