Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » හැරිසන් ෆෝඩ් ගුවන් අනතුරක

ප්‍රවීණ නළු හැරිසන් ‍ෆෝඩ්ට පසුගිය සතියේ අතිශය අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා. ඔහු විසින්ම පදවාගෙන යනු ලැබු කුඩා ගුවන් යානය හදිසියේම කඩා වැටුණු බවයි හොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණේ. මේ අනතුරෙන් ඔහුගේ හිස තුවාල වී තිබුණා.

හිසට තදබල ලෙස තුවාල සිදුවූ නිසා එයින් රුධිරය ගලමින් තිබුණු බවත් ඒ මොහොතේදී ඔහු සිහිසුන්ව සිටි බවක් පැවසෙනවා.

හැත්තෑ දෙහැවිරිදි හැරිසන් ෆෝඩ් පදවාගෙන ගියේ ඔහුටම අයිති ආසන දෙකක් සහිත ගුවන් යානයයි. මේ ගුවන් යානය කඩා වැටුණේ ලොස් ඇන්ජලීස් නුවරට සමීප ගොල්ෆ් ක්‍රීඩා පිටියකටයි.

තනි එන්ජිමක් සහිත ගුවන් යානයක් ‍ගොල්ෆ් ක්‍රීඩා පිටියට කඩා වැටී තිබූ බවත් එහි නියමුවාට බරපතළ තුවාල සිදුවී තිබු බවත් හැරිසන් ෆෝඩ්ව හඳුනා නොගත් ලොස් ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සේවකයකු පැවසුවා.

“අපි එතනට යනකොට ඒ තැනැත්තා බරපතළ තුවාල ලබා සිටියා. අපි ඉක්මනට ඔහුව ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කළා.” සේවකයා තව දුරටත් පැවසුවා.

හැරිසන් ෆෝඩ්ව ඇතුළත් කර තිබුණේ රොනල්ඩ් රේගන් වෛද්‍ය මධ්‍යස්ථානයටයි. තම පියා සුවය ලබමින් සිටින බවයි පසුගිය සතියේ තම ට්විටර් පිටුවෙහි සටහනක් තැබූ හැරිසන්ගේ පුතු බෙන් ප්‍රකාශ කළේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply