සිය කොට්ටය යට තබාගෙන සිටි සැම්සුන් එස්4 වර්ගයේ ජංගම දුරකථනයක් හදිසියේ ගිනි ගැනීමේ පුවතක් ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. මෙලෙස දුරකථනය කොට්ටය යට තබාගෙන සිට ඇත්තේ 13 හැවිරිදි දැරියක්. ගිනි ගැනීමෙන් දැරියට කිසිදු හානියක් සිදු වී නොමැති නමුත් ඇය නිදා සිටි කොට්ටය සහ ඇද ඇතිරිල්ල දැඩි ලෙස පිළිස්සී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඒරියල් ටෝල් ෆී්ර නමැති මෙම දැරිය පවසන්නේ තමාගේ සැම්සුන් එස්. 4 ජංගම දුරකථනය ඇදෙහි තබාගෙන නිදා ගැනිම පුරුද්දක් බවයි. සිද්ධිය වූ දිනයේද තමා සුපුරුදු ආකාරයෙන් නින්දට ගියත බවත් මැදියම් රැුයේදී තමන්ට කිසියම් දෙයක් පිළිස්සෙන ගඳක් දැනුණු බවත් එය ගණන් නොගත් තමා යළි නින්දට ගිය බවත් ඒරියල් ටෝල්ෆී්ර පවසනවා. කෙසේ වෙතත් පසුව අවදී බලන අවස්ථාවේ ඇය දුටු දෙයින් තමා විමතියට පත්වූ බවත් සිය ජංගම දුරකථනය පිලිස්සී ඇති බව දුටු බවත් ටෝල්ෆ්රී පවසනවා.
මේ සම්බන්ධයෙන් ඇයගේ පියා සැම්සුන්ග් සමාගමට පැමිණිලි කර තිබෙනවා. ඊට ප්‍රතිචාර වශයෙන් සැම්සුන්ග් සමාගම පවසා ඇත්තේ ජංගම දුරකථන අලෙවි කරන විට ලබාදෙන උපදෙස් පති‍්‍රකාවේ මෙම සියලුම තොරතුරු ඇතුළත් බවයි. එම නිසා නොකළ යුතු දේ වෙනමම එම පති‍්‍රකාවේ දැක්වෙන බව එම සමාගම දන්වා තිබෙනවා.
නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇයගේ පියා සදහන් කර ඇත්තේ එම අවවාදය පැහැදිලිව ලබාදීමේ වගකීම අදාල සමාගම සතුවන බවයි. දුම්වැටි සමාගම් සිය ඇසුරුමෙන් භාගයක්ම අනතුර සදහා වෙන් කරන බවත්, මෙතරම් අනතුරු දායක ජංගම දුරකථන පිළිබදව වැඩි අවධානයකින් යුතුව පැහැදිලිව පෙනෙන සේ අනතුරු ඇගවීම් සිදු කළ යුතු බවත් ඇයගේ පියා පවසයි.
මේ අනතුර පිළිබදව ඇමරිකාවේ fox 4 රූපවාහිනී ආයතනය සැකසු වීඩියෝව පහතින් නරඹන්න

No comments