අයිස් බකට් චැලේන්ජ එක මේ වන විට ලංකාවේද ඉමහත් ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇත.මෙය ස්නායු රෝගීන් සදහා අරමුදල් එක්රැස් කිරිමේ අරමුණින් ආරම්භ කරන බල ව්‍යාපෘතියකි.ලංකාවේ බොහෝ පිරිස් අයිස් බකට් නාමින් සිතලේ උඩපනිද්දි ලංකාවේ තවත් පළාත් රැසක ජලය නොමතිව දුක් විදින බව දැන සිටියාද?
මේ විදියට තමාට ලැබුණු අයිස් බකට් චැලෙන්ජ් එක වෙනස් අයුරින් මුහුණ දිමට තරුණ ගායකයකු වන සචිත් පිරිස් සමත්ව ඇත.ඔහු තමාට ලැබුණු අභියෝගය ජය ගත්තෙ ජලය නොමතිව පිඩා විදින පවුල් කීපයකට ඔහුට හැකි පමණින් පානිය ජල බෝතල් ලබා දීමෙනි.
මෙහිදි අදහස් දැක්වු සචිත් කියා සිටියේ අයිස් බකට් චැලෙන්ජ එක ඇත්තෙ ඹී් වලට බවත් ඉන් ලංකාවට ලැබෙන දෙයක් නැති බවකි.මෙහිදි සියලුම කළාකරුවන් මෙන්ම ජනතාවගෙන්ම ඉල්ලා සිටියේ පුළුවන්නම් අයිස් බකට් නාන්නෙ නැතිව පුළුවන්නම් ජලය නැතිව ඉන්න අයට අඩුම් ගානේ ජලබොතල් 10ක්වත් ලබා දෙන ලෙසයි.මෙය ඔහු සියලුම දෙනාට අභියෝගයක් ලෙස එල්ල කර ඇත.
තවද සචිත් මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ අයිස් බකට් එකක් නාළා නිකන් බොරුවට ලෙඩ වෙන්නෙ නැතිව,ඇවිත් අසරණ ජනතාවට උදව් කරන ලෙසයි.
සචිත්ගේ අභියෝගය සහිත විඩියෝව පහතින් බලන්න
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්ද පහතින් දැක්වේ.
No comments