Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » පරිසරය රැකගන්න නිරුවත් වූ ඕස්ට්‍රේලියානු නිරූපිකාව

ගල් අගුරු පතලක් විවෘත කිරීමට  ඕස්ට්‍රෙලියානු රජය ගත් තීරණයට එරට නිරූපිකාවක් නිරුවතින් විරෝධය දක්වා තිබෙනවා. 

රොබින් ලොලේ නැමති ඔස්ට්‍රේලියානු නිරූපිකාව  සදහන් කර ඇත්තේ  මතුව ඇති බරපතල පාරිසරික  ගැටළු පිළිබදව අවධානය යොමු නොකර  රජය මෙම ගල් අගුරු පතල විවෘත කිරීමට තීරණය කර ඇති බවයි.

මෙම ප්‍රවෘත්තිය ඇසුණු  විට තමන්ට කළ හැකි දෙයක් නොවන නිසා මහත් අසරණ කමක් දැනුන බවත් වහාම  හැකි ආකාරයෙන් විරෝධය දැක්වීමට සහ ජනතාව අතරට එම විරෝධය ගෙනයාමට සිතූ බවත් ඇය කියයි. මේ නිසා මෙම නිරූපිකාව  “ගල් අගුරු පතල නවත්වන ලෙස “ ලිප්ස්ටික් කූරකින්  සිය නිරුවත් සිරුරේ ලියාගෙන එම ඡායාරූපය සමාජ ජාල වෙබ් අඩවි වලට එක් කොට තිබේ.

සිය නිරුවත පෙන්වා හෝ බරපතල පාරිසරික ව්‍යසනයනයකින්  රට බේරා ගැනීමට හැකිවුවහොත් එය ජාතික කාර්යයක් වනු ඇතැයි ඇය කියයි.

මෙම  ගල් අගුරු පතල ඉන්දීය සමාගමකට අයත් වන අතර මෙමගින් ඉන්දියාවේ බලශක්තිය නිපදවීමට අවශ්‍ය ගල් අගුරු සපයා ගැනීමට නියමිතව තිබේ.මෙම පතල වර්ග කිලෝමීටර් 200 ක ප්‍රමාණයක් විහිදී පවතින අතර එමගින්  නිකුත් විය හැකි පරමාණුක අවධානම තවත්  කිලෝමීටර් සිය ගණනක් දුරට පැතිරෙන බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.

එමෙන්ම මෙම ගල්අගුරු  නැව් මගින් රැගෙන යාමට නියමිත අතර එම නෞකා මාර්ගය  මහා බාධක කොරල් පරය මැදින් වැටී තිබේ. මේ නිසා මෙම කොරල් පරය විනාශ වීමේ දැඩි අවධානමත් ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මේ නිසා වහාම මෙම පාරිසරික ගැටළු ඇති කරන ගල් අගුරු පතල වසා දමන මෙම නිරුවත් විරෝධයෙන්  ප්‍රකාශ කරන බව රොබින් ලොලේ සදහන් කර තිබෙනවා.


















«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply