Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » ජැකලින් එක්ක ජිම් යන අලුත්ම දෙන්නා

ලාංකේය රූ රැජනක වන ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් මේ වන විට බොලිවුඩයේ දැවැන්ත තරු රැසක් සමඟින් තම රංගනයන් ඉදිරිපත් කරන්න වරම් ලබා ගෙන තියෙනවා. මීළඟට ඇයගේ නිර්මාණයේදී හමු වෙන්නේ වරුන් ධවාන් සහ ජෝන් ඒබ්‍රහම්. ලබන 29 වැනිදා තිරගත වීමට නියමිත එය රෝහිත් ධවාන් අධ්‍යක්ෂණය කළ Dishoom..

ක්‍රියාදාම චිත්‍රපටයක් වන Dishoom පසුගිය ජූනි මස තිරගත වෙන්න නියමිත වුණත් විවිධ හේතු නිසා මාසයකට කල් ගියා. මේ චිත්‍රපටය නිසා ජෝන් සහ වරුන්ට වගේම ජැක්ලීන්ටත් නිතරම ජීම් එකේ කාලය ගෙවන්න වූ බව තමයි ආරංචි වුණේ. මේ අත්දැකීම ජැක්ලීන්ට නම් ටිකක් නුහුරු වෙලා. ඒ වුණත් නිර්මාණය වෙනුවෙන් සාධාරණයක් කරන්න ඇයත් කොහොම හරි ඒ වෙනුවෙන් කැප වෙලා.

ජෝන් සහ වරුන් Dishoom  වෙනුවෙන් වුණු මහන්සිය දැකපු ජැක්ලීන් කිව්වේ මෙහෙම දෙයක්. වරුන් හොඳ ශක්ති සම්පන්න තරුණයෙක්. නිදා ගන්නේ නැතුව එක දිගට වුණත් වැඩ කරන්න සූදානම්. ඇත්තටම ඔහු අධ්‍යක්ෂවරයෙකුග් සිහිනයක් වන නළුවෙක්. ජෝන් ගැන කියනවා නම් ඔහු හොඳ ක්‍රියාදාම නළුවෙක්. පිටට තද පුද්ගලයෙක් වගේ පෙනුනත් ඇත්තටම ඔහු හරිම මෘදු කෙනෙක්. දර්ශන තලයේ විවේකයේදි ඔහු නිතරම විහිළු කරනවා. සමහර වෙලාවට ඒවා විහිළුද කියලා මට තේරුම් ගන්න බැහැ ජැක්ලීන් පවසනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply