Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » තිසුරිගේ ප්‍රශ්න පත්‍රයට ලෝචනාගෙන් පිළිතුරු

ඇත්තද ගස්‌ නැගල හොරෙන් අඹ කඩනවා කියන්නේ...
- තිසුරි

ඒ අඹ වැඩිපුර කෑවේ ඔයානේ...
- ලොචනා

නුගේගොඩ අනුලා විදුහලේ ඉගෙන ගන්න කාලේ ලෝචනයි, තිසුරියි ඒ තරම් හොඳ යාළුවෝ නෙමෙයිලු. හැබැයි ලෝචනාගේ නංගි තිසුරිගේ හොඳ යාළුවෙක්‌ලු. කොහොමින් කොහොමින් හරි අධ්‍යාපන කටයුතු අවසන් කළාට පස්‌සේ මේ දෙන්නා ගජමිතුරෝ වෙලා. ඒ වෙන හේතුවක්‌ හින්දා නෙමෙයි දැන් දෙන්නම එකට රඟපාන හින්දා. තූර්යා, සඳ සඳ වගේ වැනි නිර්මාණවලදී මේ දෙන්නා එකට වැඩකරලා තියෙනවා. ඒ හින්දාම දෙන්නාගේ මිතුදම තවත් වැඩිවෙලා. මොනවා වුණත් දැන් තිසුරිගේ හොඳම යාළුවා වෙලා තියෙන්නේ ලෝචනා. තිසුරි ලෝචනා ගැන නොදන්න දෙයක්‌ නැති පාටයි. ඒ ගැන දැනගන්න නම් මෙදාපාර හිතමිතුරු සුළඟට තිසුරි ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍රයට ලෝචනා දුන්න පිළිතුරු මොනවාද කියලා කියවලා බලන්නම වෙනවා. 

ලෝචනා අක්‌කේ, ඔයාගේ කලා කටයුතු එහෙම

කොහොමද?

පෞද්ගලික ජීවිතයේ වැඩකටයුතු එක්‌ක මගේ කලා කටයුතු හොඳින් කෙරීගෙන යනවා. වෙන කියන්න තරම් විශේෂයක්‌ නැහැ.

මේ තරම් දුරක්‌ ආපු ගමන ගැන මොකද හිතන්නේ ?

ඇත්තටම සතුටුයි නගෝ. මොකද මම නිර්මාණ රැසකට දායක වෙලා යාළුවෝ ගොඩක්‌ එකතු කරගත්තා. ඒකම ඇතිනේ. 

ඔයා සිනමාවට සම්බන්ධ වෙලා තියෙනවාද?

ඇයි නැත්තේ, නංගිට මාව දැන්මම අමතක වෙලා වගෙයි. මතක නැතිද? මම රඟපෑ අභිනික්‌මන චිත්‍රපටය පසුගිය කාලයේ තිරගත වුණා. ඒ විතරක්‌ නෙමෙයි ඊට පසුව තවත් චිත්‍රපට තුනකට දායකත්වය ලබාදුන්නා. ඒයා පසුව තිරගත වේවි.

රංගන ශිල්පිණියක්‌ ලෙස ඔබ කොයිතරම් දුරට හැදෑරීම් කරනවාද?

අනේ මම එහෙම කියලා හැදෑරීම් නම් කරලා නැහැ නංගියෝ. අපිට ලැබුණු නිර්මාණවලින් තමයි, මම හැදෑරීම් සිදුකළේ. වැඩ කරන්න කරන්න තමයි, හැදෑරීමක්‌ ලබාගන්න පුළුවන්. එහෙම නැතිව විශේෂයෙන් හැදෑරීමක්‌ කළේ නැහැ. 

ඔබේ හැකියාවට සරිලන චරිත මේ වෙනකොට ලැබිලා තියෙනවාද?

එහෙම ලොකුවට කියන්න තරම් නම් ලැබිලා නැහැ.

අක්‌කත් චරිත තෝරාගැනීමේදී ඔයා විසින්ම තහංචි පනවාගෙන ද ඉන්නේ ?

මගේ චරිතයට හානියක්‌ නොවන චරිත තෝරාගන්න මම කොහොමටත් තහංචියක්‌ පනවාගෙන තමයි ඉන්නේ. මම හිතන්නේ ඔයත් එහෙමනේ.

ක්‍ෂේත්‍රයේ ඉන්න ඔයාගේ හොඳම හිතවතුන් කවුද කියන්නකෝ ?

එහෙම නම් වශයෙන් කියන්න බැහැනේ හලෝ. නංගි මාව අමාරුවේ දාන්නද කොහෙද හදන්නේ. මේ චරිතය අනුව මම හැමෝමත් එක්‌කම ෆිට්‌ වෙනවා කියලා ඔයා දන්නවානේ.

පාසල් කාලයේ කරපු කලා කටයුතු ගැන මොකද හිතෙන්නේ ?

ඒ කාලේ නම් අමතක වෙන්නේ නැහැ. ආපසු පාසල් කාලයට යන්න තිබෙනවා නම් කියලා හිතෙනවා. කාටවුණත් පාසල් කාලය අමතක කරන්න බැහැනේ.

අනාගත බලාපොරොත්තුව මොකක්‌ද?

වෙනදා වගේම සතුටින් ඉන්න තමයි කල්පනාව.

දිගටම රඟපාන්නද සූදානම?

ඒවා කියන්න බැහැ. අපි දන්නේ නැහැනේ අනාගතයේ මොනවා වෙයිද කියලා. ඒක ඉදිරියේදී බලමු. දැන්ම අනාගතය ගැන කියන්න අමාරුයි නංගියෝ.

ඇයි මේ ගස්‌වල නැගලා හොරෙන් අඹ කඩන්නේ ?

(සිනාසෙනමින්...) ඒවට උල්පන්දම් දෙන්නේ කවුද?. ඔයාමනේ. මම කිව්වේ නැහැ අඹ කඩමු කියලා. මාව ඒවට පොළඹවන්නේ ඔයානේ. මම ගහට නැග්ගට වැඩිපුර අඹ අරන් ගියේ ඔයානේ. ඇයි මතක නැතිද?

මාත් එක්‌ක ආපහු එක සෙට්‌ එකේ වැඩ කරන්න කැමැතිද?

මොකද නැත්තේ. කැමැතියි.

ඔයාගේ සද්දේ ටිකක්‌ අඩු කරලා කතා කරන්න බැරිද?

ඔයාල වගේ යාළුවෝ නිසා බැහැනේ. මොකද ඔයගොල්ලන්ගේ කන් ඇහෙනවා අඩුයිනේ.

ඔහොම කෑගැහැව්වොත් අනාගත සැමියාගේ කන් ඇහෙන්නේ නැතිවේවි නේද?

(සිනාසෙමින්.) කොහොමටත් කන් ඇහෙන්නේ නැති, ඇස්‌ පේන්නේ නැති, කතා කරන්න බැරි කෙනෙක්‌ තමයි හොයාගන්නේ. ඔයාටත් එහෙම කෙනෙක්‌නේ හොයාගන්න වෙන්නේ.

අපොයි ඔයා හරි රණ්‌ඩුවටමනේ එන්නේ ?

ඔව්. ටිකක්‌ විතර. මම කොහොමටත් රණ්‌ඩුවට බරයිනේ. අපි දෙන්නා සෙට්‌ වුණොත් රණ්‌ඩුව වැඩි වෙනවා කියලා මතක නැතිද?.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply