සුපිරි නළු සලමන් ඛාන් රඟන නවතම චිත්රපටයෙහි එන නර්තන අංගයකට සහභාහී වූ බොලිවුඞ් සුරූපිනී නාගීස් ෆක්රී නර්තනය අවසාන වනවිට ආබාධ කිහිපයකට ලක්ව තිබූ බව වාර්තා වනවා. NDTV පුවත් සේවය වාර්තා කරන ආකාරයට එම නර්තන්යේ යෙදෙන විට ඇය දණහිසෙහි, කලවා ප්රදේශයෙහි සහ කොන්දෙහි ආබාධ කිහිපයකටම ලක්ව තිබෙනවා.
කෙසේවෙතත්, සිය නර්තන අත්දැකීම පිළිබඳ අදහස් දක්වමින් නාගීස් පවසා ඇත්තේ අහමද් ඛාන්ගේ ( චිත්රපටයේ නර්තන නිර්මාණ ශිල්පයා) නර්තන නිර්මාණය තුළ වූ පෙළඹවීම නිසාම ඇය කෙසේ හෝ නර්තනයේ යෙදුනු බවයි. ඇය ‘කික්‘ චිත්රපටයේ නර්තන අංගයකට මෙලෙස දායක වී ඇති අතර එම ගීතය නම් කොට ඇත්තේ ‘ඩෙවිල්‘ (යක්ෂයා) ලෙසයි. ඇය හා එම ගීතයට සල්මන් ඛාන්ද නර්තනයේන් එක්ව ඇති අතර එම ගීතය ගායනා කරන්නේ යෝ යෝ හනී සිං විසිනි. කික් චිත්රපටය සාජිඞ් නඩියාවාලගේ අධ්යක්ෂණයකි.

No comments