මෙවර අප හඳුන්වා දෙන්නේ මින් පෙර කිසිදු පුවත්පත් හෝ වෙබ් අඩවියක ලිපියක් පළ නොවූ තැනැත්තියකි. ඇය දිල්හානි වෙඩික්කාරගේ වේ. තූර්යා, ඇසිඩ් සහ දූවිලි මල් රංගනයෙන් හැඩ කළ ඇය ලේඛිකාවක් වන්නට ද පෙරුම්පුරන්නීය.
දිල්හානි . . . අද ටිකක් බයෙන් වගෙයි ඉන්නේ?
ඇත්තටම ඔව්. මං කලින් මේ වගේ සාකච්ඡාවකට එකතු වෙලා නැහැ. ඉතින් මොනවා අහයිද දන්නේ නැහැනෙ. ඒකයි බය.
ඔබ පළමුවතාවට කැමරාවට මුහුණ දුන් දිනයෙත් මේ වගේම බයකින් හිටියලු නේද?
අපොයි ඔව්. එදා මීට වඩා බය වෙලයි හිටියේ. මගේ පළමු නාට්‍යය වුණේ තූර්යා. වෙව්ල වෙව්ලා කැමරාව ඉස්සරහට ආවා. ඩයලොග් කිව්වෙත් සෑහෙන්න චකිතයකින්.
එදා රඟපාන්න ගිහින් නා ගත්තේ නැද්ද?
වෙලාවට එහෙම නම් වුණේ නැහැ. කොච්චර බය වුණත් ලැබුණු චරිතයට උපරිම සාධාරණය ඉටු කළා.
මේ වන විට ඔබ රඟපාන්න ඇවිත් කොච්චර කල්ද?
අවුරුද්දක් විතර.
මේ කාලය අතරතුරදී ලැබුණු අවස්ථා ගැන සෑහීමකට පත් වෙනවාද?
නැහැ.
ඒ මොකද?
මගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමට ලැබුණු අවස්ථා මදි වගේ.
මොන වගේ චරිතයක් කරන්නද ආස?
අහිංසක චරිතයක්.
ඔබ සැබෑ ජීවිතයේ අහිංසක කෙනෙක්ද?
අපොයි නැහැ. මං දඟම දඟ දඟ මල්ලක්. වෙලාවකට හිතෙනවා දඟකාරකම වැඩි ද කියලත්.
බැරි වෙලාවත් දුෂ්ට චරිතයකට කතා කළොත් ඔබ යන එකක් නැහැ?
වෙන්න පුළුවන්. මට දුෂ්ට චරිත කරන්න අමාරුයි දැන්ම. අත්දැකීම් එක්ක මං ඒ වගේ චරිත කරන්න යොමු වේවි.
ඔබ රංගනයට අමතරව ලේඛනයේද යෙදෙන බව කිව්වා?
මං මේ වන විට නවකතාවක් ලියලා ඉවරයි. ඒක පළ කරන්නයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම නාට්‍යයකට පිටපතක් මේ වන විට ලියාගෙන යනවා.
ඔබට කවදා හරි ඕනෑ නිළියක් වන්න ද ලේඛිකාවක් වන්නද?
ලේඛිකාවක් වෙනවා. ඒ අතරතුරදී හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා. මේ දෙක සමබරව ගෙනියනවා.
ඔබ ලේඛිකාවක් වෙන්න හිතාගෙන ඒ අනුව කටයුතු කරන්නේ නැතුව රංගනයට පිවිසුණේ ඇයි?
රඟපාන්න ඇවිත් ක්ෂේත්‍රයට එකතු වෙලා ඒ ගැන අත්දැකීම් ගන්න මට ඕනෑ වුණා. නිකම්ම නිකම් පිටපත් රචකයෙකු වෙන්නේ නැතුව දැනගෙන වැඩේට බහින්නයි මං හිතාගෙන ඉන්නේ.
ඔබේ ටෙලි නාට්‍ය පිටපත රූපයට නඟන්න හිතාගෙන ඉන්නවාද?
අනිවාර්යයෙන්ම. ඒත් තවම මං ඒක කාටවත් දීලා නැහැ.
නිළියක් විදිහට ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?
ක්ෂේත්‍රයේ රැඳීමම අභියෝගයක්. මොකද දිනෙන් දින අලුත් අය එනවා. ඒ අය අතරේ අපි අපේ දක්ෂතා එළි දක්වමින් ඉදිරියට යන්න ඕනෑ. නැත්නම් අපි ෆේල්.
දිල්හානිගේ ගම කොහෙද?
බලංගොඩ.
නැවතිලා ඉන්නේ?
මහරගම.
ගෙදරින් කැමැති වුණාද ඔබ රඟපාන්න එනවට?
ඔව්. එයාල බැලුවේ මගේ සතුට ගැන.
ඔබේ පවුලේ විස්තර කියමු?
අම්මයි, තාත්තයි, නංගියි.
උපන් දිනය?
1996. 8. 11
මේ වන විට ඔබ පෙම්වතියක්ද?
නැහැ.
ඔබට ආදරේ කරන්න නළුවෙක් ඉදිරිපත් වුණොත්?
ඒ ගැන ගොඩක් හිතන්න වෙනවා.
ඒ යෝජනාව ගැන සලකලා බලන්නේ නැතිද?
ඒක එහෙම වුණොත් බලමුකෝ. මං හිතන්නේ නැහැ එවැනි යෝජනාවක් ඒවි කියලා.
මේ ක්ෂේත්‍රය ගැහැනු ළමයින්ට කතා හැදෙන තෝතැන්නක්?
මං දන්නවා. කට කතාවක් නොහැදුණොතින් තමයි පුදුමේ.
එතකොට හිතෙයි ලේඛිකාවක් විතරක් වෙලා හිටියා නම් හොඳයි කියලා?
අනේ මන්දා. කොහොමටත් මං ඔවැනි කතා බලාපොරොත්තුවෙන් ඉන්නේ.
දිල්හානි කොටට අදින්නේ නැති ද අනිත් නිළියෝ වගේ?
කොටට අඳිනවා. හැබැයි ගොඩක් කොටට අඳිනවා අඩුයි.
නමට හානි වෙයි කියලද?
ඔව්. කොටට අඳින අය දිහා බොහෝ දෙනෙක් බලන්නේ වැරදියට. ඉතින් මං දිහාත් එහෙම බැලුවොත්. ගමන ආරම්භ කරපු ගමන් මගේ නමට හානි වේවි කියලා මට හිතෙනවා කොටට ඇඳපුවාම.
දිල්හානි සිනමාවට ආසද?
ඔව්. ගොඩක් ආසයි. සිනමාවට එකතු වෙන්න අදහස් කරගෙන ඉන්නවා.
වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණොත් මොකද කරන්නේ?
කීයටවත් යන්නේ නැහැ. මවිසින්ම එවැනි චිත්‍රපටවලට නොයනවා කියන වාරණයක් දාගෙන මං ඉන්නේ. මට හානියක් වන චරිතයකට කීයටවත් මං එකතු වන්නේ නැහැ.
සාමාන්‍යයෙන් ඔබ චිත්‍රපට බලනවාද?
ඔව්.
නිකම්ම ඔහේ චිත්‍රපට බලනවාද නැත්නම් අධ්‍යයනයක යෙදෙමින් ද බලන්නේ?
මේ ක්ෂේත්‍රයේ ඉන්න කොට නිරන්තර අධ්‍යයනය ඉතාම වැදගත්. මං චිත්‍රපටයක් බලද්දී වුණත් ඒක කරනවා. අපේ අය ගාව නැත්තෙත් ඒකනෙ.
දිල්හානිගේ උස කීයද?
අඩි පහයි.
නිළියක් විදියට මීට වඩා උස තිබුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?
නිළියක් වුණාම උස තියෙන්න ඕනෑමයි. ඒත් මට තියෙන උස මට ඇති. මොකද මං ලද දෙයින් සෑහීමකට පත්වන කෙනෙක්. මට දෙවියන් ලබා දීලා තියෙන දේවල් ගැන මං තෘප්තිමත්.
දිල්හානි ඉගෙන ගත් පාසල මතක් කළොත් හොදයි?
රත්නපුර ශ්‍රී වලගම්බා මහා විදුහල.
ඔබ විසින්ම ඔබව කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?
ඒකට කලින් කියපු උත්තරේම තමයි දෙන්න වෙන්නේ. දිල්හානි වෙඩික්කාරගේ කියන්නේ දඟ මල්ලක්.
සටහන - ප්‍රසාද් සමරතුංග
සේයාරුව - මාලන් කරුණාරත්න
උපුටා ගැනීම - සරසවිය පුවත්පතින්
breaking news - gossip - Local Gossip - slgossip
මංජුලා කුමාරි. එහෙමත් නැතිනම් පුංචි තිරයේ ඕලු මල. මේ දවස්වල සැඟවිලා. ඊට ප්‍රධානම හේතුව තමයි ඔලිත. ඔලිත කියන්නේ මංජුලාගේ පුංචි පුතා. මංජුලා කුලුඳුලේ මවක් වුණේ මෙයා හින්දා. මංජුලා මේ දවස්වල කිසිම රංගන කටයුත්තකට සහභාගි වෙන්නේ නැතිලු. බබාව තුරුලු කරගත්තු ගමන්ලු ඉන්නේ.
දැන් පුංචි ඔලිතට මාස දෙකක් පමණ වෙනවා. මංජුලාට ඔලිතගෙන් තොර ලෝකයක් නැහැ කියලා අපිට කිව්වා. ඒ වගේම ඔලිත කියන නම ගැනත් යමක් කියන්න ඕනෑ. මංජුලාව අප වඩාත් හඳුන ගත්තේ ෂර්ලි පී. දෙලංකාවලගේ ඕලු නාට්‍යයේ ඕලු විදිහට.
ඉතින් ඇයටත් ඕනෑ වුණාලු ඒ නම තමන්ගේ දරුවට යොදන්න. බබා පිරිමි ළමයෙක් වුණ හින්දා ඕලු කියලා දාන්න බැහැනෙ. ඕලු යන අර්ථය ගෙන එන ඔලිත කියන නම තමයි මංජුලා පුතාට තියලා තියෙන්නේ. බලාගෙන ගියාම අම්මත් ඕලු, පුතත් ඕලු.
breaking news - gossip - Local Gossip - slgossip
ඔන්න දවසක් හවසක තීක්ෂණ අනුරාධ ගෙදරට වෙලා කකුලක් පිට කකුලකුත් දාගෙන ප්ලේන්ටියක් බිබී ඉන්නවලු. එදා විශේෂ වැඩකුත් නොතිබුණ හින්ද ඔහුට හිතුණලු බිරියත් එක්ක ඩිනර් එකක් සඳහා එළියට යන්න. බිරියත් ඉතින් එක නෙවෙයි දෙපයින්ම වැඩේට කැමැති වෙලා. දෙන්නත් එක්ක ෂෝර්ට් ඇන් ස්විට් විදිහට ලැහැස්ති වෙලා වාහනයට ගොඩ වුණාලු. ඒත් දැන් කොහෙටද යන්නෙ කියලා තීරණයක් නැතිලු.
අපි අද චයිනිස් එකකට යමු වෙසකටත් එක්ක.
තීක්ෂණ, තීක්ෂණ මොළෙන් හිතලා කියපු දේට බිරියත් හා කියලා. ඉතින් මේ රියල් ඩබල අමුතුම චයිනීස් රෙස්ටොරන්ට් එකකට රිංගලා චයිනිස් කිව්වට ඒක චයිනීස්ම නෙවෙයිලු. ලෝකයේ රටවල් ගණනාවක ආහාර වර්ග එතැන තියෙනවලු. තීක්ෂණ ආව ගමන් වේටර් කොලුවෙකු දුවගෙන දුවගෙන ඇවිල්ලා මෙනු එකක් දීලා. තීක්ෂණ ඒකේ උඩ ඉඳන් පහළටයි පහළ ඉඳන් උඩටයි කියවලා ජීවිතේට නොකාපු කෑමක් ඕඩර් කළාලු. විනාඩි ගණනක් ඇතුළත ඒ ආහාරය තීක්ෂණට ලැබිලා. හැබැයි ඒක එවලෙ උයපු පාටක් පෙන්නත් නැතිලු. කෑම එකත් ටිකක් අමුතුම හින්දා වටපිට බලලා ඒකෙන් පොඩ්ඩක් කටට දාගෙන. එතකොට තමයි තීක්ෂණට තරු පෙනිලා තියෙන්නේ. ඒක පිසපු ආහාරයක් නෙවෙයි. අමු එළවලු සහ අමු මාළුවලින්ලු ඒක හදලා තියෙන්නේ.
ඒක කාලා බඩේ අමාරුව හදාගෙන ඉස්පිරිතාලෙ ලගින්න අකැමැති නිසා මේ දෙන්නා වේටර් කොලුවා ලවා ඒක පාර්සල් කරගෙන. ගෙදර ගිහින් ගෙදර සුරතල් බල්ලට දෙන්නයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. කොහොම හරි වෙච්ච දේ කාටත් නොදැනෙන්න හීන්සීරුවේ දෙන්නා චයිනීස් කඩෙන් මාරු වෙලා. එන ගමන් පොඩි කඩේකින් රාත්‍රී ආහාර වේල අරගෙන. ඒක නෙවෙයි නියම කතාව. අර කෑම එක ගෙදර ආව ගමන් තීක්ෂණ බල්ලට කන්න දාලා. පුදුමෙ කියන්නෙ බල්ලාවත් ඒක කාලා
breaking news - gossip - Local Gossip - slgossip
උදාරි වර්ණකුලසූරිය විවාහක රූ රැජන ලෙස අභිසෙස් ලැබුවා කියන කාරණය මේ වන විට අමුතු ආරංචියක් නෙවෙයිනෙ. ඒ ගැන උදාරිට ආදරය කරන හැමෝම දන්නවා. රූ රැජන කිරුළ දිනලා ඇය මුලින්ම ගිහිල්ලා තියෙන්නේ තමන්ගේ තාත්තා ළඟට.
මොකද කොයි කාටත් වැඩියෙන් උදාරි රූ රැජන තරගයට යවන්න ඇයව උනන්දු කරලා තියෙන්නේ ඇගේ පියා. උදාරි නම් කියන්නේ තාත්තාගේ ප්‍රාර්ථනාවන් බොහොමයක් ඉටු කළා කියලා. කොහොම හරි විවාහක රූ රැජන තරගාවලිය හින්දා උදාරි බොහොමත්ම කාර්යබහුල වුණා. රංගනය පවා සීමා කළා.
දුවපු දිවිල්ලේ හැටියට උදාරිට හරිම මහන්සියිලු. මේ දිනවල ඇය ගෙදරටම වෙලා රෙස්ට් කරන බවයි දැනගන්නට ලැබෙන්නේ. උදාරි රූ රැජන කිරුළ දිනනවා බලන්න ඇගේ සැමියා සුජිත් තකහනියක්ම සිංගප්පූරුවේ සිට ඇවිල්ලා.
ඇය කිරුළ ලබාගත් සැනින් අනෙක් අතට ඔහු නැවතත් සිංගප්පූරුවට ගිහින්. උදාරි බිනරමලී නාට්‍යයේ රඟපාන්නේ අංගම්පොර සටන්කාරිණියක් හැටියටයි. එහි රඟපානවා දැකපු ගොඩක් දෙනෙක් උදාරිට ප්‍රශංසා කරනවාලු. මොකද ඒකාකාරී රංගනයෙන් මිදිලා ඇය වෙනස්ම චරිතයක් බිනරමලී හි රඟපාන හින්ද වෙන්න ඇති.

රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවළගේ වැඩිමහල් දියණිය වන නව පරපුරේ ගායිකා රයිනි චාරුකා ගුණතිලක ඇමරිකාවේ විවහා ගිවිසගෙන ඇති බව වාර්තා වෙයි.ඇයගේ අත ගත් පෙම්වතා අකිල වන අතර ඔහු රූකාන්ත ගුණතිලක මහතාගේ සංගිත කණ්ඩායමේ කටයුතු කරන අතර තුර ආදර සම්බන්ධය ඇතිවු බව රයිනි පවසනවා.
මේ අතර රයිනි ගුවන් නියමුවරියක විමේ අදහස මදකට පසකට දමා ඇති බව පවසන අතර තම විවහා මංගළ උත්සවය අනිවර්යයෙන්ම ලංකාවේ ගන්නා බව ඇය පවසා සිටිනවා.
තවද තම පෙම්වතාත් සංගිත ක්ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක් නිසා සාර්ථක ජිවිතයක් ගතකල හැකි බව ඇය පවසන අතර සියලූ දේ දෙමාපියන්ගේ ආශිර්වාදය මැද සිදු වන බව ඇය වැඩි දුරටත් පවසා සිටිනවා.

breaking news - gossip - Local Gossip
මෙදා පාර හිතමිතුරු සුළඟ හමාගෙන ගියේ ආදර දෑසක් ටෙලි සිත්තමේ රූගත කිරීම් අතරතුරදී. ආදර දෑසක් ෂූටින් අතරතුරේ උදාරි, අමිලට පුංචි ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරලා. මෙදා පාර හිතමිතුරු සුළඟට උදාරි, අමිලගෙන් අහපු ප්‍රශ්න පත්‍රය ගැන අපිට පැවසුවා. අපි ඒ ප්‍රශ්න කිහිපයට පිළිතුරු දෙන්න කියලා අමිලට යෝජනාවක් ගෙන ආවා. ඒ යෝජනාව අමිල මගහැරියේ නැහැ. අන්තිමේ උදාරිගේ ප්‍රශ්න පත්‍රයට අමිල මෙලෙස පිsළිතුරු ලබාදුන්නා.
මාත් එක්‌ක රඟපෑමේදී අපහසුතාවට පත්වෙනවාද?
අනේ නැහැ. එහෙම කිසිම අපහසුවක් ඇතිවෙන්නේ නැහැ. මොකද මම ඔයත් එක්‌ක වැඩකරලා තියෙනවා.
එතකොට ආදර දෑසක් රූගත කිරීම්වලදී ආසාවෙන්ම මාත් එක්‌ක කරපු සීන් එක මොකක්‌ද?
ඇයි ඔයාට අමතකද?.
ඔව් අනේ... කියන්නකෝ බලන්න.
ඔයා ගෙදරින් පැනලා යන දර්ශනය මතකද. ඒ දර්ශනයේ දී මට ඔයාව ආපහු පාරේදී හමුවෙනවා. මම එතැනදී ඔයාට බණින දර්ශනය. එදා මම ඔයාට බැන්නේ ඇත්තටම වගේ.
රඟපෑමේදී මගේ දකින අඩුපාඩු මොනවාද?
කියන්න තරම් ලොකු අඩුපාඩුවක් නැහැ. ඒත් ඔයා දර්ශන තලයේදී පෞද්ගලික දේවල් ප්‍රසිද්ධියේ කියන්න යන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඒක මට විතරක් නෙමෙයි හැමෝටම ඇහෙනවා. හැබැයි ඒතරම් ගණන් ගතයුතු කාරණාවක් කියලා හිතන්න එපා.
මගේ අකැමැතිම ගතිගුණය මොකක්‌ද?
ඇත්තටම එහෙම කියන්න තරම් අකමැති ගතිගුණ ඔයා ළඟ නැහැනේ.
අඳින්න කැමැතිම ඇඳුම ?
ටී ෂර්ට් එකයි, කැප් එකයි බොටම් වගේ කලිසමයි.
එතකොට ආසම ගීතය?
ගීත නම් කිහිපයක්‌ම තියෙනවා. මම ගොඩක් පැරණි සිංහල සහ හින්දි ගීතවලට තමයි කැමැති.
ඔයා ජීවිතයේ වැඩිපුරම සතුටුවෙන්නේ මොනවගේ කාරණාවලින්ද?
ගොඩක් සතුට ලබන්නේ මට කරන්න ඕනෑ දෙයක් කරන්න පුළුවන් වුණ දවසට.
කැමැතිම ක්‍රීඩාව?
ක්‍රිකට්.
ජීවිතයේ එක් වරක් ඉල්ලන්න වරමක් ලැබුණොත් මොකක්‌ද ඉල්ලන්නේ ?
මට මේ තියෙන රූපයෙන්ම පිරිමියෙක් විදිහට ඉපදිලා ඉන්දියාවේ හෝ ඇමරිකාවේ දී නළුවෙක් වෙන්න ලැබිලා මට මගේ බිරිඳවත් ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම මගේ වටපිටාවේ සිටින ඊර්ෂ්‍යාකාරයෝ නොලැබේවා කියලයි. අනික හොඳ මිනිස්‌සු ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
ආපහු මාත් එක් වැඩකරන්න ලැබුණොත් වැඩකරනවාද?
කිසි ප්‍රශ්නයක් නැහැ. මම භාරගන්නවා.
ළඟකදී බිරිඳව බලන්න ගියේ නැතිද?
හැම මාසයේම යනවා. ගිය සතියෙත් ගියා.
බිරිඳගේ කැමැතිම ගතිගුණය කියන්න බැරිද?
එකක් කියලා නැහැ. මට හැම පැත්තෙන්ම සියයට පන්සියයක් ගැලපෙනවා. ඒකනේ මම ඇයව බිරිඳ කරගත්තේ.
එතකොට බිරිඳගේ නරකම ගතිගුණය කියන්නකෝ... ?
පැණි රස කන එක තමයි මට රුස්‌සන්නේ නැත්තේ. මම හැමදාම කියනවා පැණිරස කන්න එපා කියලා.
රූගත කිරීම්වලදී ඔයාට සිදුවුණ අමතකම නොවන සිදුවීම මොකක්‌ද?
ඔයාට කියන්න තරම් ලොකු සිදුවීම් නැහැ. අනික එක එක නිෂ්පාදනවලදී පොඩි පොඩි සිදුවීම් තියෙනවා. ඒවා ඒතරම් ගණන්ගත යුතු දේවල් නෙමෙයි.
විනෝදාංශය එහෙම?
එකක් කියලා නැහැ. පැරණි ගීත අහනවා. ත්‍රාස ජනක චිත්‍රපට බලනවා. පරණ ක්‍රිකට් තරග වැඩබලනවා.
ඇත්තද ටෙලිනාට්‍ය බලන්නේ නැහැ කියන්නේ ?
ඔව් අනේ. මම ටෙලිනාට්‍ය නම් බලන්aaනේම නැහැ. අනික රූපවාහිනිය නරඹනවාත් අඩුයි.
දැන්ම දරු සුරතල් බලන්න කැමැති නැතිද?
මොකටද අකමැතිවෙන්නේ. ඊළඟට අපි සූදානම් වෙන්නේ ඒ කටයුත්තට තමයි.
පුතෙකුටද ? දුවෙකුටද කැමැති ?
එහෙම කියන්න බැහැ. දෙවියන්වහන්සේ දෙන ඕනෑම දෙයක් භාරගන්න එපායෑ. පුතෙක් ලැබුණත් එකයි දුවෙක් ලැබුණත් එකයි.
ජීවිතයේ ගත්තු වැරදිම තීරණය ?
මම ඔයාට කියන්න තරම් මෑත කාලයේ ලොකු වැරදි කරලා නැහැ. පුංචි කාලේ නම් පුංචි කමට කරපු වැරදි වැඩ තියෙනවා. ඒවා ඉතිං ඒ තරම් ගණන් ගත යුතු දේවල් නෙමෙයි. අනික මම දැනුම් තේරුම් ඇතිකාලේ පටන් වැරදි තීරණ අරගෙන නැහැ.
ඇත්තද වැඩිය යාළුවෝ ආශ්‍රය කරන්නේ නැහැ කියන්නේ ?
මට යාළුවෝ ඉහේ කෙස් ගාණට සිටියා. හැබැයි ඒ හැමෝම ඉන්නේ සැපට විතරයි. දුකට නැහැ. තවත් ගොඩක් අය අපි නැගිටින කොට කකුලෙන් ඇදලා බිමට දාන්න හදනවා. ඒක හින්දා ඒ වගේ මිතුරන් මම පැත්තකට දාලා තියෙන්නේ. මටත් යමක් ඉගෙන ගන්න පුළුවන් පිරිසක් තමයි දැන් ඇසුරු කරන්නේ.

source - Divaina
breaking news - gossip - Local Gossip - slgossip
නොවැම්බර් මස 18 වැනිදා පැවැත්වීමට නියමිත සංචාරක බ්ලොග්කරුවන්ගේ ආසියාවේ පළමු සමුළුවට සහභාගී වීම සඳහා ලොව විවිධ රටවලින් බ්ලොග්කරුවෝ මෙරටට පැමිණ තිබෙනවා.
මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ වෘත්තීය බ්ලොග්කරුවන්ගේ සංගමය සමග එක්ව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් විසින්.
මෙහි ඇති අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය , ආගන්තුක සත්කාරය ලොවට ගෙනයාමයි.
මෙරටට බ්ලොග්කරුවෝ 46 ක් මේ වන විට පැමිණ තිබෙනවා. ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවෝ අද පා පැදි වල නැගී පොළොන්නරුවේ එයිතිහාසික සිද්ධස්ථාන රැසක් නැරබීමට පැමිණි අතර ඔවුන් ඒවායේ චායරුප ගත කිරිමද සිදුකළා.

breaking news - foreign gossip - gossip
Subscribe to:
Posts (Atom)