"මේ දවස්වල ඇහෙන්න පේන්න තියෙන හැම ගීතයකින්ම කියැවෙන්නේ විරහ වේදනාවෙන් පෙලෙන තරුණ තරුණියන්ගේ ප්‍රේම වෘතාන්තයන් පිළිබඳවයි. ඒක කොයිතරම් අපේ තාරුණ්‍යයට බලපෑම් ඇති කරලද කිව්වොත් බහුතරයක් හිතාගෙන ඉන්නේ ගීත නිර්මාණය වෙන්නේ විරහ වේදනාවන් ගැන කියන්න කියලා. මේ නිර්මාණය මොහොතකට රසවිඳින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ ප්‍රේමය යනු විඳවීමට පමණක් ඇති දෙයක් නොවන බවත් විඳීමට හැකියාවක්ද ඇති උතුම් හැඟීමක් බව හඳුනාගනු පිණිසයි. "
එලෙස අදහස් දැක්වූයේ පෙරදි සසරේ ගීතයේ පද රචනය කළ තුසිත් ගුණසේකර මහතායි. තුසිත් ගුණසේකර මහතාගේ පද රචනයට සංගීතය මුසු කරන්නේ දිලුම් නුරාද මහතායි. ඔවුන් දෙදෙනාගෙන් බිහිවන එම කලා කෘතියේ හඬ මුසුව තවමත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවියක් වන සමාධි විනෝද්‍යා ගමකුඹුර ගෙනුයි.
බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය සහ ද්විතික අධ්‍යාපනය ලද සමාධි, මේ වන විට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවියක්. ඇය ගායන ක්ෂේත්රයට පැමිණෙන්නේ ‘‘පෙරදි සසරේ“ ගීතයත් සමගින්.
සමාධි විසින් ගායනු ලබන මේ ගීතයේ පද රචනය තුසිත් ගුණසේකර විසින්ද සංගීතය දිලුම් නුරාද විසින්ද සිදු කර තිබෙනවා.
පෙරදි සසරේ |
all the best sama
ReplyDelete