ලොව සුපතල ice bucket challenge එකටට සමානව තවත් අභියෝගයක් මේ වනවිට නිර්මාණය වී තිබේ. ඒ තොල් සිපගැනීමේ අභියෝගයයි(lips kissing challenge) .
මෙම අභියෝගයෙන් ලැබෙන ආධාර මුදල් සුප්රකට ගායන ශිල්පි එල්ටන් ජෝන් විසින් අරඹා ඇති ඒඩ්ස් අරමුදල සදහා බැර කෙරේ. සුපිරි නිළියන්ට මෙම අභියෝගයට සහභාගි විය හැකිය. මෙහිදී එම අභියෝගය භාර ගන්නා සුපිරි නිලිය මෙම අරමුදලේ ආධාරකිරීමට ඉදිරිපත් වන පුද්ගලයා සමග තොල් සිපගැනීමකට යා යාතු වෙයි.
ජනප්රිය නිළියක් වන එලිසබත් හර්ලි මුලින්ම මෙම අභියෝගය භාර ගනිමින් සදහන් කර තිබුනේ ඒඩ්ස් අරමුදලට ඩොලර් 50000 ක් (ශ්රිලංකා මුදලින් රු හැට හයලක්ෂ පනස් දහසක් )බැර කරන්නේ නම් තමන සිය දෙතොල් සිප ගැනීමට ඕනෑම අයෙතුට අවස්ථාව දෙන බවයි. මෙම අභියෝගය භාර ගත් කැනඩාවේ සුපිරි ධනවතෙක් වන 27 හැවිරිදි ජුලියන් භාරටි එම මුදල ඒඩ්ස් අරමුදලට ලබාදී එලිසබෙත් හර්ලිගෙන් lip kiss එක ලබාගෙන තිබේ.
එංගලන්තයේ පැවති ප්රසිද්ධ සාදයකදී ඇය විසින් ඔහුට මෙම lip kiss එක ලබාදී ඇති බව වාර්තා වෙයි.
එය සිය ජීවිතයේ ලද සුවිශේෂි අවස්ථාවක් බව ජුලියන් භාරටි සදහන් කර තිබේ. සමාජ කාර්යයකට දායක වන අතරේ බොහෝ දෙනෙකුට නොලැබෙන විරල අවස්ථාවක් තමන්ට හිමිවීම ගැන තමන් සතුටු වන බව ජුලියන් භාරටි සදහන් කර තිබේ.
කැනඩාවේ ප්රධානතම ආයෝජන සමාගම් ජාලයේ හිමිකරු වන ජුලියන් භාරටි 2009 දී විවාහ වු අතර ඔහු මේ වනවිට තිදරු පියෙකි.
මේ වනවිට 49 වන වියේ පුස්වන එලසබෙත් හර්ලි ප්රකට එංගලන්ත නිළියක් වන අතර ක්රිකට් ක්රීඩක ෂේන් වෝන් ගේ අනියම් පෙම්වතිය ලෙසටද ප්රකටය.
No comments