ලොව විශාලතම දෙයත් සහිත කාන්තාවක් තායිලන්තයේ ජීවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඩුවන්ග්ජේ සමක්සාමම් නමැති 50 හැවිරිදි එම කාන්තතාව වසර 20 ක් මුලුල්ලේ ලෝකයෙන් වසන් වී ජීවත් වුවත් සිය මාපියන්ගේ අභාවයෙන් පසු ඇයට ලොවට මුහුණදෙන්නට සිදුවූයේ ජීවත්වීමේ මඟක් සොයාගත යුතු බැවිනි.
තනිවම හිස පීරීමට හෝ කුඩා දෙයක් අතට ග්‍රහණය කළ නොහැකි ඇය සිරුරේ කොටසක් අසාමාන්‍ය ලෙස විශාල වීමේ රෝගයෙන් පෙලෙයි.
තවද ඇයට කළ හැකි එකම ප්‍රතිකාරය දෑත් කැපීම බවද වෛද්‍යවරුන් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙවැනි රෝගයක් ඇති බවට වෛද්‍යවරුන් පැවසුව ද මෙතරම් විශාල වී ඇති පුද්ගලයකු පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
Subscribe to:
Post Comments (Atom)
No comments