Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » ගේ හදලා ලයිට් ගන්නත් කලින් බිල ඇවිත්

අනුරාධපුර කුරුන්දන්කුලම ප‍්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින විදුලිය ලබා නොදුන් නිවසකට මනු කියවන්නෙකු පැමිණ විදුලිබිලක් නිකුත් කිරීමට ගිය අපුරු පුවතක් ඉකුත් දා වාර්තා විය.

අනුරාධපුර කුරුන්දන්කුලම ප‍්‍රදේශයේ ඉදිකර ඇති දෙමහල් නිවසකට නිවෙස් හිමියා විසින් විදුලිය ලබා ගැනීම සදහා අයදුම්පත‍්‍රයක්අනුරාධපුර පිහිටි ලංකා විදුලි බල මණ්ඩල කාර්යාලයට මීට සති කිහිපයකට ඉහතදී භාර දී තිබේ. 

එහෙත් කඩිනමින් නිවසට විදුලි බලය ලබා දීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර නොතිබුනි.දින 03 කට පමණ ඉහතදී ප‍්‍රදේශයේ මනු කියවන්නා විසින් අදාළ නිවසට විදුලි බිල්පත නිකුත් කිරීම සදහා පැමිණ තිබේ. 

අදාළ නිවස කොහිඇත්දැයි පරීක්ෂා කරද්දී මනු කියවන්නාට නිවෙස් හිමිකරුගේ වැඩිමහල් සොහොයුරිය හමුව තිබේ. බිල්පතේ ලිපිනයේ පිහිටි නිවස කොහිදැයි මනු කියවන්නා ඇයගෙන් විමසා ඇති අතර එම නිවස පිලිබදව විමසුවේ මන්දැයි ඇය පෙරළා මනු කියවන්නාගෙන් විමසීමක් කර තිබුනි. 

මනු කියවන්නා පවසා ඇත්තේ අදාළ නිවසේ විදුලි බිල නිකුත් කිරීම සදහා එම නිවස පිහිටා ඇති ස්ථානය පිළිබදව විමසු බවයි.‍ අදාළ නිවස හිමිකරුගේ සොහෙයුරිය විසින් පවසා ඇත්තේ තවමත් එම නිවසට විදුලි බලය ලබා දී නොමැති බවයි. ඒ අනුව මනු කියවන්නා එසේනම් බිල් සකසන ස්ථානයේදී වරදක් සිදුවන්නට ඇති යැයි කියා ඔහු එම නිවසට නිකුත් කිරීමට රැගෙන ආ බිලද නිකුත් නොකට ස්ථානයෙන් නික්ම ගොස් තිබේ. 


සිද්ධිය සිදුවී පැය කිහිපයකට පසුව අදාළ නිවසට විදුලි බලය ලබා දීම සදහා විදුලි කණුවක් සිටුවීමට වලක්ද හාරා ගිය බවද වාර්තා විය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply