මම චාරුක රූපසිංහ ,මම පාසල් අධ්‍යාපනය ලැබුවේ ගලහිටියාව ජාතික පාසලෙන්. කුඩා කාලෙදිම ඉඳලා සංගීතමය හැකියාවන් තිබුණා. සමස්ත ලංකා දහම් පාසල් පද්‍ය ගායන අංශයෙන් ප්‍රථම ස්ථානත් ලබාගෙන තියෙනවා. ඉන් පසුව ග්‍රාමීය වශයෙන් පවත්වන සංගීතමය වැඩ සටහන්වල මුලික ස්ථාන ලබාගත්තා.
සාමාන්‍ය පෙළ සංගීත අද්‍යාපනයේ විශිෂ්ට සමර්ථ ලබාගෙන ඇත. එමෙන්ම පාසලේ පවත්වන විවිඩ සංගීතමය වැඩ සටහන් වල ප්‍රථම ස්ථානයන් ලබාගෙන ඇත.එන් පසුව සංගීත දිවියට ඇරඹුමක් වශයෙන් සංගීත විශාරද හැදෑරීම මේ දිනවල කෙරෙනවා.
රුපවාහිනී මගින් පවත්වනු ලැබූ srilankan life සංගීතමය වැඩසටහනේ අවසන් 100 තේරුණා
දැනට තනි වූ සිත යන ගීතය ආදරණිය රසිකයන් වෙත දායාද කරලා ඇත. එම ගීතයේ පදරචනය මගේම පදරචනයක් ...
දැනට ශ්‍රිලන්කික සංගීතයේ නව රටාව අනුව විරහව වේදනාව දෙසට වැඩි නැබුරු තාවයක් දක්වනවා . විරහ වේදනාවත් වෙලාවකට සුන්දර දෙයක් ..තරුණ සිත් වලට වැඩි නැබුරු තවක් මේ ගීතය සතු වෙනවා .
මෙහි සංගීත අධ්‍යක්ෂණය කලේ තරුණ සංගීත අධ්‍යක්ෂකයකු වන රුමේෂ් ලියනගේ සංගවේදියා ඔහු නව රටාවට මෙම සංගීතය එකතු කිරීමක් කලා ..
තවත් මගේ ගීතයන් 3ක් ඉදිරියේදී ආදරණිය රසිකයාට දායාද කරන්න සියල්ල සුදානම්.
මල්වරුසාවක්
මෙහි පදරචනය මගේ ..සංගීතය ජයලත් වටවල ප්‍රවීණ සංගීතවේදියනන්ගේ
සිහින සිතුවම්
මෙහි පදරචනය තරිදු අමිල නම් තරුණ පදරචකයෙක් ...සංගීතය රන්ජ්ත් ඩයස් නම් ප්‍රවීන සංගීතවෙදියනන්ගේ සංයෝජනයක්
ඔබ සදක් වෙන්න
මෙහි පදරචනය ප්‍රවීන විශාරද හේම ශ්‍රී අමරසිංහ මහතාණන්ගේ පද රචනයක් එමෙන්ම සංගීත සංයෝජනය ඔහු සතු වේ ..
ඉදිරියේදී මෙම ගීතයන් කිහිපය ආදරණිය අසන්නන්ට හැකිතාක් ඉක්මනට රසවිදීමට සලස්වනවා ..
විරහ ගීතයට වැඩි නැබුරු තවක් දක්වන මා එහි ගැබුරු අර්ථය සරලව ප්‍රේක්ෂක එන් වෙත රසවිදීමට සලස්වන්න මගේ උපරිම හැකියාවෙන් උත්සහ කරනවා . ඉදිරියටත් මගේ ආදරණිය රසිකෙන් මා සමගම ඉදිවී කියල මම විශ්වාස කරනවා.
තනි වූ සිත
|
breaking news - download - New Release
ඩිලුක්ෂි මාරසිංහගේ නවතම ගීතය වන ඔය පුංචි ඇස් දෙකට ගීතය දැන් රූ රේඩියෝවෙන් ඔයාලට අහන්න පුළුවන්. ඒ වගේ ඇයගේ වාරේ සුළඟේ සංගීත තැටියේ අඩංගු සම්පූර්ණ ගීතම ඔබට අපගේ රේඩියෝවෙන් ශ්‍රවණය කළ හැකිය. එසේම ඒ සෑම ගීතයක්ම ඩවුන්ලෝඩ් කර ගත හැකියාවත් ඔබ සතුය.
මෙම ඔය පුංචි ඇස් දෙකට ගීතය සංගීතය චන්දන වල්පොලගෙනි. ගීතයේ පද රචනාව මලිති මදාරාගෙනි. ගායනය ඩිලුක්ෂි මාරසිංහගෙනි.
| ඔය පුංචි ඇස් දෙකට | ||
| වාරේ සුළඟින් | ||
| සිකුරු යෝග | ||
| අමුතු හිනා |
breaking news - download - New Release
ඇය කවීශා සාරංගි. මා තනිවෙලා කියන ගීතයත් සමග ගායන ලෝකයට පිවිසෙන ඇය මේ වන විට ගීත හතරක් රසිකයන්ට දායද කොට තිබෙනවා.තවමත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුවියක් වන කවීශා මේ වන විට ඇයගේ අලුත්ම ගීත තරහද මන්දා නමින් රසිකයන්ට ඉදිරිපත් කර තිබෙනවා. ඉතින්
රූ රේඩියෝ අපි කල්පනා කළා ඇයගෙන් අලුත් විස්තර සොයා බැලීමක් කරන්න. ඒ වගේම
ඔයාලාට පුළුවන් ඇයගේ ගීතහතරම අපගේ රේඩියෝවෙන් රස විඳින්න. මේ ඇයගේ කතාව
ඇයගේම වචනවලින්.......
මම
කවීශා සාරංගි. මගේ ගායන ජීවිතයේ ආරම්භය පටන් ගන්නේ "මා තනිවෙලා" කියන
ගීතයෙන්. එය මාගේ යහළුවෙක් වන නලීන් ජයවර්ධන සමග ගායනා කළේ. එහි සංගීතයද
ඔහුයි. පද සජිත් චතුරංග මල්ලිගෙන්. ඉන් පසු මම ගීත 2ක් කලා නවරත්න ගමගේ
මහත්මයාගේ සංගීත සංයෝජනයත් සමග. එහි "ඔබ ඈගෙ වීලා" ගීතයෙ පද සජිත් මල්ලි
ගෙනුත් "අත්තටු මාගේ නැත වැඩිලා" යන ගීතය ලෙස්ලි රත්නසිරි හෙවත් මගේ
පියාණන්ගේ පද සංකල්පනාවක් වුණා. මගේ මුල් ගුරුවරයා වන්නේ විශාරද දමයන්ති
ජයසූරිය මහත්මියයි. ඇයගේ සහය මට නිබඳවම ලැබෙනවා.
"මගෙ
පාසල මොරටුව වේල්ස් කුමරි විදුහල. එහි රමණි ප්‍රනාන්දු ගුරුතුමිය ( බටහිර
සංගීත ) හා හිටපු රාණි ෆොන්සේකා ආදරණිය ගුරුමෑණියන් මම මගෙ සංගීත ජීවිතයේදී
බෙහෙවින්ම සිහිපත් කල යුතු චරිත දෙකක්. ඒ වගේම මගේ ආදරණීය ගුරුවරු දෙදෙනා
වන අමරසිරි මුණසිංහ ගුරුතුමා සහ නන්දසේන කටුවාවල ගුරුතුමාවත් බොහෝ සෙයින්
සිහිපත් කල යුතුයි. මෙම ගුරුවරු සියලු දෙනා මගේ සංගීත ජීවිතයේ දැවැන්ත
චරිතයි. "
එම
ගීත 3න් පසුව මෑතකදී "තරහද මන්දා" යන ගීතය නිමේශ් චාමික අයියාගේ සංගීත
සංයෝජනයත් සමඟ කලා. එහි පද සඳුන් පෙරේරා මල්ලීගෙන්. නිමේශ් අයියා ගැනත්
සිහිපත් කල යුතුයි මගේ සංගීත ජීවිතයේදී. ඔහුත් මගේ ගුරුවරයෙක් වන නිසා. මේ
දවස්වල "තරහද මන්දා" යන ගීතයේ රූප රචනාවට ලැහැස්ති වෙන ගමන් සහ පාඩම් වැඩ
කටයුතුත් සමග කාලය ගත කරනවා.
මම සෞන්දර්ය විශ්ව විද්‍යාල සිසුවියක්. එහි යහළු යෙහෙලියන්ගෙන් ලැබෙන සහයත් උපරිමයි.
අනාගතයේ ඇති එකම බලාපොරොත්තුව කාටත් කරදරයක් නොවී සතුටින් සංගීතයත් සමගම කාලය ගත කරන්න සහ හොඳ නිර්මාණ රැසක් එළි දැක්වීමට..
| මා තනිවෙලා | ||
| ඔබ ඇගේ වීලා | ||
| අත්තටු මගේ නැත වැඩිලා | ||
| තරහද මන්දා |
breaking news - download - New Release
Subscribe to:
Posts (Atom)






