Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » තිරයේ සහ සැබෑ ලොවේ වීරයෙක් වූ රංජන්ගෙන් සුපිරි වැඩක්

රන්ජන් රාමනායක තරම් ජනප්‍රිය නළුවා ලෙස සම්මාන ගත්තු තවත් නළුවෙකු නැතුව ඇති. පිට පිට කිහිප සැරයක්ම ඔහු එලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. රන්ජන් මෙච්චරටම ජනප්‍රිය නළුවා වශයෙන් සම්මාන ගත්තේ ඔහු ජනතාව අතර ඉන්න නිසා වෙන්න ඕනෑ.

ඒ වගේම රන්ජන් නිරන්තරයෙන් ජනතාවගේ අසාධාරණය වෙනුවෙන් කතා කරනවා, ක්‍රියා කරනවා. ඒ වගේ සිදුවීමක් පසුගියදා සිදු වුණා. ඒ තමයි වැල්ලවත්තේදී පොකට්කාරයින් දෙදෙනෙකු රන්ජන් විසින් අල්ලාගෙන නීතියේ රැහැනට කොටුකර දීම. එම සිදුවීම වෙලා දැනට සති කිහිපයක් වෙනවා.

ඒත් එහි උණුසුම පොඩ්ඩක්වත් වියැකිලා නැහැ කියලා රන්ජන් කියනවා. ඒ වගේම ගොඩක් වෙලාවට නොයෙන් දෙනා රන්ජන්ට මඩ ප්‍රහාර එල්ල කරන්න බලාගත්තු ගමන් ඉන්නේ. මේ සිදුවීමටත් වැරදි අර්ථකථනයක් දේවි කියලා රන්ජන් දෙගිඩියාවෙන් පසු වුණාලු. නමුත් ඒක එහෙම වෙලා නැහැ.

රන්ජන් කියන්නේ තිරයේ විතරක් නෙවෙයි සැබෑ ජීවිතයෙත් වීරයෙක් කියලා දන්න අය කියන්නේ ඒ නිසා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply