මගී පර්යන්තය සහ දුම්රිය අතරින් බිමට වැටුණු පුද්ගලයෙකු බේරා ගැනීමට මගීන් පිරිසක් එක්ව දුම්රිය පෙට්ටියක් පෙරළීමේ පුවතක් ස්කොට්ලන්තයෙන් වාර්තා වනවා.
මෙලෙස් මගීන් එක්ව දුම්රිය පෙට්ටියක් පෙරලීමට උත්සාහ කර ඇත්තේ ස්ටර්ලින්ග්(Stirling Train Station) දුම්රිය ස්ථානයේදියි. එම දුම්රිය ස්ථානයේදී අද (06) එරට වේලාවෙන් පෙරවරු 8.05ට පමණ පුද්ගලයෙක් මගී පර්යන්තය සහ දුම්රිය අතරින් බිමට වැටී තිබෙනවා. එම අවස්ථාවේ දුම්රිය ඉදිරියට නොගොස් ඇති අතර එය දුම්රිය ස්ථානයේ සේවකයකු දැක තිබෙනවා.
ඉන් පසුව දුම්රිය ස්ථානයේ සිටි අනෙක් පිරිස් සමග එක්ව දුම්රිය පෙට්ටිය මදක් ඇලවන ආකාරයෙන් තල්ලු කර අනතුරට පත් පුද්ගලයා ගොඩට ගෙන තිබෙනවා. සිද්ධියෙන් අනතුරට පත් පුද්ගලයා කිසිදු හානියක් වෙලා නැහැ.
මේ එහි වීඩියේවකි.
Subscribe to:
Post Comments (Atom)
No comments