Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » වරිගපොජ්ජේ වැදි ගැහැණිය කැකුළෙක් සොයයි

මේ දවස්වල මොකද කරන්නේ ?

ඇත්තටද මේ දවස්වල ගොඩාක් කාර්යබහුලයි.ටෙලි නාට්‍ය 4කම ප්‍රධාන චරිතය කරන්න ලැබි තියෙනවා. මේ දවස්වලත් නුවරඑළියේ රුපගත කිරිමකට සහාභාගි වෙලා ඉන්නේ.එකේ ප්‍රධාන චරිතය කරන්නේ මමයි මේනක රාජපක්ෂයි.

ඔබ නිළියක් ද ? නිරුපිකාවක් ද? නිවේදිකාවක් ද?

මට ඔය 3ම තියෙනවා.එත් මම ගොඩාක් කැමති නිවේදනයට ටෙලි නාට්‍ය කියකට මේ වන විට දායක උනා ද?

මේ වෙන කොට ටෙලි කිපයකටම සම්බන්ධ වුණා. එයින් 2ක් මේ වන විට විකාශනය වෙලා තියෙනවා.

ඔබේ පළමු සිනමා නිර්මාණය “වරිගපොඡ්ඡ” ච්ත්‍රපටය එහිදි ඔබ ලබාගත් අත්දැකිම් මොනවා ද?

මම ඒ ෆීල්ම් එකෙන් මාර සතුටක් ලැබුවා. හැමෝම කැමති චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් කරන්න එත් හැමෝටම එක ලැබෙන්නේ නෑ. එත් මම ගොඩාක් වාසනාවන්තයි මම මගේ පළමු සිනමා නිර්මාණයෙන්ම මම ප්‍රධාන චරිතය ලැබුණා.ඒ ෆිල්ම් එක මට අභියෝගයක් මම ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා.   ඒ නිසා ගොඩාක් සතුටුයි ඒ ගැන.ඒකෙන් ලැබුණු ප්‍රතිචාර නිසා තමා අද මම මෙතන ඉන්න.

Music Video වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ වනවිට මම වීඩියෝ 18කට දායක වුණා.ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.මම මේ වෙනකම් රංගනය ගැන හදාරලා නෑ මට හිතෙනවා මම මේ ගැන හැදැරුවොත් මට තව මගේ හැකියාවන් දියුණු කරගන්න පුළුවන් කියලා.

ඔබේ පාසල කුමක් ද?

මම ඉගෙන ගත්තේ පානදුර ශාන්ත ජොන් විදුහලෙන්.

පවුලේ විස්තර මොනවා ද?

අම්මා,තාත්තා, අයියලා 3න් දෙනයි. මම බාලයා… ම්ම්ම් තව ඉන්නවා මගේ Doges ලා දෙන්නා මම සතුන්ට ගොඩාක් ආදරේයි.මිනිසුන්ට වඩා සත්තු හොදයි.

කොහොමද ඔබ රංගනයට දායක වුණේ

මට මේ හැමදේම හමිබුණේ අහමිබෙන් නොසිතපු වේලාවක. මගේ ප්‍රථම රැකියාව නිවේදනයයි.

මේ ක්‍රේෂත්‍රයට ඔබ අධුනිකයි මතයක් තියෙනවා ලිංගික අල්ලස් ලබා ගැනිමක් ගැන ඔබේ මතය මොකක්ද මේ ගැන

මෙහෙමයි,මට තාම ඒ දේවල් ගැන අත්දැකිමක් නෑ.අපේ හැසිරිම කාථාව මේ හැමදේම බලලා තමා ඔය වගේ දේවල් වලට ග්‍රහණය කරගන්නේ මං හිතන විදියට.මං කියන්නේ නෑ සියයට සියයක් එහෙම අය ඉන්නවා කියලා.කොහොමත් ඕනම දේයක් ඕනම නෑ.

ඔබ වෘත්තිමය වශයෙන් නිළියක් ද?

නෑ.මම කැමති මගේම කියලා දේයක් පටන් ගන්න.මේ ක්‍රේෂත්‍ර 3න්ම වෘත්තිමය ඉතිරියක් නෑ. මට Fashion Design පැත්තෙන් හොද දැනුමක් තියෙනවා.මම ඒ පැත්තේන් ඉස්සරහට යන්න ලොකු කැමතක් තියෙනවා.

වැඩ කරන්න කැමතිම අධක්ෂක කෙනෙක් ඉන්නවා ද?

ඔවි ප්‍රවීනයින් කිපදෙනෙක් ඉන්නවා. ඒ අය සමඟ වැඩ කරන්න කැමතියි.

ඔබ පෙම්වතියක්ද ?

හිටියා . ඒත් දැන් නෑ.

දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද ?

අනිවාර්යෙන්ම තියෙනවා.මං හිතන්නේ කාන්තාවකගේ සුන්දරම හීනය තමා විවාහය.මගේ අම්මාගේ හිනෙත් එකමයි.ඉක්මනටම ඒ දේ වෙයි. දැන් ඉතින් ගෙදරට බරක් වුණා ඇති.

අනාගත බලාපොරොත්තු මොනවා ද?

ලොකු සිහින නෑ. මම හීන වලින් මිදිලා සැබැ ලෝකේ ඉන්න කෙනෙක්.දැන් තියෙන ලොකුම හිනය තමා රඟපැම අතින් ඉස්සරහටම ගිහින් සම්මානයක් ලබා ගැනිමයි.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply