ශ්රී ලාංකීය සම්භවයක් ඇති නිළියක ලෙසින් බොලිවුඩ් පුර තරණය කළ ජැකලීන් ෆර්ඩිනෑන්ඩස් මේ වනවිට බොලිවුඩ් පුර සුපිරි තරුවක් වන තරමටම සිය ජනප්රියත්වය පවත්වාගෙන සිටිනවා. ෆිල්ම් ෆෙයාර් සඟරාවට ඇය ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් මේ.
නවතම Kick චිත්රපටය සමග ඔබ බොලිවුඩ්පුරයේ ජනප්රියම තරුවක් වෙලා ?
ඔව්. ඒ ගැන ලොකුම ලොකු සතුටක් මට දැනෙනවා.
Kick චිත්රපටය ඔබට දැනෙන්නේ කොහොමද?
ඒක හැබෑවුණු හීනයක්. බොලිවුඩ්පුරයේ ‘ඛාන්’ ලා එක්ක වැඩ කරන්න. සෑහෙන්න කාලයක පටන් මට ලොකු හීනයක් තිබුණා. ‘ඛාන්’ලා සමග රඟපාන නිළියන් දිහා මං ආසාවෙන් බලා සිටියා. ම්ඪජඬ චිත්රපටයට ආරාධනා ලැබුණම ඉතිං මට එධඹ කියලා කියැවුණේ ඒ නිසා. මේ මං පුල පුලා සිටි හීනයක් සැබෑවුණු අවස්ථාවක්.
Kick චිත්රපටයේ චරිතය අමාරු එකක් වුණාද ?
අපොයි ඔව්. මගේ පෙම්වතා විදියට රඟපෑ සල්මන්ට තිබුණේ හරිම පිස්සු, දඟකාර, කරුණාවන්ත චරිතයක් කරන්න. මම හරිම ආදරණීය තරුණියකගේ චරිතයක් කළේ. හරිම ඉමෝෂනල් රඟපෑමක්. ඉතිං ටිකක් අමාරු චරිතයක් තමයි.
ඔබ හිතන හැටියට Kick චිත්රපටයට ඔබවම තෝරාගත්තේ ඇයි?
මේ අවස්ථාව මට ලැබෙන්න අවුරුදු පහක් ගතවුණා. මං ඒ ගෙවුණු කාලය පුදුම කැපවීමකින් වැඩ කළා.
කොහොමද ඒ කැපවීම ඔබ විස්තර කරන්නේ?
මම රෑ, දවල් වෙනසක් නැතිව මගේ උපරිමය කරලා පෙන්නුවා. හරිම තත්පරයට ෂූටින්වලට වාර්තා කළා. ඇත්තටම ෂූටින් ලොකේෂන් එක මට සරල තැනක් නෙවෙයි. මං එතැනදී හරිම සීරියස්. මේ චිත්රපටයේ අධ්යක්ෂවරයා මං දිහා කාලයක් තිස්සේ බලා ඉඳලා තියෙනවා. ම්ඪජඬ ප්රධාන චරිතයට මම තමයි සුදුසුම කියලා බොලිවුඩය තේරුම් ගන්න ඇත්තේ එහෙමයි.
ඔබට විශේෂම පුද්ගලයෙක් ප්රශංසා කරලත් තිබුණා?
ඔය අහන්නේ සල්මන් ගැන නේද? ඔව්. ඔයා එහෙම කතාවක් කිව්වා තමයි.
ඉතිං ඇයි ඒ ගැන අපෙන් හංගන්නේ ?
සල්මන් මාව අඳුනගත්තේ මං බොලිවුඩයට ආ පළමු අවුරුද්දේදීමයි. මං හෙමින් ඉදිරියට ආ ගමන ගැන එයා සාක්ෂිකාරයෙක් කියලා මට හිතෙනවා. හැම චිත්රපටයකදීම වගේම මං මේ චිත්රපටයේදීත් උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කළ එක ගැන සතුටුයි කියලා සල්මන් මට කිව්වා.
Kick කියන එකේ තේරුම පයින් ගහන පහරනේ. ජැකලීන් පයින් ගහලා එළවලා තියෙන්නේ කාවද?
අපොයි කාටවත්ම නෑ. කවදාවත් කාටවත් එහෙම කරලා නෑ. මං චණ්ඩි කෙල්ලෙක් නෙවෙයි. අන්තයටම තරහා ගියත් මං කවුරුවත් එක්ක රණ්ඩුවෙන්න යන්නේ නෑ.
සල්මන් ඛාන්ව තනි වාක්යකින් විස්තර කරන්න පුළුවන්ද?
රත්තරං හිතක් තියෙන කොල්ලෙක්
සල්මන් වගේ කෙනෙක්ව කසාද බඳින්න කැමැතිද?
මං හිතනවා එයා හොඳ බෝයිෆේරරන්ඩ් කෙනෙක් වේවි කියලා. එයා පුදුම ආදරණීය හිතක් තියෙන, ගැහැනු ළමයෙක්ව හොඳින් පරිස්සම් කරන්න දන්න කෙනෙක්. හැම ගෑනු ළමයෙක්ම කැමැතියි තමන්ගේ ආදරවන්තයා තමන්ව පරිස්සම් කරනවාට. හිතට දැනෙන්න ආදරේ කරනවාට. සල්මන් ඒ ගතිගුණ තියෙන කෙනෙක් කියලා මං හොඳටම දන්නවා. අපේ යාළුකම අවුරුදු ගාණක් පරණයි.
රොෂාන් අහංගම
ඡායාරූපය - චමිල කරුණාරත්න
රිවිර පුවත්පතේ රිවිසරසි අතිරේකයෙන්
Subscribe to:
Post Comments (Atom)
No comments