සෞදි අරාබි පොලිසිය විසින් කෝටිපති යාචාකයෙකු අත් අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
NDTV පුවත් සේවය වාර්තා කරන අන්දමට බටහිර සෞදි අරාබියේ යන්බු නැමති ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති මෙම තැනැත්තා සතුව තිබී ඇමෙරිකානු ඩොලර් 320,000ක් වටිනා භාණ්ඩ සහ මුදල් හමුවී තිබේ.
සෞදි අරාබි රාජ්‍යය තුල සිඟමන් යැදීම මුළුමනින්ම තහනම් වේ.
මෙම තැනැත්තා සතුව සුඛෝපබෝගී නිවසක් ඇති බවත් ඔහු නගරයෙන් නගරයට ගමන් ගන්නේ ඔහුගේම කාර් රථයේ බවත් එරට පොලිසිය හඳුනාගෙන තිබේ.
හිඟමනේ යෙදීම සඳහා ඔහුට ඔහුගේ බිරිඳගේ සහ දරු තිදෙනාද සහය දක්වා ඇති බවද මේ අතර හෙළිවී ඇත.
ඔවුන් සියළු දෙනාම අනවසරයෙන් සෞදි අරාබියේ රැඳී සිටින බවත් ඔවුන්ගේ ජාතිකත්වය මෙතෙක් හෙළි කර නොමැති බවත් වාර්තා වේ.

No comments